Friday, 26 July 2019

සමනොළ විස්තරය කවි කීපයක්

සමනොළ විස්තරය



සමනොළ විස්තර පුස්කොල පොතෙන් කවි කීපයක්
කලේ දඹදිව් තලේ සැමටම උතුම් සිටි රජකම් ක ලේ
බලේ නොකරම තිබුණු සත්පත් බෙලෙන් මනිනා සැමකලේ
ලොලේ බුදුබව පතාගෙන වස්තු රට තොට දුන් ක ලේ
ගලේ මුනි රජ ඒ බුදු සිරිපා වාදීන් අදරින් සමන ලේ

මේ හැම දඹදිව එලිය වැටී ලා
හැම රට කඳු හෙල් ඔබ නැවි ලා
ලොව වැසියන් හට පින් පුරවා ලා
හිම යට වනි මුනි පෝය ගෙවා ලා

ලක්ස ගණන් බුදු ගුණ අහවා ලා
ලක්සන ඇති සිරිපතුල ඔබා ලා
සක් රජ දෙව්දුට දෙස් තියවා ලා
මක්කම වැඩියයි ලක්ෂණ පා ලා

ආපසු යන්නට මග දැක බැස පී
සීතන් වනේ හිමයත් පසුකර පී
සීත අඳුරු ඇරලා එලි බැස පී
සමනොළ විස්තර ලොව පවසාවී

Monday, 15 July 2019

සාසන වර්තීරණ වර්නනාවයි -


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!


 පුවරති සුන්දර ජිනාවර  ශාසණ සමුර්ධීකාමිවූ සර්ධා  සම්පන්න සාසනේ ගුණවන්ත ගණ අලංකෘතවිධ බුද්ධාගන්කාරයෝවන  කුඩා මහත්  සැම සත්  පුර්ෂයින්ට කරණ කාරනා හරි ආකාර දැනගන්නා පිණිස ලියා ප්‍රසිද්ධ කරන ශාසන වතිර්ත්ත වර්ණනාවෙහි  වග සැටිය නම් මෙසේ ම.

               ***සතරාමර ලෝක ස්වාමීවූ අප තිලෝගුරු බුදුරජාණන්  වහන්සේ බුදුව පන්සාලිස් අවුරුදු මුළුල්ලේ  හි වැඩහිඳ දහම් අමා වැසි වස්සවා සත්වයින්ගේ කෙලෙස් ගිනි නිවා සධර්ම්ම චක්‍රවර්ති  රාජ්ජ්‍ය  ශ්‍රී කර වදාරණ සමයෙහි පහරා ද නම් අසුරේන්ද්‍රයා මුහුදින් මතුව අවුත් බුදුන් කරා පැමිණන දොහොත් මුදුනෙහි තබා වැඳ එකත්පසව හිඳී කල්හී බුදුහු, "කිමෙක්ද  පහරාදය අසුරයෝ මහා මුහුදෙහි  අමාභිරවණය කෙරෙද'දැයි, විචාරා වදාලා සේක. 
                            එකල්හී ඒ පහාරද නම් මහා අසුර තෙම    "එසේය ස්වාමිනී,බුදුරජාණෙනි,අසුරයෝ මහා මුහුදෙහි අභිරමනය කෙරෙති  ප්‍රිය සන්තෝසයෙන්  සිත් ඇලවා ක්‍රීඩා කෙරෙතියි"  යි සැළකළේය. එවිට  බුදුරජානන් වහන්සේ වදාරණ සේක.
 "එම්බා පහරාදය අසුරයෝ, මහා මුහුදේ හි කෙපමනන ආශ්චර්ය අද්භූත ධර්මයන් දැක අභිරමණය කෙරෙද"දැයි විචාරා වදාලා සේක.එකල්හි ඒ පහරාද නම්  අසුරේන්ද්‍ර තෙම,   "ස්වාමීනී බුදුරජාණෙනි, අසුරයෝ මහා මුහුදෙහි අෂ්ට ප්‍රකාර ආශ්චර්ය අද්භූත ධර්ම කෙතෙක් දැක අභිරමණය කෙරෙති"යි කියා අනුපූර්ව තීර්තතා දී ඒ අෂ්ට ආශ්චර්ය ධර්මයන්  වෙන වෙනම සැල කළේය . 
එසේ  සැලකොට" භික්ෂූන් සාසනයෙහි අභිරමණය කෙරෙද්" දැයි බුදුන්ගෙන් විචාළේය.එකල්හී බුදුහු,"එසේය,  පහරාදිය බික්ෂුහු මාගේ සාසනයෙහි අභිරමන කෙරෙතැයි"කියා වදාළ සේක. "කොපමණ ආශ්චර්ය අද්භූත ධර්මයක් දැක භික්ෂුහු බුදු සාසනයෙහි අභිරමණය කරන්නේ කෙසේදැ"යි විචාලේය. "අෂ්ට ධර්මයකිනැ"යි වදාළ කල්හී, "කවර අටෙක දැ"යි විචාළේය. එකල්හී බුදුන් විසින් ----"සෙයියාථාපි පාහාරද මහාසමුද්‍රේ අනුපුද්ධතින්නෝ    අනුපුද්ධ පෝතෝ අනුපුද්ධ  පබහරෝන  අයතකෙ නේවෂ්‍යතෝ"  යනු හෙයින් මහා සමුද්‍රය වෙලන්නය පටන් අඟලෙක, වියතෙක, රියනෙක, බඹයෙක, ෂටෙක, ඉස්බෙක, ගවුයෙක, යොදුනෙක, සියක් යොදුනෙක, දහසක් යොදුනෙකැයි යනාදි වශයෙන්  ක්‍රම ක්‍රමයෙන්  ගැඹුරු ගැඹුරුව ගොස් ස්වාසුදහසක් යොදුන් ඇති ඝාම්භීරව යම්සේ සිටිනේද එමෙන්,  මාගේ මේ  සාසණහිද 
ත්‍රිවිධ සික්ෂාය,  
සත්තානුසමුතිය,
 අරිඅටමගය, 
තෙලෙස් දුවඟය, 
අටළොස් විදර්ශනය, 
 සතිස්බෝධිපාක්ෂික ධර්මයෝය,අටතිස් අරමුනුය,
 සම සතලිස් කර්මස්ථානය, 
දෙසිය සොළසක් මහා ශික්ෂාපද, භාවනා වත්පිළිවෙත් නැමැති ගුණ ධර්මයෙන් ගැඹුරුව ගැඹුරුව ස්වාසු දහසක් ධර්මස්කන්ධය සංඛ්‍යවකින් විරාජමාණව ඇති ඝාම්භීර වුයේය. මේ මාගේ සාසනයෙහි පළමු වෙනි අත්භූත  ධර්මය නම් වන්නේය යනු හෙයින්ද දක්වන සේක.