ස - හසසවත්‍ථුව
මේ නම ඇති පොතේ කථා 95 ක් තිබේ. එබැවින් එය සිහලවත්‍ථුවට වඩා තරමක් විශාලය. ස - හස්සත්‍ථුව සීහළවත්‍ථුවට පසුව සම්පාදිත වූවකි. එහි ව්‍යාකරණදෝෂ බොහෝය. සීහළවත්‍ථුවේ එක් පිටක සදොස් තැන් දෙකක් තිබේ නම් ස - හස්සත්‍ථුවේ එක් පිටක සදොස් තැන් දශයක් දොළසක් සෙවිය හැක. රසවාහිනිය සම්පාදිත වූයේ මේ ස - හස්සත්‍ථුව සකස් කිරීමෙනි. රසවාහිනිය සම්පාදිත වූ පසු “සද්ධර්මාලංකාර” නමැති සිංහළපොතට ඒ කථාවස්තු ගන්නා ලදි. ස - හස්සත්‍ථුව ඉතා කෙටියෙන් දැක් වූ කථා රසවාහිනියෙහිදී තවත් විස්තර යොදා විශාල කොට තිබේ. ස - හස්ස (=සහාස) වත්‍ථුවෙ තත්ත්වය දැන ගැනීම සඳහා එයින් කථා කීපයක අනුවාදය මෙහි දක්වනු ලැබේ.
1. සද්ධාතිස්ස ඇමතියාගේ කථාව
ලක්දිව සද්ධාතිස්ස මහරජු රාජ්‍යය කරන කල්හි “සුලුන්නරු” ගම*[28] වැසි තිස්ස නමැති ඇමතියෙක් අනුරාධපුරයට අවුත් රාජසේවය කොට තමාගේ නිවසට හැරී යන්නේ තාලචතුක්ක*[29] (=තල්ගස් හතර) නමැති තැනකදී සුදර්ශනප්‍රදහනඝරයෙහි*[30] නිවැසි පිණ්ඩපාතික තිස්ස තෙරුන් දැක උන්වහන්සේගේ පාත්‍රය රැගෙන සිය නිවසට ගොස් ආහාර නොලැබ තමා අත තිබුණු කහවණු අටක් දී බත් මුලක් රැගෙන යන මිනිසෙකුගෙන් එය රැගෙන පිණ්ඩපාතය දුණි. තෙරනම කරුණු සලකා විදසුන් වඩා රහත් වී ඒ බත වැලඳුවේය. එය දුටු රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා සාධුකාර දුණි. රජතෙම ඒ ඇමතියා ද ඔහුගේ මවුපියන් ද කැඳවා ඔවුන්ට වඩමන් නුවර බත්ගම් වශයෙන් දුන්නේය.
ඉන්පසු කලක “පිටුවල” නම් තැන කඳවුරක් සාදවන කල්හි ජලය දුර්ලභ විය. එකල්හි දෙවිවරු ඔහුට ඉබේ හටගත් විලක් පෙන්නූහ. ඒ විලෙන් පැන් කළයක් ගෙනාවිට ඇමතිතෙමේ කාලඝෝෂා කරවා එතැනට පැමිණි තිස් දහසක් භික්‍ෂූන්ට පැන්දීම කෙළේය. රජුගේ ඡත්‍රයෙහි අධිගෘහීත දේවතාවා නැවත සාධුකාර දුණි. එවිට රජතුමා ඔහු කැඳවා කොටදොර[31] “අන්තරගංගා” නම් තැන ඔහුට නින්දගම්කොට දුණි. එක් දිනක් ඇතුළුගං (=අන්තරගඟ) බලා යන ඇමතියා මොනර මස් කනු කැමති විය. පිරිවරෙහි වූ මිනිසුන් බොහෝ දෙනාගෙන් විමසූ නමුත් මොනරමස් ලබා ගත නොහැකි විය. දේවතාවෝ එය දැක බොහෝ මොනර මස් පිළියෙළ කොට ඔහුට දුන්හ. හෙතෙමේ සංඝයාට ද දී ඒ මස් අනුභව කෙළේය. එය දැක රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාව සාධුකාර දුණි.
පසු කලක රජතුමාට සෑගිරියට ගොස් මේ ඇමතියා සමඟ එක්ව එහි අම්බස්තලසෑය සිරියල් විලේපනයකින් ආලේප කෙළේය. ඒ ඇමතියා දොළොස්දහසක් භික්‍ෂූන්ට සිරියල් පැහැති සිවුරු පූජා කෙළේය. ඒ භික්‍ෂූන් සිවුරු පොරවා ගෙන මහාසෑය වැඳ බස්නාකල්හි රජ ද ඇමතියා ද බලා සිට ප්‍රීතිමත්ව සෝවාන්ඵලයට පැමිණියහ.
2. ඵුස්සදේව මහතෙරුන්ගේ කථාව
ඵුස්සදේවතෙරුන්ගේ කථාව සිහළවත්‍ථුවේ සවෙනි කථාවයි. එහි නැති විස්තරයක් ස - හස්සත්‍ථුවේ තිබෙන බැවින් නැවත එය මෙහි දක්වනු ලැබේ.
කාළකන්‍දරවිහාරවාසී[32] ඵුස්සදේව තෙර නම් සද්ධාතිස්ස මහරජුගේ සොහොයුරියකගේ පුතෙකි.[33] හෙතෙම මුලදී ඵුස්සදේව නමැති ඇමතියෙක්ව සිටියදී තමාගේ දේවිය වූ සුමනාදේවිය සමඟ ගිරිගමට පැමිණ එහි වසන්නේ ඇත්කුස (=හත්‍ථිකුච්ඡි) විහාරය රම්‍යයයි ද ප්‍රතිපත්තිධර භික්‍ෂූහු වෙසෙත් යයිද අසන්නට ලැබී එහි ගොස් මහා දන් දී හත්‍ථිකුච්ඡිවිහාරයේ චෛත්‍යයට පූජා පවත්වා භික්‍ෂුසංඝයා කෙරෙහි සිත පහදවා ගෙන ආසන හා ලෙන් පිහිටි ආකාරය බලා සස්නෙහි පැහැද ගිහියෙන් නික්ම පැවිදිවෙනු කැමතිව ඒ විහාරයෙහි විසූ මහාදේව තෙරුන් සමීපයෙහි පැවිදි විය. ඔහු උපසම්පන්න කළ තෙරනම ඔහුට රහත් බව ලැබීමට හේතු සම්පත් ඇති බව දැක කමටහනක් දී “යම් ලෙණක ආවාසියකු ඇත්නම් එහි වාසය කරව” යි කියා පිටත් කෙළේය. හෙතෙම උපාධ්‍යායන් වැඳ එයින් නික්ම පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ කටකන්‍දරවිහාරය[34] පිහිටුවිය යුතු ස්ථානයට පැමිණ එක් රැයක් කටකන්‍දර ගංතෙර පිහිටි මයිලගසක් මුල[35] වැලි ගොඩක විසීය.
ඒ ගසෙහි උපන් දේවතාවා පසුදා තෙරුන්ට මුවදෝනා පැන් හා දහැටි දඬු දී “කටකන්‍දරගමෙහි පිඬු පිණිස හැසිරෙනු මැනවැ”යි කීය. තෙරනම සිරුර පිළිදැගුම් කොට එගමෙහි පිඬු පිණිස හැසුරුනි. දේවපුත්‍රයා කලින්ම එගමට ගොස් “ඵුස්සදේව තෙරනම පිඬු පිණිස වඩින්නේය; කැඳ බත් ආදිය පිළියෙල කරව්” යයි උද්ඝෝෂණය කෙළේය. ගම් වැසියෝ තෙරුන්ට කැඳබත් ආදිය දී, අවස්හි තෙරුන්ගේ ප්‍රතිඥාව ගෙන කටකන්‍දරගඟ සමීපයෙහි විහාරයක් ගොඩ නංවා තෙරුන් එහි වාසය කර වූහ. එතැන් පටන් ගමට පිඬු පිණිස වඩින තෙරුන් දැක අතරමග කුඹුරු සීසාන මිනිස්සු ගොනුන් අතහැර තෙරුන් වැඳීමට මග දෙපසට ආහ. ඒ විවේකය නිසා තෙරුන් කෙරෙහි සිත් පහදවා ගත් බොහෝ ගොන්නු මරණින් මත්තෙහි දෙව්ලොව උපන්හ. (මෙහි ඉතිරි කොටස සීහළවත්‍ථු අනුවාදයේ දැක්වූ කථාවට සමානයි.)
3. ඉන්‍දගුත්ත මහ තෙරුන්ගේ කථාව
ධර්මාශෝකාධිරාජයන් රාජ්‍යයට පැමිණි පසු දඹදිව අසූහාර දහසක් නගරවල රජවරු ඒ මහ රජු වෙත පැමිණ උපස්ථාන කළහ. දේවපුත්‍ර නගරයේ දේවපුත්‍ර රජ ද තමාගේ පිරිවර සේනාවන් සමඟ අවුත් ඒ මහ රජු බැහැ දැක්කේය. දහම්සෝ මහ රජ ඒ රජු හා පිළිසඳර කතා කොට ඒ පෙදෙසෙහි සිල්වත් ගුණවත් බහුශ්‍රැත තෙරවරු වෙසෙත්දැයි විචාළේය. එවිට දේවපුත්‍ර රජ “මහරජාණෙනි, සීහකුම්බක[36] නම් විහාරයෙහි දහස් ගණන් සිල්වත් ගුණවත් භික්‍ෂූහු වෙති. ඒ භික්ෂූන් අතරෙහි ත්‍රිපිටකය හා අටුවා දරන්නා වූ අතිව්‍යක්ත වූ එසේම ශීලාදිගුණයෙන් යුත් ඉන්‍දගුත්ත නම් මහතෙරනමක් වේ යයි කීය. ඒ තෙරුන් දකිනු කැමති වූ දම් සෝ නිරිඳු තෙමේ “ඔබම ගොස් ඒ තෙරුන් වඩම්වා ගෙන ආව මැනවැ”යි කීය.
එවිට දේවපුත්‍ර රජ සියරටට ගොස් ඉන්‍දගුත්ත තෙරුන් වෙත පැමිණ දහම්සෝමභරජුගේ ආරාධනාව දැන්වීය. තෙරුන් ආරාධනාව පිළිගන්ට කැමති බව දැන්නූ විට දේවපුත්‍ර රජ නැවත පාටලීපුත්‍රයට ගොස් ඒ කාරණය අධිරාජයන්ට දැනුම් දුණි. අධිරාජතෙමේ සතුටට පත්ව තමාගේ ආඥාව පවත්නා ප්‍රදේශයන්හි වසන රජවරුන්ට තෙරුන් වඩින මග සකස් කරන්ට නියම කළේය. දේවපුත්‍ර නගරයේ සිට පාටලීපුත්‍රයට දුර යොදුන් පණස් පහක් විය. ඒ තාක් පෙදෙසෙහි වූ මාර්ගයේ සමනොවූ තැන් සමකොට සුදුවැලි අතුරා තැනින් තැන තොරන් නංවා මලින් සැරසූ කණු හා ධ්වජයෙන් සැරසූ කණු සිටුවා, දෙපැත්තෙහි සිත්තම් කළ බිත්ති නංවා, තැනින් තැන ලැගුම් ගෙවල් ද පිලී ගෙවල් ද කරවූහ. මග දෙපස රඹ තොරන් නංවා පුන්කලස් තබ්බවා නෙලුම් - මහනෙල් පැල සිටුවා තැනින් තැන රන් අබරණින් සැරසූ සුදු කොඩි ගත් ඇතුන් හා අසුන් නවතා එ අතරෙහි පඤ්චාංගිකතූර්‍ය්‍ය වාදනය කරන වාදකයන් හා නැට්ටුවන් හිඳුවා, දිව්‍යකන්‍යාවන් බඳු ස්ත්‍රීන්ට දුම්කබල් හා පන්දම් ගන්ට සලස්වා මෙකී නොකී නොයෙක් ආකාරයෙන් මාර්ගය සරසා චන්‍ද්‍රාගා නම ගඟ පළලින් යොදුනක් හා ගැඹුරෙන් තුන් ගව්වක් පමණ වූ බැවින් එහි පාලමක් සෑදවීම තමන්ට නොකළ හැකි බැවින් ඒ කාරණය ධර්‍මාශෝකාධිරාජයන්ට දැන්නූහ.
අධිරාජ තෙමේ එහි පාලමක් සැදීම පිණිස යක්‍ෂයන් සොළොස් දෙනෙකුන් යැවීය. ඒ යක්කු*[37] එහි ගොස් ගඟ පතුලේ ගල්පුවරු තබා ඒ මත්තෙහි කණු බැඳ බාල්ක ගසා පළමුවෙන් තාවකාලික පාලමක් සාදා හිමාලය පර්වත පාදයට ගොස් අනෝතත්තවිල සමීපයෙහි හටගත්, සතරඟලක් පමණ කොටසක් රන්කාසි අමුණු හයක් වටිනා, රත් සඳුන් හර ගෙනවුත් අතුරා දෙපස රුවන්තොරන් නංවා රතු පැහැති අත්වැලක් පිහිටුවා මුතුවැලි පිට දිවකුසුම් අතුරා අදිරාජයන්ට ඒ කාරණය දැනුම් දුන්හ. මහරජතුමා තෙරුන් වඩම්වා ගෙන ඒම ඔවුන්ටම භාර කෙළේය. ඔවුන් ගොස් ආරාධනා කළ විට ඉන්‍දගුත්ත මහතෙර සැට දහසක් භික්‍ෂූන් සමඟ ඒ සැරසූ මගට බැස දේවපුත්‍ර රටවැසියන් විසින් සුවඳ-මල්-දුම් ආදියෙන් පුදන ලදුව චන්‍ද්‍රබාගා ගඟ මත්තෙහි වූ ඒ පාලමට පැමිණ “මෙවැනි පූජාසත්කාර ලබන අන්තෙරනමක් දඹදිව නැතැ”යි සිතා මානය උපදවා ගෙන නැවතී සිටියේය. එකල්හි එක් රහත් නමක් මේ තෙරුන්ගේ මානනිශ්‍රිත අදහස දැක “මෙවැනි පූජා සත්කාර ලැබීමට සුදුසු සේ ඔබගේ සිත පිරිසිදු කොට ගෙන සත්කාර කරන්නන්ට මහත් ඵල ලැබෙන සේ ක්‍රියා කළ මැනවැ”යි කීය. එවිට ඉන්‍දගුත්තතෙරනම පාලම අඩ සිටි සැට දහසක් භික්‍ෂූන් දෙස බලා සංඝානුස්මෘතිය උපදවා ගෙන රහත් ඵලයට පැමිණියේය. ධර්මාශෝක මහරජ තෙරුන්ට පෙර ගමන් කොට මහාපූජාසත්කාරයෙන් තෙරුන් පිළිගෙන තෙරුන්ගෙන් බණ අසා පැහැදී මහාවිහාරයක් කරවා තෙරුන් සහිත සැට දහසක් භික්‍ෂූන් එහි නවත්වා මහදන් දුන්නේය. තෙර නම අටුවා සහිත ත්‍රිපිටකය බොහෝ භික්‍ෂූන්ට උගන්වමින් කලක් එහි වැඩ සිට එහිදීම පිරිනිවියේය. රජතුමා එතුමාගේ ආදාහනය කරවා ධාතු ගෙන චෛත්‍යයක් බැන්ඳවීය.
4. තම්බසුමන තෙරුන්ගේ කථාව
සීහළවත්‍ථුවේ 44 වෙනි කථාව තම්බසුමන තෙරුන් ගැනය. එහි ඒ තෙරුන්ට ඇඹුල් කැඳක් දුන් දුගී මිනිසකු ඊළඟ ආත්මයේදී සාතවාහන රජකුලයෙහි උපන් බව කියවේ. ඒ තෙරුන්ගේ මුල් කාලය පිළිබඳ ප්‍රවෘත්ති ස-හස්සවත්‍ථුවේ එන ඒ නමින් යුත් කථාවෙන් දත හැක. හේ මෙසේයි:
ලක්දිව සද්ධාතිස්ස මහරජු රාජ්‍යය කරවන කාලයේ දී එක් රාජපුරුෂයෙන් රාජකාර්යයක් සඳහා “කොට්ටසාල” නම් ගමට ගියේය. එගම්වැසි මිනිස්සු ඔහුගේ දාවල් ආහාරය සඳහා ගිතෙල් සහිත බතක් ගෙනාහ. ඒ අවස්ථාවෙහි පිඬු පිණිස යන එක් භික්‍ෂුනමක් එතැනට පැමිණියේය. රාජ පුරුෂයා තමාට ලැබුණ ඒ ආහාරය භික්‍ෂුනමට දුණි. රාජකාර්ය නිමවා හැරී ගිය පුරුෂයා පසු කලක මිය ගොස් වල්ලවහ නැමති ගමේ[38] පවුලක උපණි. සුමන යන නම් ඇතිව වැඩුණු හෙතෙමේ විවාහයක් කරගෙන වසන්නේ ගිහිගෙයි කලකිරී බ්‍රාහ්මණරාම විහාරයට ගොස් පැවිදි වී “තම්බසුමනතෙර” යයි ප්‍රකට විය. ඒ තෙරුන්ට දොළොස් වස් ඇති කල්හි බැමිණිතියාසාය හට ගත්තේය. තෙරනම තමන් ආශ්‍රය කොට වසන භික්‍ෂූන් අමතා “දඹදිවට යමු”යි කීය. ඒ විහාරයෙහි මහතිඹිරි ගසේ උපන් දේවතාවා තෙරුන් දඹදිව යන්ට සැරසෙන බව දැක “මාගේ ආර්යයන් වහන්සේගේ ආරක්ෂාවත් ආහාරයත් මට බාරය”යි කියා තෙරවරුන්ගේ ගමන වලක්වා දිව්‍යමය ආහාරත් වස්ත්‍රත් තෙරුන්ට දෙන්ට පටන් ගත්තේය. තම්බසුමනතෙරුන්ට දුන් ආහාර හා වස්ත්‍ර පන්සියයක් භික්‍ෂූන්ට සෑහෙන තරම් විය. අවුරුදු දොළසක් ඉක්මී දුර්භික්‍ෂභයාදිය අවසන් වූ විට තෙරනම භික්‍ෂූන් සමඟ ආරාමයෙන් පිට වී චාරිකාවෙහි හැසිරෙමින් අනුක්‍රමණයෙන් කඩරොද නම් ගමට පැමිණියේය. එහි පිඬු පිණිස හැසිර ආහාර ලබාගෙන වැළඳීම සඳහා වාඩි වූ ඇතැම් භික්‍ෂූහු අහස වළාකුළින් ගැවසී හිරු නොපෙනුණු බැවින් වෙලාව ගැන සැක සිතා නොවළඳා හුන්හ.
තෙරනම ගල් කැබැල්ලක් ගෙන අහසට දැමීය. එය හිරු මෙන් ආලෝකය පතුරුවමින් අහසෙහි සිටියේය. එවිට භික්‍ෂූහු දන් වැළඳූහ. එතැන් පටන් ඒ ස්ථානය “මණිසූරිය” (=මින්නේරිය) නමැත්තෙක් විය. තෙරනම එතැනින් නික්ම මහවැලි ගඟ සමීපයේ චුල්ලතවාම[39] නම් ගමේ පිඬු පිණිස හැසිර ගං ඉවුරෙහි වැඩහුන් භික්‍ෂූන් රූක්‍ෂ බතක් වළඳන බව දැක ඇවැත්නි, සුවඳ ගිතෙල් සමඟ බත් අනුභව කළ මැනවැ”යි කියා පෙර භවයේදී තමා භික්‍ෂු නමකට දුන් ගිතෙල් සිහිකොට ගඟ දෙස බැලීය. එවිට වලගම්විහාර තොට පටන් භත්තභුත්තක තොට[40] දක්වා යොදුනක් තැන්හි ජලය සුවඳ ගිතෙල් බවට පත්විය. භික්‍ෂූහු එයින් ගිතෙල් ගෙන බත් හා අනුභව කළහ. ඒ ප්‍රවෘත්තිය ඇසූ අවට ගම්වල මිනිස්සු කල-මුට්ටි ආදී භාජන ගෙනවුත් ගිතෙල් පුරවා ගෙන ගියහයි කියත්.
5. සංඝ ඇමතිගේ කථාව
(භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව සීහළවත්‍ථු අනුවාදයේ 102 වෙනි පිටේ සිට දැක්වේ. එහි විස්තර වශයෙන් කියවෙන්නේ ඒ ඇමතියාගේ බිරිඳ බවට පත් කුමරිය ගැනයි. ඇමතියාගේ මුල් කාලය පිළිබඳ ප්‍රවෘත්ති ස-හස්සවත්‍ථුවෙන් ගෙන මෙහි දක්වනු ලැබේ.
ලක්දිව මාගම විසූ එක් ඇමතියෙකුට උත්තමරූපධර දුවණියක් ලැබුණි. ඇය පයින් යන කාලය පැමිණි විට පුතෙක් ලැබුණි. ඕ හට සංඝ යයි නම තැබූහ. ඒ කුමරු සත් හැවිරිදි කල්හි පියතෙමේ මරණාසන්නව දෙටු දියණිය තමන් වෙත කැඳවා පුත්‍රයාගේ අත ඇගේ අතෙහ තබා “මාගේ පුතා වැඩිවියට පැමිණි පසු මේ දේවල් දෙව”යි කියා තමා හැඳි ලක්ෂයක් වටිනා වස්ත්‍ර යුග්මය ද තමාගේ කඩුව ද මහසිරිය (=කිරිච්චිය) ද බාර දී මළේය. එකුමරු දොළොස්හැවිරිදි වියට පැමිණි කල්හි රූපයෙන් ද කාය බලයෙන් ද මුළ මාගම්හි ප්‍රකට විය. ඒ කාලයේදී ලක්දිව බැමිණිතියාසාය ඇතිවිය. එවිට සංඝ කුමාර තෙමේ භය සංසිඳුණු පසු එන්නෙමියි කියා සොහොයුරිය ගෙයිම නවතා පිටිසරට ගොස් වාසය කොට භය සංසිඳුණු පසු මාගමට ඇවිත් නැවතුණි. එකල්හි කොටගල වසන මහානාගතෙර නම මුළු මාගම පිඬු පිණිස හැසිර ආහාර නොලැබ හැරීයන්නේ සංඝ කුමරා විසින් දක්නා ලදි. “ස්වාමීනි, අහර ලැබුණේදැ”යි විචාළ විට තෙරනම “ලැබෙනවා ඇතැ”යි කීය. “එවිට ඇමතියා “ස්වාමීනි, මෙහි ටිකක් නවතිනු මැනවැයි” කියා ගෙට ගොස් පිළියෙළ වූ ආහාරයක් ඇද්දැයි සොහොයුරියගෙන් විචාරා “නැතැයි කී විට දහසක් වටිනා මුක්තාභාරයක් ගෙන වහා ගොස් එය උකස් තබා කහවණුවක් අගනා ආහාර ලබාගෙන වුත් තමා එය ලබාගත් ආකාරය කියා තෙරුන්ට පිළිගැන්වීය. තෙරනම එය රැගෙන තමන් වසන තැනට ගොස් අවවාද කොට විදසුන් වඩා රහත් වී ආහාරය වළඳී. එය දැනගත් අනුරාධපුරයේ රජුගේ ඡත්‍රයෙහි අධිගෘහීත දේවතාව සාධුකාර දුණි. රජු එය’සා කාට සාධුකාර දුන්නේදැයි විමසූ විට “සංඝාමාත්‍යයාටය”යි දේවතාවා කීය.
ඉන්පසු ඇමතියා පියා දුන් ලක්ෂයක් වටිනා වස්ත්‍ර දෙක සොහොයුරියගෙන් ඉල්වාගෙන එයි සායම් පොවා ගෙයි තැබීය. එක් දිනක් ගොළු මුහුදේ නෑමට ගිය ඒ ඇමතියා එහි නානවිට රන්මාල දහසකින්[41] පිරි ඔරුවක් රළවේගයෙන් අවුත් ඔහුගේ බෙල්ලේ හැපුණි. ඇමතියා එය අතින් ගසා ඈතට තල්ලු කළේය. නැවත නැවත එය ඇවිත් ඔහුගේ ඇඟේ හැපෙන විට එය ගොඩට ගෙන තබා කඩුවෙන් පැළීය. ඔරුව තුළ පිරී තිබුණු රන්මාල දැක ගෙට ගෙන ගොස් සොහොයුරියට දුණි. පසු දිනක හෙතෙම ලක්ෂයක් වටිනා වස්ත්‍ර ජෝඩුව හැඳගෙන කඩුව කරේ එල්ලාගෙන නුවරට*[42] යන්නට පිටත් විය. එකල්හි එක් භික්‍ෂුනමක් “තිඹිරිගමුව” නම් ගමේ පිඬු පිණිස හැසිර කිසිවක් නොලබා නික්මුණි. ඇමතියා ඒ භික්‍ෂුව දැක තමා පොරවා තිබුණු පණස් දහසක් වටිනා වස්ත්‍රය දී බත් රැගෙන ඒ භික්‍ෂුනමට දුණි. භික්‍ෂුනම එය ලැබුණු ආකාරය සලකා විදසුන් වඩා රහත්ව අනුභව කළේය. එය දැක රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා සාධුකාර දුනි. රජතෙම කාට සාධුකාර දුන්නීදැයි විචාළ විට සංඝමාත්‍යයාට යයි දේවතාවා කීය.
දේවගිරිවිහාරවාසී එක් භික්‍ෂු නමක් වාතාබාධයකින් දොළොස් අවුරුද්දක් පෙළීය. එක් දිනක් ඒ තෙරනම හෙරණනමක් අමතා භික්‍ෂාවෙහි හැසිර ගිතෙල් ටිකක් සපයාගෙන එවයි කීය. හෙරණනම සිවුරු පොරවාගෙන මුළු ගමේ ඇවිද ගිතෙල් බින්දුවකුත් නොලැබ ගමෙන් නික්ම ගියේය. එකල්හි සංඝමාත්‍යයා ඒ සාමණේරයන් දැක “ස්වාමීනි, කුමක් සොයමින් ඇවිදින සේක්දැ”යි විචාළේය. හෙරණනම තමා ආ කාරණය කීය. “එසේ නම් ස්වාමීනි, ටික වේලාවක් මෙහි නතරවුව මැනවැ”යි කියා ඇමති තෙමේ තමාගේ සිරිය (=කිරිච්චිය) උකසට තබා කහවණු අටක් වටිනා ගිතෙලින් ගෙනා තලිය පුරවා දුණි. හෙරණනම එය ගෙන ගොස් ලැබුණු ආකාරය තෙරුන්ට කියා පිළිගැන්වීය.
තෙරනම එයින් බෙහෙත් තෙලක් සාදවා නස්‍ය කොට ඉතිරි තෙල්වලින් බුද්ධ පූජා පිණිස පහන් දැල්වීය. ඒ නස්‍යයෙන් දොළොස් අවුරුද්දක් පැවති ඒ වාතාබාධය සුව විය. එයින් සිත එකඟ කර ගත හැකි වූ තෙරනම විදසුන් වඩා රහත් විය. එය දුටු දේවතාවා නැවතත් සාධුකාර දුණි. රජ පෙරසේම විචාරා සංඝාමාත්‍යයාට සාධුකාර දුනිමියි කී විට සතුටු සිතැතිව “සංඝාමාත්‍යයා සොයා ගෙනාවෙකුට මහත් පරිත්‍යාගයක් කරන්නෙම්”යි නුවර බෙර හැරසුරු විය.
ඉක්බිති ධනය ලබනු කැමති මිනිස්සු නුවර දොරටු සතරෙන් නික්ම ඒ ඒ තැන සොයන්නට පටන් ගත්හ. නැගෙනහිර දොරටුවෙන් නික්මුණු ඇතැම් කෙනෙක් යන එන මිනිසුන්ගෙන් විචාරමින් මග අසළ නැවතී සිටියහ. එකල සංඝ ඇමතියා විඩාපත්ව එක් වස්ත්‍රයක් ඇඳගෙන කඩුව එල්වාගෙන මිත්‍රවැව[43] සමීපයට පැමිණියේය. එක් මිනිසෙක් ඔහු දැක “මේ සංඝාමාත්‍යයා විය හැකැ”යි කීය. තවත් අයෙක් “තමාගේ කඩුව තමාම රැගෙන තනිව එන මේ මිනිසා ගැන රජතුමා බලාපොරොත්තු වන්නේදැ”යි කීය. මෙසේ ඔවුනොවුන් කථා කරමින් සිටියදී අන් මිනිසෙක් ඇමතියා ඉදිරියට ගොස් ඔහුගේ කම් ගොත් විචාරා ඔහුගේ අතින් කඩුව ඉල්වාගෙන ඔහු කැටිව ආයේය. එකල්හි සෑගිරියෙහි විසූ ආරණ්‍යක ධම්මික තිස්ස තෙරනම සෑමලු බෝමලුවලට ගොස් බඳ පටියක් සෙවීය. ඇමතියා තෙරුන් දැක තමා හැඳි වස්ත්‍රයෙන් කොටසක් ඉරා තෙරුන්ට දුණි.[44]
තෙරනම එය බැඳගෙන ඇතුල් නුවරට පිවිසියේය. දේවතාවා පෙර සේම සාධුකාර දුණි. රජතෙම සාධුකාර දීමට හේතුව විචාරා දැන ගත්තේය. සංඝ ඇමතියා නුවරට ඇතුල්ව රජු දැලි රැවුල කප්පවන අවස්ථාවේදී රජ ගෙට පැමිණ තමා පැමිණි බව රජුට දන්වා යැවීය. සතුටු සිතැති රජතෙමේ ඔහු ගෙන්වා ඔහුට මහ වියනක් ද භාණ්ඩාගාරික තනතුරක්ද දුන්නේය. මෙසේ මහත් සම්පත් ලැබූ හෙතෙමේ එක් දිනක් නෑම සඳහා තිසා වැවට ගියේය.
(මෙතැන් සිට සීහළවත්‍ථු අනුවාදයේ 102 වැනි පිට පටන් කියවෙන සොහොයුරු සත් දෙනගේ හා නැගණියගේ ප්‍රවෘත්ති මෙහි දැක්වේ. දුර්භික්ෂය නිසා ඔවුන් වනයට යද්දී කැඳවාගෙන ගිය තෙරනම සුදස්සනපධානඝරවාසී චුල්ලනාගතෙර යයි මෙහි කියවේ. භය සංසිඳුණු පසු අනුරාධපුරයට යන ඒ අටදෙන තිසා වැව ඉවුරට පැමිණි විට මහවැස්සක් පටන් ගත්තේය. කුමරියගේ සොහොයුරෝ සත් දෙන වහා දුවගොස් “මාළේලිය” ගමට ඇතුල්වූහ. නමුත් තරුණිය ප්‍රකෘති ගමනින් ම ගියාය. ඇය දුටු භාණ්ඩාගාරික ඇමතියා “මෙවැනි හිරිඔතප් ඇති කුමරියක් මින් පෙර නොදුටුවෙමි”යි සිතා සතුටට පත්ව ඇගේ විවාහක අවිවාහක බව දැන ගැනීම සඳහා මිනිසුන් යැවීය. ඇය අවිවාහක බව කී විට ඇමතියා සොහොයුරන් විචාරා ඇය විවාහ කොට ගත්තේය.
6. මූදේ පීනා ගිය ස්ත්‍රියගේ කථාව
මෙලක්දිව මහවැලි ගඟ අසළ පිහිටි සේරුවිලට නුදුරු තැන මහාකාරකන්‍ද[45] නම් ගමක් විය. එහි ධනවත් පවුලක මිනිස්සු උදුම්බරවිහාරයෙහි (=දිඹුලාගල ?) සමසකට වරක් පවත්වන අරියවංසධර්මදේශනාව ඇසීමට යනු කැමැතිව සහල් - මස් - මාලු - රසකැවිලි ආදී උපකරණ රැගෙන තරුණ භාර්යාව පමණක් ගෙයි නවත්වා ඈට යතුර දී බාර කොට ගියහ. ඔවුන් ගිය කල්හි ඒ ගම්දැරි “අහෝ, මෙවැනි ධර්මදේශනාවක් අසන්නට නොලැබීම මාගේ අභාග්‍යයකැ”යි සිතා අසළ ගෙයක වසන මිතුරු දැරියක් කැඳවා ගෙයි යතුර ඇයට බාර දී තොමෝ මූද අසළට ගොස් සක්කගංමෝයෙන්[46] එතෙර වී තෝමනරතොටට[47] පැමිණියාය. එහි ඔරු පාරු ආදියක් නොවූ බැවින් ඕ තොමෝ ඉතා පළල් වූ ඒ ගං මෝය පීනා එතර වන්නෙමියි සිතා තමාගේ ශ්‍රද්ධාව සිහිපත් කොට ගෙන පීනන්ට පටන් ගති. එවේලෙහි මහත් කුණාටුවකින් මූද කැළඹී ගියේය. රැළ මැද පාවෙන ඇය දුටු මෝරෙකු අවුත් ඇය අල්වා ගත් නමුත් ඇගේ සම වත් සිදුරු කරන්ට අසමර්ථ විය. දෙවෙනි තෙවෙනි වාරවලදීත් එසේම සිදුවිය. ඉක්බිති ඈ මූදෙන් ගොඩ වී උදුම්බරවිහාරයට පැමිණ චෛත්‍යයත් බෝධියත් වැඳ පිරිස් කෙළවරේ සිට බණ අසා සෝවාන් ඵලය ලැබීය. රැය පහන් වූ කල්හි ඇගේ සැමියා හා මාමණ්ඩිය දැක තමා කළ දේ විස්තර වශයෙන් කීය.
ඉක්බිති ඔවුන් හා ගමට ගිය ඒ ස්ත්‍රිය තම හිමියාගේ හිසේ පැළඳ තිබුණු මල්මාලාව ඉවත් කරන්නී අනිත්‍ය ස්වභාවය මෙනෙහි කොට තමාට පැවිදි වීමට අවසර දුන මැනවයි ස්වාමියාට කියා ඔහුගේ අවසරය ලැබුණ පසු ඒ ගම අසළ පිහිටි භික්‍ෂුණී ආශ්‍රමයට ගොස් තම මවගේ සොහොයුරිය වූ සුමනාතෙරණිය වෙත පැවිදි වූවාය. පසු කලක මහාදැළි මහනා (=මහාදාඨිකමහානාග) රජ කරවූ ගිරිභණ්ඩ මහා පූජාව දැකීමට උපාධ්‍යාය තෙරණියන් සමඟ යන්නී ඒ රකවනදොරට පැමිණ[48] කමටහන් වඩා රහත් විය.සංඥානාමාදි සුචිය
අච්චමන්තසෙල 65 ආජීව පාරිශුද්ධිය 140
අජිත 4 ආලෝක සෑය 1387
අජිත දිව්‍ය පුත්‍රයා 109 ආළාර බාල 53
අජිතාවිහි 87 ඇල්හාල් පිරුණු ලබු 94
අඩවතක් දුන් ස්ත්‍රිය 121 ඉන්දගුත්ත තෙර 176
අතිදෙව රජ 125 උක්පැණි 126
අන්තරගංග 173 උතුරු දඹදිව 98
අන්තරද්වීපය 129 උදුම්බර විහාරය 184-185
අන්ධකාර සෑය 145 උදේනි රට 64
අධාර්මික රාජ කාලය 126 උපසිංහ විහාරය 62
අනුරාධපුරය 172 උසභමිත්ත 162
අනොතත්ත විල 177 කටකන්ද විහාරය 174
ආන්ද්‍රරාජ්‍යය 148 කටකන්ද ගම 174
අම්බඛාදක තිස්ස තෙර 167 කකුසඳ බුදු රජ 40
අම්බස්තල සෑය 173 කඩරොද 114-159
අරියවිහාර වාසි 158 කනපියපුත්ත තිස්ස 79
ධම්ම ගුත්ත තෙර 158 කණ්ටකසෝල පටුන 128
අශෝක රජ 133, 72 කප්පතලගම 98
අසදෘශ පූජාව 134 කප්පතිලක විහාරය 98
අසෝක මාලිනී 26 කම්පුව ගම 156
කම්බුද්ධ උපාසකයා 94 කුණ්ඩලතිස්ස තෙර 132
කම්බෝජ ගම 9 කුමරියන් සිවුදෙනා 140
කාමාරයා 27 කුවේරයා 90
කරකොළ දන්දීම 95 කුස ලෙණ 81
කසීරට 43 කෘෂිප්‍රේතයා 42
කංගු කම 108 කේලාසපබ්බත විහාරය 99
කාංගු පර්වතය 108 කේශධාතු 10
කාකද්දවී 100 කෛලාශ පර්වතය 106
කකද්දවී මහාචූළී 100 කොටගල 180
කාකවණ්ණ තිස්ස 123 කොට්ටසාලගම 178
කාලදානය 113 කොණ්ඩපූදී 52
කාවේරි පටුන 40-36 කොන්ති කින්නරී 73
කාළකන්දර ලෙණ 19 කොන්තිපුත්ත තෙර 72
කාලකන්දර විහාරය 141 කොරණ්ඩ ලෙණ 149
කාලකන්දවාසි තිස්ස තෙර 138 කොංගු ධාන්‍ය 108
කාශ්‍යප බුදු රජ 43 කෝකානිජකණ්ඩ ගිරි 68
කැලණි තිස්ස රජ 120-123 ක්‍රොශය 38
කිකී රජ 43 බුද්දකතිස්ස තෙර 150
කිඳුරියෝ 74 ගන්ධාර සොරා 70
කිරිවෙහෙර 95 ගල්කණු ප්‍රේතයා 40
කුන්ත රන්කරු 103 ගල් ප්‍රේතයා 37
කුටුම්බියපුත්ත තිස්ස 88 ගල් සෑය 170
ගිතෙල් දෝනා දෙන 86 චූළී උපාසකයා 100
ගිරිගම 159 චේසීගම 96
ගුරුභක්තිය 145 තම්බසුමන 178
ගොඩ නාරජ 144 තම්මණ 10
ගොන් ප්‍රේතයා 51 තරුණ භික්ෂුනීන් දෙදෙන 143
ගොන් රූපය 161 තලගුරු වෙහෙර 157
ගොළු මුහුද 170 තාලචතුක්ක 162
චතුධාතුවවත්ථානය 143 තාම්‍රපර්ණි දිවයින 105
චන්ද්‍රභාගා ගඟ 176 තිස්ස 4
චික්ඛිණ්ණ නගරය 67 තිඹිරි ගමුව 181
චිත්තගුත්ත තෙර 149 තිස්ස ඇමතියා 110
චිත්තගෝ විහාරය 56 තිස්ස උපාසකයා 115
චිත්තාභ තෙර 58 තිස්ස සන්නාලියා 1
චීනයට ගිය භික්ෂු 129 කුවරකනාග තෙර 133
චුල්ලතවාම ගම 179 තෙචීවරික 151
චුල්ලතිස්ස 73 ථේරපුත්තාභය තෙර 108
චුල්ලනාග 184 දකුණු ගිරි විහාරය 166
චුල්ල පිණ්ඩපාතික තිස්ස 12 දකුණු දළදාව 9
චුල්ල සුමනා 140 දහම්සෝ රජ 106
චුල්ලී උපාසිකාව 79 දිව්‍ය වස්ත්‍ර 109
චූලගිරි 152 දීඝභාණක අභය තෙර 151
චූලගිරි - මහාගිරි 150 දීඝාවුගම 49
දීඝාවූ චෛත්‍යය 49 පර්වත විහාරය 47
දුගී ගොවියා 115 පර්වතාශ්‍රිත සෙනසුනක් 160
දුටුගැමුණු රජ 107 පළොල් ගස 144
දුටුගැමුණු පාටලී පුත්‍ර 98-139
රජුගේ මරණය 107 පාටලී සෑය 134
දේවපුත්‍ර නුවර 176 පිණ්ඩපාත විශුද්ධිය 135
දේවපුත්‍ර රජ 176 පිණ්ඩපාතිකකිස්ස 162
ධම්මගුත්ත තෙර 158 පිටුවලගම 173
ධම්මදින්න තෙර 128 පියංගු දීප 79
ධම්මදින්න තෙර 33 පුණ්ණවෙඨිලුගම 95
ධම්මිකතිස්ස 175 පොත්ථීය 72-75
ධර්ම චෛත්‍යය 166 පෝරිමාසී ගඟ 53
ධර්මශෝක රජ 170 ඵුස්සදේව තෙර 18
ධාර්මික රජ 126 බත්මුල දීමේ විපාකය 157
නාගතෙර 106 බත්බුන්නාතොට 175
නාගදීපය 144 බණ ඇසූ මත්ස්‍යයා 164
නිස්සදන දනව්ව 35 බෝපිටිය 48
පට්ටකොට්ටි විහාරය 33 බැමිනිතියාසාය 172
පඨවීවාලක ධම්මරක්ඛිත තෙර 138 බ්‍රාහ්මණතීයභය 167
පතාක ප්‍රේතයා 49 භද්‍රඝටය 161
පර්වත චෛත්‍යය 100 භාණ්ඩාගාරික තිස්ස 180
භූමංගනගම 4 මහානාග තෙර 180
මජ්ඣන්තික - මහානාග - චුල්ලනාග 168
සෝණතෙර 147 මහානිධි පර්වතය 60
මනොරම මයුරමංස තෙර 13 මහමෙර මුදුන 100
මලයගිරි වැසි තෙරනම 158 මහා විහාරය 145
මලය තෙර 8 මහාව්‍යග්ඝ තෙර 133
මලය මහාදේව තෙර 123 මහාසුම්ම තෙර 154
මහසෑපූජාව 133 මහාසේන රජතුමා 149
මහලී රට 115 මහාසංඝරක්ඛිත තෙර 158
මහවනය 35 මාගම 89
මහවැලි ගඟ 164, 9 මාතුදේවිකා නාගි 143
මහාකාරකන්‍දගම 184 මානවක ගම 158
මහාකොට්ටි දේව 135 මාලෙය්‍ය තෙර 13
මහාකොණ්ඩ 36 මාලෙය්‍ය දේව තෙර 105
මහාකොණ්ඩ පටුන 40 මාලේලියගම 184
මහාගාම 103 මිත්ත තෙර 99
මහාතිස්ස 73 මින්නේරිය 179
මහාදත්ත 12 මිත්‍ර වැව 183
මහාදේව තෙර 123 මිලක්ඛ දේශය 129
මහාදේව උපාසකයා 34 මූදේ නා රජ 144
මහාධම්මනන්දි තෙර 164 මූලගිරි 166
මහාධම්මරක්ඛිත තෙර 132 මෙතේ බෝසත් 3, 11
මංගණවාසි බුද්දතිස්ස තෙර 169 වනචරකයෝ 74
යෝනක ධම්මක්ඛිත තෙර 138 චල්ලවහ 178
රත් සඳුන් පුටුව 144 වල්ලවහ 178
රන්තලිය 63-86 වාමවනද්දිගම 52
රසවාහිනිය 172 විචෙය්‍ය දාන වස්තුව 35
රාජකුලුපග තෙර 144 විල්ගම 90
රිදී ගොඩක් 163 විහාරදේවී 123
රිදී පර්වතය 163 ශක්‍රයා 151
රුහුනේ අනුරාධ විහාරය 110 ශෛල චෛත්‍යය 132
රේවත මහතෙර 98 සඟබතට අන්තරාය කළ
රෝහණ තෙර 160 ප්‍රේතයා 47
රෝහණ පර්වතය 48 සංඝ ඇමති 180
ලජ්ජි තෙර 149 සණ්ඩකොන්ති විහාරය 55
ලජ්ජි සාමණේර 136 සතික කඩරොද 146
ලබුගෙඩි තුන 94 සඳුන් පලඟ 133
ලම්බකර්ණ වංශික 157 සද්ධර්මාලංකාරය 157, 164
ලම්පකදණ්ඩ යුද්ධභටයා 142 සද්ධාතිස්ස රජ 86-172
ලෝණකතිස්ස 5 සද්ධාසුමන තෙර 150
ලෝකුරු කුන්ත 103 සහල් ප්‍රේතයා 44
ලෝහ ප්‍රාසාදය 107 ස - හස්සවත්ථු 174
වඩමන් නුවර 173 සාහුථල පෙදෙස 53
සාතවාහන රාජකුලය 178 සුරට්ඨ ජනපදය 55
සාලිය කුමරු 26 සුලුගම 78
සාංදෘෂ්ටික දානඵලය 90-139 සුලුන්නරුව 172
සෑගිරිය 134-141 සේතපබ්බත 81
සිග්ගව තෙර 56 සේරුවිල 184
සිතුල් පව්ව 140 සෝකධුමික 93
සිපණ්ණ ගස 134 සෝණ නමැති බාලයා 140
සීරළු සොරා 70 සංඝරක්ඛිත තෙර 151
සීසාන ප්‍රේතයා 42 හිරිතාලගම 6
සීහකුම්බක විහාරය 176 හත්ථිකුච්ඡි විහාර 176
සීහළවත්ථු 174 හරිතාලතිස්ස 4, 6, 7
සිංහ ලකුණ ඇති කඩුක්කම 109 හා මස් පිළිබඳ කථාව 124
සුදස්සනපධානඝර 184 හියුං සියං මහතෙර 166
සුමනා 5 හිසකෙස් කපා 90
සුමනා දේවිය 176 හංකාලා 84
සුමනා තෙරණිය 185 හංකාල ගම 84
සුමනා බාලිකාව 118
[1] * මේ ඉලක්කම් පාළි පොතේ ගාථාවල අංකයි.
[2] පාලි පොතෙහි ‘ලොණපණ්ණයයි පෙනේ. රසවාහිනියෙහි අරියගාලතිස්ස කථාවෙහි “උදකලොණමත්තෙන” පෙනේ. එය “ලුණු දියර සමඟ” යයි තේරිය හැක. එහි ම-පකාරය ප-කාරය වුවොත් “උදකලොණපත්තෙන” යි ලොණපණ්ණ යන්නට සමාන දෙයක් ලැබේ. ලුණුවිල කොළ යයි මම සිතමි.
[3] උණ්හීස නම් නලල්පටක් බැන්දාසේ පෙනෙන හිසේ පිහිටීමකි.
[4] උතුරු ඉන්දියාවයි.
[5] වින්ධ්‍යා මහවනය විය හැක.
[6] බඹ පන්සියයක දුර ක්‍රෝශයකි.
[7] මෙය දීඝවාපි මහසෑය විය යුතු. දීඝාවු කුමරා විසූ පෙදෙසෙහි වූ බැවින් පුරාණයේදී එය දීඝාවුචෛත්‍ය යයි ප්‍රකට විය.
[8] මෙය “රජනපචන ලොහභාජන = පඬු තම්බන ලොහො බඳුන යයි නිගමන ගාථාවක දකින්ට ලැබුණි.
[9] ඊතල දමන පසුම්බිය
[10] මෙහි කාන්තාරයයි කියන ලද්දේ ගස් ආදිය නැති වැලි කතරකට නොවේ. වාලකාන්තාරයයි කියනු ලබන චණ්ඩමෘගයන් ඇති පෙදෙස විය යුතුයි.
[11] මේ ඇඳුමට “පොත්ථි” යයි නමක් පෙනේ. එය ගවොමක් වැනි එකකැයි සිතිය හැක. ඔවුන් අහසින් යන්නේ ඒ ඇඳුමේ බලයෙනි. ථෙරීගාථාවන්හි “නික්ඛිප පොන්තිං ච ඝටිකං ච” යන්නක් පෙනේ. එහි පොන්තී යයි කීවේ හිඟන්නාගේ ඉන කඩටයි. එයත් “පොත්‍ථි” විය යුතුදැයි නොදනිමි. මෙහි නම් පොත්‍ථි යන්න කීප තැනකම තිබේ.
[12] “සුළුගල” විය හැක.
[13] පූර්‍වාන්න නම් ඇල් වී අමු මෙනේරි ආදියයි. අපරාන්න නම් මුං මෑ ආදි ඇට වර්ගයි.
[14] දානයෙන් මෙලොව දී ලබන විපාකය.
[15] මේ උපමාවේ ගැලපීමක් නැත. පෙළ තවම ශුද්ධ නොවූවා විය හැක.
[16] මෙතැන සම්බන්ධයක් නොපෙනේ. ගෙයි උයා තැබූ මස් සාලි කුමරුට ගෙන ගියේ කුමක් හෙයින්දැයි ප්‍රකට නොවේ.
[17] එක් වරක් ගෙඩි හටගෙන මැරීයන මිරිස් ආදි ගස් ඖෂධී ගණයට ඇතුළත් වෙති.
[18] මිලක්ඛ = ම්ලෙච්ඡ දේශයයි කියනු ලබන්නේ ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණාදී කුල සතර නොපවත්නා දේශයකි. බුරුම සියම් චීනාදි රටවල මේ භේදය නැත. එබැවින් ඒවා ම්ලේච්ඡ දේශයයි ඉන්දීයවාසීහු කියත්.
[19] මාර්ගඵල ලැබීම සඳහා පිරිසිදු සිල් රකින පුද්ගලයෝ
[20] මෙය චුලොදර - මහොදර දෙදෙනාගේ කථාවම බව පෙනේ. අන් පොත්වල මිනිපලඟක් කියවෙතත් මෙහි කියවෙන්නේ රත් සඳුන් පුටුවකි.
[21] චොරිකායි පාළිපොතේ පෙනෙන බැවින් මෙසේ සිංහලට නගන ලද නමුත් ඒ වචනය සැක සහිතය.
[22] පොත්‍ථිය කුමක්දැයි හරිහැටි තේරුම් ගත නොහැක. කිඳුරියන් පිළිබඳ කථාවෙහිත් මෙය පෙනේ. ගවොමක් වැනි එකකැයි සිතමි.
[23] පෘථිවි ආදි ධාතු සතරේ විස්තරය
[24] කපුගම විය හැක.
[25] පුරුෂයකු ස්පර්ශ කිරීමෙන් භික්ෂූණියක් පාරාජිකාපත්තියට පැමිණේ. එබැවින් මෙසේ කියන ලදි.
[26] මේ කථාවේ පාලිය ව්‍යාකූලයි. අදහස ගෙන මේ අනුවාදය දෙන ලදි.
[27] මෙය පැන් පෙරන උපකරණයකි. අඟල් හයක් පමණ උසැති තේ කෝප්පයක් පමණ වටැති මෙහි කටේ රෙදි කඩක් බැඳ වතුරේ එබූ විට එය දියෙන් පිරේ. උඩ පැත්තේ ඇල්ලීමට මිටක් තිබේ. ඒ මිට මැද සිදුරක් වේ. ඒ සිදුර වැසෙන සේ ඇඟිල්ල තදකොට ඇල්ලූ විට රෙදි කඩෙන් වතුර නොවැගිරෙන බැවින් එය ඕනෑ තැනකට ගත හැක. එසේ ගෙන දියවත් කර තැබීමට පැතිලි කුඩා මැටි භාජනයක් ද තිබේ. එවැනි භාජනයක් මෙකල යුධ භටයන් වෙත දකින්නට ලැබේ. වැලිවිට සංඝරාජතුමාගේ දබරාව අදත් මල්වතු විහාරයේදී දැක්ක හැක.
[28] මෙය ස - හස්සත්‍ථුවෙහි “චූලවඩ්ඩ” යයිද රසවාහිනියෙහි ‘චුලරජ්ජ’ යයි ද තවත් තැනක “කුඩ්ඩරජ්ජ” යයිද පෙනේ.
[29] - හස්සත්‍ථුවෙහි” “සාලචතුක්ක” යයි පෙනේ.
[30] ස - හස්සත්‍ථුවෙහි සුදස්සනඨානගාලවාසී” යයි දැක්වේ.
[31] පාළිපොතේ “අතිකොඨද්වාර”යයි පෙනේ.
[32] * සද්ධාතිස්ස රජුගේ සොහොයුරියන් ගැන මහාවංශයෙහි සඳහන් නොවෙතත් එකළ රජවුරුන්ට බොහෝ භාර්‍ය්‍යාවන් සිටි බැවින් බොහෝ දූ දරුවෝ ද වූහ. අගමෙහෙසියගේ දරුවන්ගේ නම් පමණක් ඉතිහාසගත වූහ. දීඝාභය කුමරා කාවන්තිස්ස රජුගේ පුත්‍රයකු බව ඉතිහාසයෙහිම කියවේ.
[33] පාලිපොතේ “කටකනාරවාසී” යයි පෙනේ.
[34] කාළකන්‍දර යයි මුලදී කියවුණි.
[35] “මතතකරුකඛමූලෙ” යයි පාළිපොතේ පෙනේ.
[36] පාළි පොතේ “සීහභුම්මික” යයි පෙනේ. සීහකුම්බක යයි පෙනෙන්නේ රසවාහිනියෙහිය. සද්ධර්මාලංකාරයෙහි “සීහගුම්බ” යයි පෙනේ.
[37] යක්‍ෂවර්ගයා මෙවැනි කර්මාන්තයන් හි දක්‍ෂව සිටි බව මෙයින් පෙනේ.
[38] “මාලංනාමගාමෙ” පාළිපොතේ පෙනේ. සද්ධර්මාලංකාරයෙහි “චලගම” යයි පෙනේ.
[39] “චූලකං නාම ගාමෙ”යි පාලිපොතේ පෙනේ. මෙහි යෙදූ නම රසවාහිනියෙහි වේ. සද්ධර්මාලංකාරයෙහි “සුදුවෑසර” යයි පෙනේ.
[40] භත්තකතතිත්‍ථයයි පාලි පොතේ පෙනේ. සද්ධර්මාලංකාරයෙහි “බත් බුන්නාතාට” යයි කියවේ.
[41] රන්කාසි දහසකින් යයි රසවාහිනී - සද්ධර්මාලංකාරයන්හි පෙනේ.
[42] අනුරාධපුරයට යයි ඒ පොත් දෙකේ කියවේ.
[43] “චිත්ත වාපි” යයි රසවාහිනියෙහි පෙනේ. එය මිහින්තලේට එහායින් පිහිටි එකක් විය යුතු බව මීළඟට කියවෙන ප්‍රවෘත්තියෙන් ඔප්පු වේ.
[44] රසවාහිනියෙහි මෙසේ කියවේ; එන්නා වූ හෙතෙම සෑගිරියේ විහාර කෙළවරෙහි පිහිටි පිරිවෙණට පැමිණ භික්‍ෂූන් වැඳ විශ්‍රාම ගන්නේ එක් රහත් තෙරනමක් සිවුරක් මසන විට රෙදි කැබැල්ලක් අඩු වූ බැවින් එය අකුලා තබන්ට සැරසෙනු දැක තමා හැඳි වස්ත්‍රයේ කෙළවර ඉරා තෙරුන්ට දුණි. තෙරනම එය යොදා සිවුරේ වැඩ නිම කළේය.
[45] “කාරකගාම” යයි රසවාහිනියෙහිද “කිරිගම” යයි සද්ධර්මාලංකාරයෙහි ද පෙනේ.
[46] “කසරාලගංමුවදොර” සංද්ධර්මාලංකාර
[47] “කෙලානාරු තොට” සද්ධර්මාලංකාර
[48] ‘එරවසෑකඩ’ එම