Tuesday, 23 October 2018

පැපිලියාන සෙල් ලිපිය හා තවත් සෙල් ලිපි විස්තරයක්


පැපිලියාන  සෙල්ලිපිය හා වෙනත් සෙල් ලිපි -






පැපිලියාන සෙල්පිය
 







*හි ජාත හටගත්තාවූ හෂි සන්තොසයෙන්ද ක්‍රිපයා කරුණා වෙන්ද භාවත්හි පින්වත් වූ තොප හැම දෙනා විසින් සදා නිරන්තරයෙන්  රක්ෂා සොර සතුරු ආදීන් විසින්  යන්  උපද්‍රවය පැමිණිකල්හී  ඒ උපද්‍රවය දුරුකොට යහපත් කොට රක්ෂා කටයුතු කෙතය.එහෙයින් මා විසින් මේ  ධර්මය ප්‍රතිෂ්ටා කිරීමෙන් දිව්‍ය  මනුෂ්‍ය සම්පත් සිද්ධ කරන්නාවූ මහත් පුණ්‍ය සම්භාරය  යම් සේ ලබන ලදද තත  එසෙම පින්වත්වූ තොප විසින් ම එබඳු වූ කුසලරාසිය  ලැබ ගත හැජ්යනම් (?) ඒ කුසල  සමහාරයෙන්  ජනිත වූ  ලෞකික ලෝකෝත්තර සමපත්ති  සඛ්‍යනවූ විපාකය  අනුභව කරණු  ලැබේවා.... ශ්‍රීලංකාධිපති පරාක්‍රම මහරජෝරාජාවිහාරෝත්තම ස්ව ප්‍රස්වාඛ්‍යමකාරසජ්ජග දිසාන්තරණාසත්ශ්‍යධුන සදහා මන්වී සවිධාන්ප්‍රදාය සජතානාරාම වාප්‍ය්ශ්‍රයාත්සංඝාදීනත යාමිරායතනු තේස්ථීතුංසිලාශාසනම්.................ශ්‍රී බුද්ධ වර්ෂයෙන් එක්දහස් නවසිය  අටපනස් අවුරුද්දක් පිරුනුසද සිරිලක  රජ පැමිනි මහා සම්මත පරම්පරානුයාතසූර්ය වනශාභීජාත මහා රාජාධි රාජශ්‍රී සංඝ බෝධි ශ්‍රී පරාක්‍රමබාහුචක්‍රවර්තී ස්වාමීන්වහන්සේට එකුන්සාලිස් වනු  මැදින් දින  පුර පසළොස්වක්  දවස් ජයවර්ධන කොට්ටද   පුරපුවරයෙහි සුමංගල ප්‍රසාදා භි මුඛ මිත්‍ර මන්පයෙහි  සිංහාසනයෙහි  සිරි නිවෙස් සහ ඔටුනු සිවුශටබරනින්  සැදී රජ යුවරජ ඇමති ගණපිරිවරා  දේවේන්ද්‍ර ලීලාවෙන් වැඩහිඳහැම තැන්හී කලමනා  කටයුකුතට ව්‍යවස්ථා වදාරණ  තැණ ස්වර්ගස්තවු  මව් බිසවුන් වහන්සේට පින් පිනිස අභිනව විහාරයක් කරවන ලෙසට රාප නිවාසලකාරියේභිතියුක්තසිකුරා මුදල්පොතුන්ට වදාල මෙහෙවරින් පස්විසිදහසක් දන වියදම්කොට පානබුතු බද පැපිලියානේ හි ප්‍රාකාර ගොපුර ප්‍රතිමා ග්‍රහ මන්දපබෝධි චෛත්‍යසංඝා වාසදේවාලය ......*****  බොහෝ වචන  තේරෙන්නේ නැත .....     

මේ රට පුරා ඇති විසිදහසකට අධික සෙල්ලිපි අතරින් කි.පූ. 6 වන සියවසේ ලියන ලද සෙල්ලිපි කිහිපයක් පහතින් දැක්වේ.
1.බගවත ගොතම ශමන මොගලි පුත තෙරශ ශරි පුත තෙරශ පුශ තෙරශ පුණ තෙරශ ශදී විහරිය අගත අනගත චතුදිශ ශගශ දිනෙ පරුමක අබය පුත පරුමක එරක ,
(ගෝනගල සෙල්ලිපිය).
බගවත් ගෝතම ශමනයන් (ගෞතම බුදුන්) මුගලන් තෙරුන් සැරියුත් තෙරුන් පුශ තෙරුන් පුණ තෙරුන් වැඩිසිටි තැන වැඩි නොවැඩි සතර දිශාවේ සංඝයාට ගෞරවනීය අබයගේ පුත් ගෞරවනීය එරක විසින් පුජ කරන ලදී.
2.ගොතම ශමන බඩකරික අනද තෙරශ චා පුණ තෙරශ පුශ තෙරශ අගමගශ ලෙනෙ මනපදශන නම අගත අනගත චතුදිශ ශගශ. ( දඹුල්ල සෙල්ලිපිය)
ගෞතම බුදුන්ගේ භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් සහ පුණ්ණ තෙරුන් පුශ තෙරුන් වැඩසිටි මනප දශන නම් ලෙන වැඩි නොවැඩි සතර දිසාවේ සංඝයාට පුජාකරන ලදී3.
3.පරුමක අබය පුත තිශහ නවිකන ලෙනෙ ගොතම ශමණෙ කරපිත. (හදපාන්විල්ලුව සෙල්ලිපිය)
ගෞරවනීය අබයගේ පුත් තිස්ස නම් නාවිකයාගේ ලෙන ගෞතම බුදුන් උදෙසා කරවන ලදී
4. බමන මිශ කුට ගොතම ශමණෙ අගත අනගත චතුදිශ ශගශ (දෙකුන්දරවැව ලෙන් සෙල්ලිපිය.)
මිස්ස බමුණාගේ කුටය ගෞතම බුදුන්ට වැඩි නොවැඩි සංඝයාට පුජා කරන ලදී.
5. පරුමක ශුමන කුට ගොතම ශමණෙ අගත අනගත චතුදිශ ශගශ. (බෑනසමනල සෙල්ලිපිය )
ගෞරවනීය සුමන විසින් කූටය(සමනල කන්ද) ගෞතම බුදුන්ට වැඩි නොවැඩි සංඝයාට පුජා කරන ලදී. සුමන යනු දෙවි කෙනකු නොව දේව ගොතික මිනිසෙකි. පනිත රජුගේ භාණ්ඩාගාරිකය
6. ගපති පුත තිශහ දෝ බතිකින ලෙනෙ ගොතම නම ශමණෙ පිතට පිත. (කලිමඩ සෙල්ලිපිය)
ගෘහපති තිස්සගේ පුත්, දෙසොහොයුරන්ගේ ලෙන ගෞතම බුදුන් උදෙසා කරවන ලදී
7.ගපති තොපශ ලෙනෙ ගොතම ශමණෙ පිතට පිත.
ගෘහපති තොපශගේ ලෙන ගෞතම බුදුන් උදෙසා කරවන ලදී
8.බත තිශ ගුතහ ලෙනෙ ගොතම ශමණෙ කරපිතෙ (ගෝල තිස්ස ගේ ලෙන් පුජාව), (ගලගෙදර බගවා ලෙන)
9, චොරීකිය මහ මහ ලෙනෙ ගොතම ශමණෙ පතිට පිත. (චොරීකිය මහ රජාගේ ලෙන් පුජාව) (මුල්ලුකුදලුමලෙයි)
10. උපශක පුඩචහ ලෙනෙ ගොතම ශමණෙ දිනි. (උපාසක පුඩචගේ ලෙන් පුජාව ), බු. වැ, වඩිනාගල, සෙ 4/
11.ගපති තිශ පුත පරුමක උතරශ ලෙනෙ ගොතම නම ශමනේ පිතට පිතෙ. (ගෘහපති තිස්සගේ උතුරාශ ගේ ලෙන් පුජාව) බු. වැ, වඩිනාගල, සෙ 4/
12..බඩකරික අනද තෙරශ ලෙනෙ ශගශ. (බහ්මනගම සෙල්ලිපිය)
භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ගේ ලෙන සඟසතු කිරීම.
13..උතපලා ශමනිය ලෙනෙ ශගශ. (මුල්ලුකුලුමයිල සෙල්ලිපිය)
උත්පලා තෙරණිය ලෙන සඟසතු කිරීම.
ජීවමාන බුදුන්ට හෝ එකල ජීවත්වූ සන්ඝයවහන්සේලට ලෙනක්, විහාරයක්, ස්ථානයක් පුජා කල බවට ලියවුන කිසිම සෙල්ලිපියක් ඉන්දියාවට නැතත් ලංකාවට නම් එවනි සෙල්ලිපි වලින් අඩුවක් නැත. එමෙන්ම යමක් පුජාකරනවිට එය වැඩි නොවැඩි සතර දිශාවේ සංඝයාවහන්සේලා නමින් පුජා කරන ලෙස බුදුන්වහන්සේ උපදෙස් දී තිබේ. බුදුන්වහන්සේ උපදෙස් දී තිබෙන ආකාරයෙන් දන් දී ඇති බවට සාක්ෂි සටහන් වන සෙල්ලිපි දහස් ගණනක් මේ රටේ පවතී. එලෙස දන්දුන් බවට කිසිම සෙල්ලිපියක් ඉන්දියාවෙන් නැත.
උපුටාගත්තේ Suseema Wijesekara ගෙනි.
Kanchana Sumedha විශේෂ ස්තුතිය.

No comments:

Post a Comment