නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
පුවරති සුන්දර ජිනාවර ශාසණ සමුර්ධීකාමිවූ සර්ධා සම්පන්න සාසනේ ගුණවන්ත ගණ අලංකෘතවිධ බුද්ධාගන්කාරයෝවන කුඩා මහත් සැම සත් පුර්ෂයින්ට කරණ කාරනා හරි ආකාර දැනගන්නා පිණිස ලියා ප්‍රසිද්ධ කරන ශාසන වතිර්ත්ත වර්ණනාවෙහි වග සැටිය නම් මෙසේ ම.
***සතරාමර ලෝක ස්වාමීවූ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බුදුව පන්සාලිස් අවුරුදු මුළුල්ලේ හි වැඩහිඳ දහම් අමා වැසි වස්සවා සත්වයින්ගේ කෙලෙස් ගිනි නිවා සධර්ම්ම චක්‍රවර්ති රාජ්ජ්‍ය ශ්‍රී කර වදාරණ සමයෙහි පහරා ද නම් අසුරේන්ද්‍රයා මුහුදින් මතුව අවුත් බුදුන් කරා පැමිණන දොහොත් මුදුනෙහි තබා වැඳ එකත්පසව හිඳී කල්හී බුදුහු, "කිමෙක්ද පහරාදය අසුරයෝ මහා මුහුදෙහි අමාභිරවණය කෙරෙද'දැයි, විචාරා වදාලා සේක.

එකල්හී ඒ පහාරද නම් මහා අසුර තෙම "එසේය ස්වාමිනී,බුදුරජාණෙනි,අසුරයෝ මහා මුහුදෙහි අභිරමනය කෙරෙති ප්‍රිය සන්තෝසයෙන් සිත් ඇලවා ක්‍රීඩා කෙරෙතියි" යි සැළකළේය. එවිට බුදුරජානන් වහන්සේ වදාරණ සේක.
"එම්බා පහරාදය අසුරයෝ, මහා මුහුදේ හි කෙපමනන ආශ්චර්ය අද්භූත ධර්මයන් දැක අභිරමණය කෙරෙද"දැයි විචාරා වදාලා සේක.එකල්හි ඒ පහරාද නම් අසුරේන්ද්‍ර තෙම, "ස්වාමීනී බුදුරජාණෙනි, අසුරයෝ මහා මුහුදෙහි අෂ්ට ප්‍රකාර ආශ්චර්ය අද්භූත ධර්ම කෙතෙක් දැක අභිරමණය කෙරෙති"යි කියා අනුපූර්ව තීර්තතා දී ඒ අෂ්ට ආශ්චර්ය ධර්මයන් වෙන වෙනම සැල කළේය .
එසේ සැලකොට" භික්ෂූන් සාසනයෙහි අභිරමණය කෙරෙද්" දැයි බුදුන්ගෙන් විචාළේය.එකල්හී බුදුහු,"එසේය, පහරාදිය බික්ෂුහු මාගේ සාසනයෙහි අභිරමන කෙරෙතැයි"කියා වදාළ සේක. "කොපමණ ආශ්චර්ය අද්භූත ධර්මයක් දැක භික්ෂුහු බුදු සාසනයෙහි අභිරමණය කරන්නේ කෙසේදැ"යි විචාලේය. "අෂ්ට ධර්මයකිනැ"යි වදාළ කල්හී, "කවර අටෙක දැ"යි විචාළේය. එකල්හී බුදුන් විසින් ----"සෙයියාථාපි පාහාරද මහාසමුද්‍රේ අනුපුද්ධතින්නෝ අනුපුද්ධ පෝතෝ අනුපුද්ධ පබහරෝන අයතකෙ නේවෂ්‍යතෝ" යනු හෙයින් මහා සමුද්‍රය වෙලන්නය පටන් අඟලෙක, වියතෙක, රියනෙක, බඹයෙක, ෂටෙක, ඉස්බෙක, ගවුයෙක, යොදුනෙක, සියක් යොදුනෙක, දහසක් යොදුනෙකැයි යනාදි වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු ගැඹුරුව ගොස් ස්වාසුදහසක් යොදුන් ඇති ඝාම්භීරව යම්සේ සිටිනේද එමෙන්, මාගේ මේ සාසණහිද
ත්‍රිවිධ සික්ෂාය,
සත්තානුසමුතිය,
අරිඅටමගය,
තෙලෙස් දුවඟය,
අටළොස් විදර්ශනය,
සතිස්බෝධිපාක්ෂික ධර්මයෝය,අටතිස් අරමුනුය,
සම සතලිස් කර්මස්ථානය,
දෙසිය සොළසක් මහා ශික්ෂාපද, භාවනා වත්පිළිවෙත් නැමැති ගුණ ධර්මයෙන් ගැඹුරුව ගැඹුරුව ස්වාසු දහසක් ධර්මස්කන්ධය සංඛ්‍යවකින් විරාජමාණව ඇති ඝාම්භීර වුයේය. මේ මාගේ සාසනයෙහි පළමු වෙනි අත්භූත ධර්මය නම් වන්නේය යනු හෙයින්ද දක්වන සේක.
"අයන් පහරානාද මේ සමින් ධම්ම විනයේ පටමෝ අචචජිරියෝ අබ්භූතෝ ධම්මාසී" වදාළ සේක. නැවත නැවත වදාරණ සේක යම්සේ පහාරදය මහා සාගරයෙහි සුවහස් ගණන් මහා රැල පතර සැඩ මේගයෙන් දිව ගොඩට අඟලකුත් මේ රැල ඉක්මවා යා නොහෙන්නේම මැයි යනු වදාරණසේක් බුදුරජාණන් වහන්සේ ** ඒව මේව ඛෝ පහරාද මයා වකාණන් සික්ෂා පදත් පඤ්ඤත්ත තපාම්මසාවකාජී විතහෙතු පිතා තික්කමත්තියි ශ්‍රී මුඛ පාලිය වදාරණ ලදී. ධරමාත කාලයෙහි බික්ෂුන් වහන්සේලා දෙනමක් එකතුව අන්ධ මාර්ගයෙහි යන සේක. එයින් එක නමකට පැන් පිපාසව පෙරහන් කඩ නැති බැවින් පැන් නොබී අනෙක් නමගෙන් ඉල්ලුහ. ඒ නම නුදුන් සේක. එසේ නුදුන් බැවින් පිපාසයෙන් කලාන්තව මිරිකී මාර්ගයෙහි හිදීම් නැසුනු සේක. තවද අනික් බික්ෂුන් වහන්සේ තමන් සොරුන්ට අසුව කැලයක් මැද කිද තතකින් බැද දමා ගිය බැවින් කිද තත කප්පියන් නොකළ බැවින් ආපත්තියට භයින් සිද බිද නොදමා හිද එතනම වියලී ගොස් නැසුණු සේක. මේ සික්ෂාපද රක්ෂා කරණ බික්ෂුන්වහන්සේලාගේ ලක්ෂණයි. මේ දෙවෙනි වූ ආශ්චර්ය අද්භූත ධර්මය වතෙකැයි වදාරමැනෝ.
තවද වදාරණ සේක්, "පහරාදය, ඒ මහා සමුද්‍රයාගේ මධ්‍යයෙහි යම්කිසි කුණපයක් නොතබා රැලෙන් ගෙනවුත් ගොඩට වදවා හැමදාම මහා මුහුද පිරිසිදුව තිබේන්නේම වේද මාගේ මේ ශසනයෙහි බොල්වීමෙන් ඒ මෙත් සිල් නැති දුක්ශීල වූ ශ්‍රමණ ශ්‍රමණ වේසධාරීවූ පාපී කුනපයෙන් තෝරා ශාසනයෙන් පිටත දමා සිල්වත් භික්ෂූන් විසින් හැමදාම සාසනය පිරිසිදු කරන්නාහු" යයි දක්වා වදාරන සේක්.***ඒවමේවඛෝ පහරාදයෝ සෝ පුග්ගලෝ දුස්සීලෝ පාපධම්මෝ අසුචි සන්කස්ස රසමා වාරෙපටිච්ජා තතාකම්මන්තෝ අස්සමතෝ සමණ පටිඤඤ අංගම්හ චාරී පටිඤඤ අන්තෝ පූති අවුසසුතො කසඞ්ජාතෝ නතෙන භික්ඛුසංඝෝ සත්වස්තියි** දේශනා කර වදලසේක.
මෙසේ ධර්ම දෙසනා ඇති තිලෝගුරු බුදුරජාණෝ පොහොය කරණ දවසේක බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිවරා පූර්වාරාම විහාරයෙහි බුඞ්සන රූඩව කප් ගිනිගත් රුවන් මෙරක් සේ දිලිහී දිලිහී වැඩ වුන් සේක. එකල්හී නාඟරාජයින් මැද වැද හිටි නා ගරූඩයකු සේ ඒ මහා රහතුන් වහන්සේලා මැදට දුක්ශීලයකු භය ලජ්ජා නැතිව පැමිණ නිස්ක- ලන්කවම හුන්නේය.පොහොය කරණ්ණට සැදි හුන්නේය. එකල්හී සඳුන් ලී මැද තුබූ ගැරැන්ද ලීයක් මෙන් එතී බහිතව හු දුක්ශීලයා දැක බුදුරජාණන් වහන්සේ පොහොය නොකොට වැඩ හිඳිනා සේක.
එකල්හී අෂ්මාන්ත වූ ආනන්ද තෙරුන් වහන්සේ උත්තරායඟ සිවුරු ඒකාංශ කොට පොරවාගෙන බුදුන් දිසාවට දෙහොත් මුදුන් දී වැඳගෙන සිට "ස්වාමීනී, බුදු රජාණෙනි, භික්ෂු සංඝයාට පාමොක් උදෙසා වදාළ මැනවැයි අරාධනා කල ශේක. එකල්හි බුදුරජානන් වහන්සේ තුසීනිම්භූතව මුවෙන් නොබැනම වැඩ වූ සෙක. වඞ්මයාමයේ හිදී ආනන්ද මහා තෙරුන් වහන්සේ බුදුන්ට පෙරසේම වැඳසිට පාමොක් උදෙසා ආරාධනා කළසේක. එවිට බුදුන් මුවෙන් නොබැණම වැඩහුන්සේක.
අළුයම් වේලෙහි අනද මහා තෙරුන් වහන්සේ බුදුන්ට වැඳසිට දන්වන සේක. "ස්වාමීනි පින්වත්වූ බුදුරජානෙනි, රාත්‍රිය ඉක්මවා ගියේය. අරුනෝත්ගමණ වන්නේය පාමොක් උදෙසා වදාළ මැණවැ"යි කියා සැලකල සේක."අහක්ක භන්තේ රත්ති නික්ඛාන්තෝ පවජිමෝයා මෝ උඞෂතන් අරුණන් නන්දි මුඛිරත්ති විරතීසින්තෝ භික්ඛු සංඝෝ උද්දී සතු භන්තේ භගවා භික්ඛුනන් පාති මොක්ඛ- න්තියි" මෙසේ පොහොය කිරීමට සැලකල සේක. එකල්හී බුදුරජාණන්වහන්සේ, "අපරිසුඞ ආනන්ද පරිසා යි කියා අපරිසුද්ද බව වදාළ සේක. එකල්හී මුගලන් මහා තෙරුන් වහන්සේ, මෙහි දුස්සිලයා කව්දැ යි දිවසින් බලා දැක, ඕහු ලඟට ගොස් "ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ විසින් තා දැක වදාරන ලද තා මින්මතු සහා සමාගමට ගත්තේ නැත නැගිට යවයි" වදාළ සේක.එවිට ඒ දුස්සීලයා නො නැගිටි හුන්නේය. නැවතත් එසේම නැගිට යවයි වදාළ සේක. එවිටත් නො නැගිටි නිස්කලංකව හුනෙන්ය. තුන්වැනි වත්ව නැගිට පිටතට යවයි වදාළ සේක. එවිටත් නොනැගිටී මගල්දණ්ඩක් සේ සෙලවී හුනෙන්ය. එකල්හී ඒ මුගලන් තෙරුන් වහන්සේ ඔහුගේ අත අල්වා නැගුටුවාගෙන ගොස් පිටතටම දමා දොර වසා අගුළු දාලා අවුත් "ස්වාමීනි බුදුරජාණනි, ඒ දුස්සීලයා මා විසින් අල්ලාගෙන ගොස් පිටතට ඉතන් මේ පිරිස් පිරිසිදු ය පාමොක් උදෙසා පෝය කල වදාළ මැනවැයි" සැලකළ සේක. එකල්හී බුදුරජාණන් වහන්සේගේ "අවජිරියන් මොග්ගල්ලාන අබ්භූතන් මොග්ගල්ලාන යාවබහා ගහතාපිතාමසෝ මෝඝ පුරිසෝ අහවිස්සති "තියි යනු හෙයින් මුගලන් දුස්සීල වූ මෝඝ පුරිසයගේ වික්‍රමයක් ආශ්චර්ය අත්භූතකම කම මහත මැනව මා වැනි තිලොවුතුරා බුදුකෙනෙක් බල බලා මාවැනි මහාරහතන් සඟ මැද තොපි වැනි පොලොව පෙරලන තරම් ඉර්ධිමත්ව අග්‍ර ශ්‍රාවක කෙනෙකුන් විසින් තුන්වරක් කියා නැගිටුවාලිය නුහුනුයේ" යැයි වදාරමින්, "මින් මතුමම දුස්සීල බව දුටු පිරිස හා සමග පොහොය නොකරමි.අද පටන් තොපිම පොහොය ගනුවයි වදාරා" සමුද්දේ පමසුත්තය වදාරන සේක.මේ බුදුන් රහතුන් විසින් දුස්සීලයින් තෝරා පිට සතර කොට දැමු වගයි .
තවද බොල්වියට ගෙඩි වැනි සිල් නැතිව හිද කල් යවන පාප භික්ෂූන්ට නිග්‍රහාකර වදාරන සේක. "යස්මින් භික්ඛවේ සමයේ චෝරා බලවන්තෝ හොන්ති රාජාතෝ තස්මින් සමයේ දුඞ්ලා හොන්තියි" ..යනු හෙයින් මහණෙ නියම් සමයේක් හි සොරා හු බලවත්වූ නම් එසමයෙහි රජහු දුර්වල වෙති,එසමයේ හි රජහට දනවූ වැසියන්ට ද අපහාසු වන්නේය. එමෙන් යම් සමයෙහි භික්ෂුන් පාපවූ දුස්සීලයෝ බලවත්වුනම් එකල්හී සිල්වන්තයෝ දුර්වලවෙති. පාපවූ දුස්සීලයින් මැද කතා නොකොට බිම් බලාගනහිදීති. කැලෑ රටවල් වලට හෝ වැඩ හිදීති. එසේ (මිස වීම) ලෝකයාට දෙලෝවීමම අවැඩ අනර්ථ හා නිවීමට කාරණා වයි වදාරණ බුදුරජාණ වහන්සේ විසින් "යස්මින් භික්ඛවේ සමයේ පාප භික්ඛු බලවන්තෝහොත්ති පේසලා භික්ඛු තස්මින් සමයේ දුඞ්ලා හොන්ති තස්මින් භික්ඛුවේ සමයේ පේසලා භික්ඛු තුන්හී භූතා සංඝ චජෙකන්ධ සන්කසායන්ති තයිදන් භික්ඛු චේහොති බහුද ජණ අහිතාය. යනාදීන් අන් ගෝත්ත්‍ර සගියෙහි වදාරණ ලදී.
තවද දුස්සීල වූ පාප භික්ඛු හු නම් වීසම නිශශ්‍රී තවුග්‍රහණ නිශශ්‍රීතවු බලව නිශශ්‍රීතවු මිනි මරා වස්තු කොල්ලකණ මහා සොරුන් වැන්නේයැයි වදාරණ බුදුන් විසින්ම. "තිහ භික්ඛුවේ අගේහි සමත්තා පාප ගතෝ පාප භික්ඛු ඛතන් උපහාතන් අත්තාණන් පරිහති සාවජ්ජා වහෝතිසානු වජ්ජා බහුව අපුඤ්ඤන් පස වතිකතා මෙහි තීහි ඉධන්භික්ඛවේ පාප භික්ඛු විසම තිස්සීතෝ වහෝති ග්‍රහණ තිස්සී තෝචබලව තිස්සිතෝ වයි"..... යනාදී වශයෙන් පාලිය වදාරණ ලදී.
තවද බුදුන් විසින්ම "අත්ථි භික්ඛුවේ පුග්ගලෝ ජිගුචජිතබ්භෝන සේවිතබ්භෝ හජිතත බොන පෛරුපාසිතබ්භෝ කතමෝ භික්ඛවේ පුග්ගලෝ ජිගුච ජිතබ්භෝන පෛරුපසීත බ්භෝන ඒකත ඉධ භික්ඛවේ එකතබ්භෝ පුග්ගලෝ දුස්සීලෝ හෝති පාප ධම්මෝ" .....යනාදි වශයෙන් දුස්සීලයින් අසූචි සෙයින් පිලිකුල් කර හැරදමා සිල්වතුන් ම සේවනය භජනය කරන්නට අන් ගෝත්‍රසගියෙහි හා අභිධර්ම පිටකයෙහි ඇත" වදාරන ලදී.කාරඞ්වන්තී ඞමථකස ඩුචාපකස්සන්තෝ පලා පෙත්වා හේථා අස්ස මනේ සමණමානිනේ ....යනු හෙයින් කාරා දමණ කෙල පිඩක් වැනි නිදිත වූ දුස්සීල කුනුතෝරා අතුගා දමණ කුනු කසල රොඩු සෙයින් සාසනයෙන් පිටත දමා සිල්වතුන් විසින් සාසනය පිරිසිදු කොට සසර දුක් ගෙවා අමා මහා නිවන් පුරසිරි ලබවූ කියා එම සභියෙහිම වදාරණ ලදී .....මෙසේ දුස්සීල නමැති කුණු කසල සාසනානන්දමැති සාසණයේන් පිටතට දමා හැමදාම පිරිසිදු කිරීම තුන්වෙනි ආශ්චර්ය අත්භූත ධම්මර්තවේ වයි" වදාළ සේක.
"තවද පහරාදය, යම්සේ ගඟය සමූණදී එකොලොස් දහස් පන් සිය පන් සැත්තෑවක් ගඟාවෝ ඒ මහා සමුද්‍රයට පැමිණියත් පෙර පෙර තමන් වෙන් වෙන්ව තුබූ ගඟා නාමයත් හැර සමුද්‍ර නාමයටම පැමිණෙනත්තාහු මෙන්ද එසේ ම රජ,බමුණු,වෛශ්‍ය, ශුද්‍ර යන සතර වන්නවල කුල පුත්‍රයෝ මාගේ සාසනයෙහි පැවිදිව උපසම්පදා සීලයට පැමිණ තම තමන්ගේ පූර්ව ගිහි කාලයෙහි තුබූ ක්ෂත්‍ර බ්‍රහ්මනාදී නාම ගෝත්‍රයන භාවවල පුක්කුසාදී නාමයන් ද හැර දමා බුද්ධ පුත්‍ර භාවයට පැමිණ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ යැයි කියා තුන් ලොව ප්‍රසිද්ධවන්නේත් යැයි"වදාළ බුදුන් විසින්ම ..."ඒව මේව ඛෝ පහාරාද චත්තරෝ මේ වත්තා බන්තියා බ්‍රාහ්මණා මෙස්සා සුද්දාතේ තථාගතස්ස උපත්ව දීනේ ධම්ම විනයේ අඟරස්ව අනගාරීයත්පඞජිත්වා ජහන්ති පුරිමාති පාමත්තෙති ශශ්‍රීමණ ශක්‍යා වූත්තියාත්වෙසත්ඛ්‍යාන්ගව්ජති යි" වදාරණ ලදී .ඒ කෙසේ දෙයත් ...ඒ ප්‍රකාරම රජගහනුවර කුම්භකාර තෙරුන් වහන්සේ ද සිල්පයෙහි දක්ෂවූ බනීයනම් සැවත් නුවර බඩාල්වැඩෙහි අති දක්ෂවූ ස්වර්ණ කාරයන් වහන්සේද ඒ ඒ වැඩි කුල ඇම්බැට්ට කුලදීයෙන් පැවිදි වූ නොසාදී නොයෙක් වංශවත් වල කුලපුත්‍රයින් වහන්සේ ලා ද බුද්ධ පුත්ත්‍ර භාවයට පැමිණ වන්දනාර්ශවූ බව පාරාජිකා පොතෙහි නොහොත් දම්පියා අටුවා, රත්නාවලී ආදී එළු පාලි පොත්වල පෙන්වා ඇත....
තවද රජගහනුවර සුනීතනම් චණ්ඩාලකුල පුත්තකෙනෙක් බුදු සස්නෙහි මහනව උපසම්පදා වුහ. එකල්හී උන්වහන්සේ ට ...නමෝ තේ පුරිසාජඤ්ඤ මෝතේ පුරිසත්ත මයස්සතේ අස්වාඛිනා දක්ඛිණේයියා සිමා රිසා" ...යනාදී මේ ගාථාව කියා ශකබ්‍රහ්මාදී දෙවියෝ වන්දනා කරන්නාහුය. බුදුරජාණන්වහන්සේ විසින් දක්වන ලදී. තපෙණබ්‍රහ්ම වරියේ තසක්ඤ මේතද මේතව ඒතේණ බ්‍රහ්මණෝහෝති .ඒතන් බ්හ්මණ මුත්තමත්තියි".....යන මේ ගාථාව වදාල" මාගේ මේ ප්‍රථම දැනට වඞ්ල නොවන්නේය. සීලවෘතාදී ගුණයෙන් යුත්තව උත්තම බ්‍රාහ්මණයෙක් ම වන්නේ යැයි"වදාරණ ලදී ...එසේම කිත්තර කුලෙන් හෙවත් කුළුපොතු කුලෙන් නික්ම බුදුසසනෙහි මහනව සුමංගල තෙරුන් වහන්සේටද නානාප්‍රකාරයෝ යයි කියන ලද නීච කුලයේන් නොහොත් නුවර මාර්ග වීථි අමදමින් මලමිනී කුණු කසල ඇද දමන පුප්ථජන්ඩක කුලයෙන් මහන වූ පුක්කුස කුලපුත්තයින් වහන්සේට ද පින්ඩපාතේ වඩිනා කල්හී සත්සියයක් පමණ මහා බ්‍රහ්ම රාජයෝ දොහොත් මුදුනෙහි තබාගණ වැඳ හඬ හඬා සිට ප්‍රසන්නාධාර ගෞරව පැවැත්තුව ශට්සන් සත්යුත් සඟියේ අටුවාවෙහි පෙන්වා ඇත ....මේ නීච කුලවල ඉපදත් බුදුන්ගේ උතුම් වූ සීල ගුණයෙහි පිහිටා දෙව් මිනිසුන්ගෙන් වැදුම් ලැබ බුදුසසුන් බබුළුවා හිර සඳ සෙයින් ලෝකයෙහි ප්‍රසිද්ධ වූ සේක ...මෙවැනි සුන්දරතර ප්‍රනීත අනර්ග ශ්‍රේෂ්ට භාවයට පමුණුවන උදාරතර ගුණ ආනිසංශ ඇති බැවින් මේ බුද්ධ සාසනයේ හි සතර වැනි ආශ්චර්ය අත්භූත ධර්මයනම් වන්නේය" .....යනු දක්වා වදාරණ සේක්... "අයම් පහාරාද ඉමස්මින් ධම්ම විනයේ තුත්තෝ අච්ජරියෝ අත්භූතෝ ධම්මෝය දිස්වා දිස්වා භික්ඛු ඉමස්මින් ධම්ම විනයේ අභිරමන්තියි". පාලියෙන් වදාරණ ලදී.තවද පහරාදය ඒ මහා සමුද්‍රය යම්සේ කෙතක් ගඟා ජල පැමිනියත් කෙපමණ කල් වර්ෂා කලත් අඟලක් පමණවත් පිරී ඉතිරීමක් නොවන්නේය. ඒ ජල නොපමිනියත් අඟලක් පමණකුත් අඩුවක් කල්පාන්තෙහි මිස අඩු නොවන්නේද එමෙන් අසන්ඛ ගණන් ධර්ම මඬලවල ද බොහෝ සත්වයන් නිවන් පුරයට පැමිණියත් පිරීමකුත් නොපෙනෙයි, කෙතෙක් සත්වයින් නොපැමිනියත් එහි අඩුවකුත් නොපෙනෙයි නොහොත් බුද්ධෝත්පාද කාලයෙහි උපන් සියළු දෙව්මිනිසුන් විසින් අනන්ත මුඛම්ම ගෙන බුදු ගුණ වර්ෂා කලේවී නන්ගුණ මුහුද උතුරුවා ලියත්තෝ හැක්කා පානා ලධ්ධිය ගතුවන් කෙසේ උත්සහා කලත් ඒ ගුණ මුහුද අටා ඩු කොටත් ගත නොහැක්කේය.මේ පස්වැනි වූ ආශ්චර්ය අද්භූත ධර්මයන් වන්නේ" යයි වදාළ සේක ...
"තවද පහරාදය, ඒ මහා මුහුද හැමදාම ළුණුකර රසින්ම යුක්තවන්නේද එමෙන් මේ සාසන සද්ධර්ම නැමැති සාගරය ද සර්ව කාරයෙන් අනික් රසයක් නැතැයි" දක්වා වදාරණසේක්....සෙයියථාපි පාහාරාදය චලෙකේ සාමන්තියෝ මහා සමුද්දන් අප්පෙන්තී යාව අන්තලක්ඛාධා රපාප තන්තී ණතේන මහා සමුද්දස්ස ඌණ තත්වා පූණනත්තත්වා පඤ්ඤයතී එව මේව ඛෝ පහාරාද බහුවේපි භික්ඛු අනුපාදී සේසාය නිබ්භාන ධාතු යා පරි නිබ්භායන්ති නතේණ චා නිර්වාණ රසයෙන් මේ ශශ්‍රීක විය .....මේ සවෙනි වූ ආශ්චර්ය අද්භූත ධර්මය නම් වන්නේයැයි වදාළ සේක...
"තවද පහාරදය එම මහා සමුද්‍රය යම් සේ මුතු මැණික් වෛරොඩී අනේක ප්‍රකාර රත්තරා සිත්විරජිත වූයේ ද ඒ මෙත් මේ සද්ධර්ම සාගරයද සතර සති පට්ටානා දී සුත්‍රා නිබ්භාන රත්නයෙන් සශ්‍රීක විය...මේ සත්වන ආශ්චර්ය අත්භූත ධර්මය නම් වන්නේය" ....යැයි වදාළ සේක .
"සෙයියතාපී පාහාරාදය මහ සමුද්දේ එකරසෝ ලෝණරුසෝ ඒවා මේවඛෝ පහරාද අයරෙ ධම්ම විණයෝ ඒක රසෝ විමුත්ති රසෝ යනාදීහ" තවද වදාරණසේක්. යම් සේ පහරාදය මහා සමුද්‍රයෙහි තිමිය තිමින්ගලය තිමින් තිමින්ගලය අජඤාරෝහණය ආණන්දය යතාදී වූ මහා මත්ශ්‍යායින්ගේ විජ්ජාම්හත්තයෙන් හෝ ධාතුහොහතේ වේද එමෙන් මේ සාසනය නමැති සාගරය ද මාර්ග ඵල ප්‍රාප්ත සාරීපුත්ත මොග්ගලානාදී ශ්‍රාවක නැමැති මත්ස්‍යරාජයින්ගේ පැල බීමෙන් ඉතා හෙබෙතේය ප්‍රවෙති යවියමේ අටවෙනි ආශ්චර්ය අද්භූත ධර්මය නම්වන්නේ යැයි වදාරණ බුදු රජාණෝ "අය උපනත්තන් අයත්උපනත්තන් පහරාද ඉමස්මින් ධම්ම විණයේ අට්ටමෝ අච්ජරියෝ අත්භූතෝ ධම්මයෝයි" වදාළ සේක ...
මෙසේ සුරාසුරන්ණේ රෝ රගදීතුන්ලෝ වාසීන්ට තුන්පිටකයෙන් පන්සාලිස් අවුරුද්දක් මුළුල්ලෙහි ධර්ම දේශනා කර වදාර සංඛ්‍යා ගණන් සත්වයින් නිවන් දක්වා තමන් වහන්සේ මාරයා ගේ ආරාධනාවෙන් කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උයන් ක්‍රීඩා වෙහි වෘක්ෂරාජයන් දෙදෙනා අතුරෙහි පණවනලද ශ්‍රී යහන් හී බුද්ධ සෙයියා යෙන් වැඩසිට තිබු පානක්සේ පිරිනිවන් පැ සේක. තවද දස දහසක් සක්වල දිව්‍යන බ්‍රාහ්මණ රජදරුවෝද නාඟ ගරුඞ් රාජන් සමග හඹනට වන්හා. එකල්හී බොහෝ පෘතජ්ජන භික්ඛු හු කඳුළු ධාරා වගුරවා මහත්වූ සෝක විලාපයෙන් හඬති.ඒ දුටු බුද්ධට පණ්ඩිත නම් වූ මහනෙක් බුදුන් පිරිනිවන් බව යහපත කියා නැසුනාට තොප ඔහොම සෝක නොකරව.ඒ මහා ශ්‍රමණයා ඇති කල්හී මේ කැප යැයි මේ අකැපයැයි කියා ආඥාවක් කරමින් මේ තුවක්කල්හී අපට මහත් අපාසු කළේය. දැන් වනාහී අපි යමක් කැමැත්තක් තොපි මු නම් එහෙකර මහනෝ කැමැත්තක් උනුම් හා එසේ නොකරම්හ. ඒ මහා ශ්‍රමණයා කෙරෙන් අපි දැන් සැපසේම මිදී ගියම්හයි කී සේක. ඒ අභද්‍රවූ සුභද්‍රනම් පැවිද්දාගේ රෞද්‍ර වචනය අසා දෙවෙනි බුදු කෙනෙක් වැනි මහා කාශ්‍යප ස්ථවීරයන් වහන්සේ ඒ අසා අහෝ මේ පාපිෂ්ට මහණහු බුද්ධ සාසනය නසන්නට දැම්මම උත්සහා කෙරෙති අලජ්ජි මහණහු විසින් විනය ධර්මය පසු බස්සවා අවිනය අධර්මය ද්රිෂ්ටිමත් කොට සාසනය හානි කරන්නට පළමුවෙන් ධර්ම සංඝායනාවක් කොට මොහුගේ සිවුරු කඩමියි සිතා වදාරා ඉන්පසු කලමනා දේවල් කොට නිමවා රජගහ නුවර අජාසත් රජ්ජුරු වන්ගේ ආරාධනාවෙන් වස් වැස උපකරනෙන් පන්සියයක් පමණ මහරහතුන් වහන්සේලා රැස්ව හිද විණය පිටකය පටන් තුන් පිටකයටම වෙන වෙනම සංඝායනා කල සේක හෙවත් සුවාසුදහසක් ධර්මස්කන්ධය පශ්ශ්‍යා මුඛයෙන් සඟිපහට ඇතුලත් කළසේක ....එවිට දිව්‍ය මනුෂයෝ සාධු කාර දෙමින් මහා පූජා පැවැත්වූ හා මහා පොලොව කම්පාවීහ.
....මෙසේ දුස්සීල මතය පිණිස මහා කාශ්‍යප,උපාලි ස්ථවීරාදිය,ආනන්ද ස්තවීරාදී මහාරහතුන් වහන්සේලා විසින් ධර්ම සංඝායනා කොට සාසනය ද්රිෂ්ටිමත් කල සේක ...මෙසේ දුස්සීල පළමුවෙනිමද දිනය පිණිස කල සංඝායනාවයි....
ඉන්පසු සියක් අවුරුදු ගිය කල්හී විසාලා මහනුවර කාලාශෝක රජහු ද රජ සිරි පැමිණි සමයෙහි වසාමහවණ විහාරවාසී අලජ්ජ වූ වජ්ජි භික්ෂු හු බුදුන් විසිත්තෝ වදාළ අමුතු කාරණා දහයක් කැප වූහ. දසවස්තුවකැයි කියා උපදවාගන සාසනය දුස්සතයක කළාහුය. එනම් අකුප්පි වල බහා තබන ලද පිලිගත් ළුණු වළදන්නට කැප යැයි කියා එක්කේ ඉර කරකවා දෑඟලක් යනතුරු අහර වළදන්නට කැප යයි යනු එකෙක. සීමා භන්ධනයට හෙවත් පෝය ගෙට නොගොස් තම තමන් වසන අවාසවල දීම පොහොය පවුරනු උපසම්පන් ඇටිණය කර්ම කරන්ඩ වටිනේය යනු එකෙක. එබදු විණය කර්ම කාලායින් පසු ජන්ද පාරිසුද්ධිය ගන්ඩ වටනේය යැයි කියා එකෙක. උදය වලදනා විට පෙරැත්ත කිරීමෙන් පවරනය උනාම ගාමාන්ත්‍රයට යන පිණිස බද්ද්‍යා භෝද්ද්‍යා කන්නට වටනේය යනු එකෙක. මත්තෝ ගැ කිරි බොන්නට වටනේය යනු එකෙක.හොද නමුත් නොහොද නුමුත් ගුරුන් කල දේවල් කරන්ඩ වටනේය යනු එකෙක. ඉතා නුමුසු කල රා බොන්නට වටනේය යනු එකෙක. දාවළු නැති නිසි දණ වටනේය යනු එකෙක.රත්රියදී පිළිගන්නට වටනේය යනු එකෙක යන මේ දස වස්තුවේ වග නම් මේසේමයයි.
එකල්හී කාකන්ඩපුත්ත වූ පැවිදි යසනම් මහාරතුන් වහන්සේ ඒ විශාලා මහනුවරට වාළුකාරාම විහාරයට වැඩ ඔවුන්ගේ ඒ විහාර දැක බලා සිටින කල්හී ඒ දවස් පොහෝය කරණ තැනට පූජා පිනිස රැස්වූ උපාසකවරුන් විසින් දෙන රත්‍රන් බෙදා ගන්නා ඒ අලජ්ජි වජ්ජීන් විසින් උනු උනුන්ට බෙදාගෙන ඒ යස තම මහාතෙරුන් වහන්සේටත් කොටසක් දුන්නාහ. එකල්හී ඒ යස නම් තෙරුන් වහන්සේ මහනුන්ට ගිහියන්ට විසින් දෙන රන්රිදී දෙන්ඩ නුසුදුසු හැටි ද මහනුන් විසින් පිළිගන්ඩ නුසුදුසු සැටිද වදාළ සේක.මෙම කීම මහා වංශෙහි පෙන්වා ඇත. නකප්පතේ තන් මාදේථ ඉති තෙරෝ ස්වාරයි පටිසාර නියන් කම්මන් සසන්ථෙ රස්සතේ කරු ..එකල්හී ඒ වජ්ජී භික්ෂු හු සඟ මහා තෙරුන් වහන්සේට ප්‍රති සාරණීයිය කර්මය කළාහුය. එනම් විසාලා නුවර ශ්‍රද්ධාවන්ත උපාසකයින්ට යස නම් තේරුම් වහන්සේ විසින් අක්‍රෝසපරිභව හා බැන්නයි කියා උපාසක වරුන් ක්ෂමා කරවා ගන්නට ඇවිද්දවා කලාන්තව කිරීමය... එකල්හී යසනම් තෙරුන් වහන්සේ ඔවුන්ගෙන්ම අනුදූත කමට නමකුත් ඉල්වාගෙන විසාලා නුවර ගොස් ඇවිද උපාසකයින්ට කියා දෙන්නේ "උපාසක වරුනි, මට තොපට මෙබදු අක්‍රොස පරිභව බිනීමක් කෙරෙමී මවිසින් බුදුන් වදාළ සික්ෂා පද නොඟවා කියමි තොපි අසනු කැමැත්තෙමි එසේනම් අධර්මයට අධර්මය යයි කියමි. ධර්මයට ධර්මය යැයි කියමි. එසේ මිස අධර්මයට ධර්මය යැයි නොකියමි.ධර්මයට අධර්මය යැයි නොකියමි.එසේමිස අවිණයට අවිණයයයි නොකියමි. විණයට විණයයි කියමි.එසේම අවිණයට විණයයැයි නොකියමි.විණයට අවිණය යැයි නොකියමි.මේ මාගේ අක්‍රොස පරභව බිනීමය. තවද උපාසක වරුනි අප බුදුරජාණන් වහන්සේ විසින් චන්ද්‍ර සූර්යයානට අහුමහිධුමරජ රාහු යන උපක්ලේෂයන් ඇත්තා සේම මාගේ සාසනයෙහි පැවිදි වන මහනුන්ටත් උප ක්ලේෂ සතරෙක් ඇත. හෙ කවරේද සුරා පාණය කෙරේත නම්, මෛතුන සේවනය කෙරෙත නම්, රන් රිදී ඉවසා පිලිගනීත නම්, නැකත් වෙදකම් මිත්‍යා ජීවයෙන් ජීවත්වෙත්නම් මේ සතර සීල දුශ්‍යාය වන කාරණා සතරේකැයි වදාරා ඇත. තවද බුදුන් විසින් ගාමාති සුත්‍රයෙහි ...."යස්ස බෝගා මහීජා තරුපරජතන්කප්පන්ති පංච පිතස්ස කාමගුණ කප්පන්ති යසස්ස පංච කාම ගුණ කප්පන්ති එකන්ශේ නාගා මනි ධාරෙයියාසී අස්සමණ ධම්මෝ ආසක්‍යා පුත්තියා ධම්මෝ තියි"..කී සාග්‍රාම භෝජඛය යම් කෙනෙකුහට රන්රිදී කැපනම් ඔහුට ස්ත්‍රී සේවනාදී පංච කාමය කැපය යම්කෙනෙකුට රුපශ බැද දී පංච කාම සැප නම් ඒකාන්තයෙන්ම ඔහුගේ මහණ කමක් නැත්තේ යැයි වදාර නැවත දණත්ථෙ වහංගාමණී කේණ විපරියායෙන ජාත රූප රජත්සාදී තබ්බන් පරියේස තබ්බන්තිවද මීතියි ... (යනුවෙන් කොයි) තවද යනුවෙන් කොයි ලෙසකින් වත් මහනුන් විසින් රන්රිදී නොව ඉවසිය නො වැලලිය යුතුය,නොසෙවිය යැයිකියා වදාරණ ලද බුදුන් විසින් රජගහ නුවර උපනන්ද නම් තෙරුන් නිසා රන්රිදී නොපිළිගන්න ලෙස මහනුන්ට විනයේ ශික්ෂා පද පනවා ආඥා කර වදාරා ඇති එබැවින් උපාසකවරුනි මමද තොපට අධර්මයට අධර්මයයැයි කියමි .....අවිණයට අවිණය යැයි කියමි ....කියමි කියා ඒ යස නම් තෙරුන් වහන්සේ විසාලා නුවර වාසීන්ට විනේ බණ හෙළි කර වදාළ සේක .....මෙසේ වදාළ කලහි විසාලා මහනුවර උපාසකවරුන් කියන්නේ, "අනේ ස්වාමීනී, යසත් තෙරුන් වහන්සේ අපි මේ කාරණ මෙතුවක් කල් නොදනු. මම දැන් නුඹ වහන්සේගෙන් අසා දැනගතු මහා මෙහැටියට මේ සියල්ලෝම අශ්‍රමණයෝය ...දුස්සීලයෝමය ...නුඹ වහන්සේ පමණක් ම ශ්‍රමණශාක්‍ය පුත්‍ර වනසේක ...ස්වාමීනී යස ස්ථවීරයන් වහන්සේ ඔබ වහන්සේ කරුනා අපිට කරුණාවෙන් බුද්ධ සාසනය රක්ෂා කර ගන අපේ නුවරින් බැහැර ඉවත නො වැඩමෙහිම වැඩ සිටිය මැනැවයි, අපි නුඹ වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරනම්හයි කීය ...එකප්පස්සව හිඳ දොහොත් මුදුනෙහි තබා වැඳ සැලකලෝය ..එකල්හී ඒ යස නම් මහා තෙරුන් වහන්සේ විසාලා නුවර වාසීන් වස්ස චාරීත්‍ර හඟවා අනුදූතණ මහා සමඟ මහාවණවිහාරයට ම වැඩිය සේක...එකල්හී අලජ්ජි වජ්ජියෝ "කිමෙක්ද යසනම් තෙරුන් වීසින් උපාසකවරුන් සමා කරවා ගත්තේ දැ"යි අනුදූත නමගෙන් විචාලෝය ...එවිට ඒ අනුදුත නම සියළුම ප්‍රවෘත්තිය වෙන වෙන ම කියාදී ඒ යසනම් තෙරුන් වහන්සේ පමණක් ම ශ්‍රමණබව හඟවා අප සියල්ලෝ අශ්‍රමණ කල ශේකැයි කීහ.එවිට තද කෝපයෙන් ඒ දස දහසක් පමණ අලජ්ජී වජ්ජියෝ යසනම් තෙරුන්වහන්සේ වැඩහුන් ගෙයි වටකොට සිටියෝය. ..ඒ දැක එවිට යස නම් තෙරුන්වහන්සේ අහස පැන නැගී හිරු විමනක් සේ අහසින් ගොස් රහතුන් වහන්සේලාට එපවත් කියා මහා රහතුන් වහන්සේලා රැස් කරවා දොළොස් ලක්ෂයක් පමණ මහරතුන් වහන්සේලා දුස්සීල බල මඩිනය පිණිස විසාලනුවරට වඩිනා සේක.එපවත් ඇසු ඒ දස දහසක් පමණ වජ්ජී භික්ෂූන්මහත් වූ කළා ශෝකයෙන් රජහු කරා ගොස්, "එම්බා මහරජානෙනි, දුස්සීල පාපිෂ්ටයෝ රැලක් බුද්ධ සාසනය නසනු පිණිස මේ නුවරට එති. ඒ මහනුන්ට මේ නුවරට එන්ඩ සැදී ගත්තෝ දී ආපසු පන්නවයි" රජු හට සැල කළහ.එවිට කාලාශෝක රාජාණෝද ඒ බාලයින්ගේ වචනය අසා රහතුන් වහන්සේලාට එන්නට නොදී ඈත පන්නන ලෙස යෝධන් පිටත් කර ඇරිය හා එවිට අඥාණ කමකින් ඒ යෝදයෝ මඟ වැරදී වෙනින් වෙනින් පාරක ගියාහ.
මහරතුන් වහන්සේලා විසාලා මහනුවරට ඇවිත් පැමිණිසේක. එදවස් රාත්‍රියෙහි කාලාශෝක රජ්ජුරුවෝ ශ්‍රී යහන් මත්තකයෙහි පැන නැගී නිද්‍රාවට පැතීහ.එකල්හී ස්වප්නයෙන් ගොස් තද දුක්විදින ලෝකුඹු නිරයෙහි වැටී දුක් විදින විදිහ දැක භයින් පිබිද වෙව්ල වෙව්ලා හිද උදය තමන් ගේ රජ ගෙට දන් වැළදීමට වැඩිය රහතන් මෙහෙණින් වහන්සේ නමක් දැක වැඳ හිඳ තමන් සීනෙන් අපායෙහි උපන් බව සැල කළා හා එකල්හී ඒ මෙහෙණින් වහන්සේ වදාරණ සේක, "මහා රජෝත්තමේ අලජ්ජි වූ වජ්ජී භික්ශුන්ට බලයදී ලජ්ජීන්ට අගෞරව කොට එම අකුසල බලයෙන් නැසීගොස් ලෝකුඹු මහා නිරයේ හි ම උපදින්නේ යැ"යි "අලජ්ජී නන්බලන් දන්වා හා පේති විනයත් මම ජීවත්තෝ යේ ජාතෝ සීගම් හිරා ලෝහ කුම් ගියෝයි" ..යනමේ ගාථාවෙන් බණ වදාළ සේක. ...එකල්හී රජ්ජුරුවෝ ගින්නෙන්ද ගිය තැනැත්තෙක් අව්වට පෙරළුවක් මෙන් මහත් වූ චිත්ත සන්තාපයට පැමින "ඉතින් ස්වාමීනි, කුමක් කොට අපායට නො ගොස් ගැලවෙත් දැ"යි විචාලකල, "මහා රජ, තෝ සිල්වතුන් වහන්සේලාට වැඳ ක්‍ෂමා කරවා ගෙන අලජ්ජි භික්ෂුන් හැර දමා රහතුන් වැඳ පුදා ඔවුන් වහන්සේලා වදාළ ලෙස සාසන අභිවෘර්ධිය කළහොත් අපායෙහි නොවැටී සර්ව මෝක්ෂ සම්පත් ලබන්නේය යැ"යි වදාළ අහසට පැන නැගී සේක....ඒ දවස් මහා රහතුන් වහන්සේලාත් ඒ නුවරට වැඩි සේක. රජ්ජුරුවෝද රහතුන් වහන්සේලා දැක වැඳ පුදා සිවුපසයෙන් උපකාර කෙරෙමින් ධර්ම සංඝායනාවට ධර්ම මණ්ඩප ධර්ම ආසන දී සියළු කටයුතු නිමවා දී විසිතුරු අලංකාර දිව්‍ය පුරයක් මෙන් නිමවා ආරක්ෂා කරගත් අරහතුන් වහන්සේලා ද සත්සියයක් තෝරා ගෙන වස්තුව වූ පටන් කියවා බලා බුදුබනට ඇතුලත් නොවෙන අධර්ම අවිණය කැයි හැර දමා කතා වස්තුන් ප්‍රකාශයෙන් සකවාද පන්සියයක පරවාද පන්සියයක යනාදී දහසක් වාදයෙන් පරවාද මත ණය කොට දස දහසක් වජ්ජි භික්ෂුන් සාසනයෙන් පිටත් කොට හැරදමා පූර්ව යෙහි මහා කාශ්‍යප ස්ථවීරදින් විසින් සංඝායනා කල පරිද්දෙන් ම පළමු කොට විනය පිටකය විචාරා සංඝායනා කොට දෙවෙනි තුන් වෙනිව ඉතිරි පිටකය සංඝායනා කොට අටමසකින් නිමවා බුද්ධ සාසනය බබුළුවාසේක..මේ දෙවෙනි සංඝායනාවයි.
දුස්සීල මථණකළහ.ඉන්පසු ඒ සාසනයත් අහක්කර දැමු අලජ්ජී වජ්ජී හු දස දහසක් සම්ප්‍රත්යාන්තයට පැමිණ අඥාතර වූ සාසන විපත්ති කෙරෙමින් සිතා පැළලුප්නුවරට පැමිණ නැවතත් සාසනය නසන්නට පටන් ගනිමින් සින්දුසාර රජහුද පහදවා ගෙන රජ ගෙයි දී දන් කකා කල් යවනි. එකල්හී ඒ රජහුගේ අසෝක කුමාර තෙම ඉපද වැඩිවියට පැමිණ පිය රජහු ඇවෑමෙන් මුළු දඹදිවට අගරජව සත් හැවිරිදි වයස නීග්‍රෝධ සාමනේරයින් වහන්සේගෙන් බණ අසා සාසනයෙහි පැහැද සැට දහසක් තීර්තකයින්ට දුන් දන් වැට බිඳ දමා සැට දහසක් සිල්වතුන් වහන්සේලාටම දෙන්ට සලස්වා ඒ දුස්සීලයින්ට බත් නොදෙන ලෙස ආඥා කෙලේය. එකල්හී තීර්ථකයෝ සීලවන්ත මහණුන් වහන්සේලාට එකතුව අපිත් සිල්වතුමහායි කියා ඇවිද ගිනි පුපුරු ඉසින්නාසේ සාසන භේදය කරන්නාහුය.එකල්හී සිල්වතුන් වහන්සේලා ඒ දුස්සීල මහනුන්ට එකතු නොව දුස්සීලයින් හා පොහොය පවුරුනුද නොකරාන්නාහුය. ඒ ප්‍රකාර දඹදිව භික්ෂුහු දුස්සීලයින් හා සමග පොහොය නොකරණ බැවින් රජ්ජුරුවන්ගේ අශෝකාරාමයෙහි සත් අවුරුද්දක් පටන් පොහොය කිරීම ඇත හැරී තිබෙන බව සැල කළහ. එකල දම්ශෝක රජ "සඟහු පොහොය කරවා එව"යි,කියා ඇමතියෙක් යැවීය.ඔහු ගොස් වෙහෙරට පැමිණ, "පොහොය කර වදාළ මැන"වැයි සැල කළේය.භික්ෂු හු, 'දුස්සීලයින් හා සමඟ අපි පොහොය නොකරම්හ'යි වදාළ සේක.එකල්හී ඒ ඇමති තෙම රජ්ජුරුවන් වහන්සේගේ අනසක අඩුවක් නොව සිදුකෙරෙමියි සිතා කඩුවක් අතින් ගෙන පවක් නැත මුල වැඩවුන් තෙරුන් වහන්සේ පටන් කීප නමක් ගේ හිස සිඳ දමා හෙවත් ප්‍රධාන ප්‍රධාන මහනුන් හත්අට නමක් කපා මරා ගොස් ඒ පවත් රජ්ජුරුවන්ට සැල කෙළේය. නමින් විසිතුරු ප්‍රසිද්ධ මහා පිනැති ඒවිට ධර්මාශෝක රජ්ජුරුවෝ මහා ශෝකයට පැමිණ වෙහෙරට වහාම ගොස් මල ශරීර දහන කෘත්‍ය කොට නිමවා "අනේ මේ අකුසලය මටත් ඇද්දැ"යි කියා භික්ෂුන් ගෙන් විචාරති. නියම යක්කොට දැන ගත නොහී මොග්ගලී පුත්ත මහා තෙරුන් වහන්සේ වැඩමවාගෙන වැඳ පුදා ප්‍රදේශ පෘතුවිය කම්පා ව දැක පැහැද සඟහු මැරූ ප්‍රවෘත්තිය සැලකර, "මටත් ඒ අකුසලය ඇද්දැ"යි විචාළහ. "සඟුන් මරවන සිත් කල්පනාවෙන් කිදැ"යි විචාර හා "නැතැයි" කියා සැලකලවිට, "එසේ වීනම් අකුසලයකුත් නැතැ" යි වදාරා සුත්රයකින් හා ජාතකයකින් ක්ෂමාව දුරු කොට බණ වදාළ සේක. "කෙසේ තෝර මෝ දැයි ස්වාමීනී" කී කල්හී, "මෙසේ මෙසේ යැ"යි කියා සමය උගන්වා වදාළ සේක .රජහු විසින් ඒ මහාරහතුන් වහන්සේ ගෙන් සතියක් ඇතුලත සමය ඉගෙන ගෙන දඹදිව සිටිය සැම මහනුන් යක්ෂයින් ලවා ගෙන්වා ගැන රජ උයනට වැඩ විසිතුරු සුවද මල් දියෙන් රන් රිදී ගවයින් හා අලි ඇතුන් රජ පිරිස් මාධ්‍යයෙහි රජ හු හතරෙහි තිරයෙන් ඇතුලත හිඳ "බුදුන්ගේ වාදය කිමෙක්දැ"යි රජහු විසින් විචාරන කල්හී, "සමහර බණ නොදන්නා මිත්‍යා දෘෂ්ටික මහණහු ශ්‍රශ්වත වාදයයි කියති.සමහරෙක් නොදන්නා මහනුන් කියන්න හු උජ්ජේද වාදයයි කියති.සමහරෙක් එකාත්වාත ශ්‍රස්වත කියති.මෙසේ විනයක් බණත් නොදන්නා දුස්සීලයෝ තම තමන් කටට ආ වක් දොඩත්".එකල්හී රජහු "මොහු මිත්‍යා දෘෂ්ටි මහනොය"යි කීයා දැන් ඒක පාර්ශ්වයක හිදුවා සිල්වතුන් වහන්සේලා ගෙන්වා කිත්වා දී "භන්තේ භාගවායි "බුදුන් කවර වාද සේක දැ"යි විචාළේය.එකල්හී "විනය ධර්මය දන්නා භික්ෂුවත් භික්ෂුහු බුදුන් විභජ්ජවාද සේකැ"යි වදාරණ සේක.එකල උන්වහන්සේලා සැබෑ මහනුන් වහන්සේලා ම යයි දැන එක් පාර්ශයක් හිඳුවා සැට දහසක් පමණ දුස්සීල මහණහු සිවුරු අරවා සුදු පිලි හන්දවා ඒ ඒ තැනින පන්නා සීලවන්ත භික්ෂුන් වහන්සේලාට බලය දුන් හා එකල්හී මාරහතුන් වහන්සේ ලා දහසක් එකතුව වැඩ හිඳ පූර්වයෙහි කල සංඝායනාවල් දෙක සෙයින් විනයාදී තුන් පිටකයම සන්ඝායනාකොට බුද්ධ සාසනේයෙහි පිරිසිදු කළසේක.තුන්වෙනි සන්ඝායනාවයි.
දුස්සීල මහණ පිරිස කළසේක .තවද මෙසේ ධර්මාශෝක රජ්ජුරුවෝ එකදවසම සලක්ෂයක් බැගින් වස්තුව තුනුරුවන්ට පුදමින් ස්වාසු දහසක් විහාර කරවා එක දාම කොත් පළදවවමින් "මම සාසනයට අතුලත් දැ"යි විචාල කල කල්හී, "තවම නැත මහරජය" රහතුන් වහන්සේලා වදාළ සේක."මම කවදා ඇතුලත් වෙමිදැ"යිවිචාල කල්හී, "නුඹ වහන්සේට ජාතක දුවෙක් හෝ පුතෙක් හෝ බුදු සසුනෙහි පැවිදි කරවාළු කලාහුනානම් ඇතුලත් වන්නේය යැ"යි වදාළ සේක.එකල්හී ඒ ධර්මාශෝක රජ්ජුරුවන්නේ දකුණු පය ආසනයෙහි හුන් මහා පිනැති මිහි කුමාරයන් දෙස බලා "පුතා මහින්දය, මා සාසනයට ඇතුලත් කරන්නට පොහොසත් දැ"යි විචාල සේක. පියාණන් දෙස බලා, "ස්වාමීනී මමද පොහොසත් මී යි" කී "අදම මම මහණ කරවා සාසනයට ඇතුලත් වී වදාල මැනවැයි"කී කල්හී, වම පය හුන් රන්මෙරක් වැනි මහා පිනැති සම්මිත්ථා නම් කුමාරියා දෙස බලා "දියණියනි, මා සාසනයට ඇතුලත් කරන්නට පොහොසත් ඇද්දැ"යි කියා විචාල සේක. පියාණන් දෙස බලා, "ස්වාමීනී අදම මම මහණකරව" කී දැය ඒ දෙදෙනාම බුද්ධ සාසනයෙහි මහන කරවා උපසම්පදා කරවා ළුහ.ඒ දෙදෙනා භාවනා කොට නොබෝ දවසකින් රහත්ව සිට ශක්‍රයාගේද වත් වණාය සහ ගුරු උපාධ්‍යාචාර්ය වහන්සේලාගේ වමතයෙන් විනේධරව පන්චමව මෙම ලක් දිවට අහසින් වැඩ බුදුවසින් දෙසීය අට තිසි වර්ෂයෙහි රජ වූ දෙවෙනිපැතිස්ස රජහු පහදවා ගෙන බුදු සසුන් මවා පිට කත්ත ධර්මය පාලි භාෂාවෙන් අටුවා සිංහල භාෂා වෙනුත් ලක්දිව් වැසි භික්ෂුන්ට උගන්නවා ලමින් ධර්ම සංඝායනාවක් කළසේක.සතරවන ධර්ම සංඝායනාව කල සේක.
ඉන්පසු බුදුවසින් තුන්සිය හැත්තේ හයක් ගිය කල මේම සීරිලක රජවූ දුටු ගැමුණු හා සද්ධා තිස්ස රජහු දවස සුද්ධ ලෙස බුද්ධ සාසනය අභිවර්ධනය කෙරෙමි න් ඉන්පසු බුදුවසින් සාරසිය තිස් තුනක් පසුවූ කල්හී රජ සිරි පත් වලගම්භාහු නම් මහා රජ හු දවස ත්‍රිපිටක ධාර දහසක් පමණ මහා රහතන් වහන්සේලා තුන්පිටකයෙහි ස්වාසු දහසක් ධර්ම ස්කන්ධය සහ සිංහල භාසා අටුවා ද පොත්වල ලියවා වූ උගන්ටිය මඞ්මගත්ථිය මහගත්ථිය යනාදී වූ ගැටපද ද ලොවට ප්‍රකාශ කොට බුදු සසුන් බබුළුවා වූ සේක.පස්වෙනි ධර්ම සංඝායනාවයි, මෙහි පොත් සංඝායනාවයි ...
ඉන්පසුද බුදුවසින් නවසිය පනස් හයක් අවුරුදු ගිය කල්හී මහානාම නම් නෙරපති හු දවස බුද්ධ ඝෝෂාක නම් අටුවාක තැන් වහන්සේ දඹදිවින් මේ ලංකාදීපයේ හි අනුරාධපුරයට වැඩ විසුද්ධි මාර්ගාදී ත්‍රිපිටක අටුවා සිංහල පෙරලා පාලි භාෂාවට නඟා අවුරුද්දක් ඇතුලත අටුවා කොට නිමවා දඹදිවට වැඩි සේක.මෙහි සිංහල අටුවා පාලියට නගා පිරිසිදු කොට බුදු සසුන බබුළුවා ළුහ.සවෙනි වගයි.
ඉන්පසු බුදු වසින් එක දහස් පන්සීය සත අසූවක් ගිය කල පොළොන්නරු පුර රජ කල සිරි පැමිණි පරාක්‍රමබාහු රජහු දවස දහසක් පමණ ත්‍රිපිටකධර මහා තෙරුන් වහන්සේලා දේශනාව අටුවවලට ටීකා වර්ණනාවක්කොට බුදු සසුන් බබුළුවාහ.තවද මෙම පොළොන්නරු පුරයෙහි දී දුස්සීලා මථාණ යක්කරණ ලද්දේය.හේ කෙසේද යත් අභය ගිරියවාසීහු ද ජේතවනවාසීහු ද මහා විහාරවාසීහු ද සමහරෙක්ද දුස්සීලව සිල් නොරැකවතු කුඹුරු වවාගෙන අඹු දරුවන් රකිමින් ගිහි ගෙයි වසන්නා වුන් සෙයින් නො කටයුතු කෙරෙත් මින් කටයුතු වත් පිළිවෙත් නො කටයුතු හැරදමා දුස්සීලයෝ බුදුන් සසුන් කෙලෙසා කෙරෙන්ද, මීට මීට පළමුත් දුස්සීලයින් තෝරා හැර දමා බුදුන් රහතුන් ඇති කාලයෙහි පටන් සාසනය පිරිසිදු කිරීමෙන් පැවත් එන සිරිතක් බැවින් මා විසිනුත් මේ දුස්සීල කුණු අහක්කර දමා, සාසනය සුද්ධ කෙරෙමියි සිතා ප්‍රදානී ප්‍රදානී වූ දුස්සීල මහනුන්ට තරාතිරම් බලා රදල මුදලි තනතුරු දෙමින් සිවුරු හැරවා සුදු පිලි හන්දවා අභයගිරිය ජේතවනය යන විහාර දෙකෙහි සැම දුස්සීලයෝ ම ගිහි කළාහ.තවද මහා විහාරයෙහි සමහරක් එසේම සිවුරු හරවා සමහරෙක් සාමනේර කරවා ඉතිරි සිල්වන්ත භික්ෂුන් ලවා උපසම්පදා කරවා බුදු සසුන්ම්ම වා වටිනේය, ටීකා වර්ණනාවද කරවා එම කුසල බලයෙන් නැසීගොස් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින සේ දීර්ගායුෂක් වු රණදේව නම් දිව්‍ය රාජයෙක්ව හිමාල වනයෙහි උපන්නාහ.
තවද ඊට පූර්වයෙහි දඹදිව දුස්සීල අලජ්ජී වජ්ජීන් විසින් ඉපදවුවා පිරිය සහ වෛතුල්‍යවාදී නම් වූ සාසනය භේදය මේ ලකට පැමිණිකල අභය ගිරියෙහි හා ජේතවනයෙහි දුස්සීලයෝ පිළිගෙන රහස් බණ කැයි කියා බණ නොදන්නා අයට කියා දෙමින් මිත්‍යාදෘෂ්ටි ගත්වා විෂ තෙල් පොවන්නාක් මෙන් අකුසල් බෙදා දුන් සැටි හා ගුණ නුවන පින් ඇති බණ දන්නා ස්ත්‍රී පුරුෂයින් විසින් ඒ දුස්සීලයින් නසා වෛතුල්‍යවාද දියද ගිනිලා නැසූ සැටි ද නිල පට්ටාරාදි සාසනය විනාස කරායින්ට පත්වූ අනර්ථය ව්‍යසන ද රාජරත්නාකාර ශ්‍රස්වතා රස ධර්ම රත්නාකරාදියේහිත් පෙන්වා ඇත.
තවද මහා විජයභාහු රජ දවස ලක්දිව භික්ෂූන් දුස්සීලව ගිය බැවින් එක උපසම්පදා කෙනෙකුන්නැති නිසා නොලඹ දඹදිව රාමන්‍යා දේශයෙහි අනුරුද්ද රජ්ජුරුවන් වෙතට බොහෝ පඬුරුපාක්කුඩන් සංදේස සහ දූතයින් ඇරඒ දේශයෙන් සිල්වත් සංඝයා වහන්සේලා වැඩමවා ගෙන මේ ලංකාද්වීපයේ හි සාසන අභිවෘධ වර්ධන කළසේක.ඉන්පසු ලක් දිව භික්ෂුහු දුස්සීලව ගොවිකම්, වෙලදාම්, ආදියෙන් රැකී සාසනය දුස්ස්‍යා කරන කල්හී ප්‍රථම මහා විමල ධර්මසූරිය රජ්ජුරුවෝ මේ රට රහිත් වස (මේ වචනය තේරෙන්නේ නැත) කාලයෙහි සාසනය නැතිවූ නිසා රක්ඛන්ඟදේශයට අනගි පඩුරු සහ දූතයින් සංදේශ ඇර දේශයෙන් එහෙන් සංඝයා වහන්සේලා වැඩමවා ගෙන අවුත් මල්වත්තේ විහාරස්ථානයෙහි වඩා හිඳුවා ගැටබෙ තොටේදී උදකුක්ෂේප ජල හි මා ඇති සීමාවෙහි දී උපසම්පදා කරවා සාසනය අභිවෘධි වර්ධනය කල සේක.
ඉන්පසු භික්ෂු හු දුස්සීල වූ බැවින් සාසනය නසන බැවින් ද්වතීය විමල ධර්මසූරිය මහා රජාණන් විසින් තමන් මුත්තනුවන් විසින් සංඝයා ගෙන්වා ගත් රක්ඛංග දේශයට ම දූතයින් සහ පඬුරුපාක්කුඩන් ඇර එහෙම්ම සීලවන්ත මහා සංඝයා වහන්සේලා වැඩමවාගණ ත්‍රී සිංහලද්වීපය හිසෙන් ගඹගල අභි වෘද්ධිවර්ධන පූප්ප්‍රයෙහි දලදා මන්දිර ඉදිරි නුදුරු තැන සිල් පිහිටි මල්වත්තේ විහාරස්ථානයෙහි වඩා හිඳුවා ගැටබේ තොටේදී ජල ශ්‍රී මා උනුන් විසින් ක්‍රමක් ක්‍රමයෙන් බුදුන් නො වදාළ අධර්ම ගොවිකම්, වෙලදාම්, නැකත්, වෙදකම්, වෙනත් කටයුතු ආදී කිරීමට පැමිණ අධර්මය අවිණයබලා ධර්ම විනය නොබලා උණු උනුන්ගේ හිතුවක් දේවල් ම කරමින් දුස්සීලව වසන කල්හී ඒ රජහුගේ පුතුවූ ශ්‍රී වීරප්‍රේම නරේන්ද්‍රසිංහ මහා රජාණන් කාලයෙහි දුස්සීලව වසන සූර්යගොඩ ලොකු උන්නාන්සේ ළඟ පැවිදිව සිටින වැලිවිට සරණන්කර සාමනේරයන් වහන්සේ ශ්‍රද්ධ ප්‍රවජ්ජිත කෙතෙක් ම වන බැවින් බොහෝ උත්සාහයෙන් ශබ්ද සාස්ත්‍ර බණ දහම් ඉගෙන ගෙන ඒ උගත් දේවල් හිටිනා මළුවේකියන දුරාවේ නමටත්, එලිපත්ගමුවේ නමටත් උගන්වා ඒ දෙනම ලවා බොහෝසේ ගෝල බාලයින් තනවා ධර්ම ප්‍රකාරනාවල් කරවා මන්ජුසය දසත්‍යා කොට රජ්ජුරුවන්ට දන්වා සතුථි අවකරවා දඹදිවින් සිල්වත් සඟුන් වැඩමවා ගන්නට සැලකළ කල්හී නොලැබුණු බැවින් විහාර දෙකේ දුස්සීල මහනුන් ට එකතු නොව ඔවුන්ගෙන් පැන් පමණක් වත් නො වළදා වෙන්ව තමන්ගේ ශිෂ්‍ය පිරිස පිරිවරා සතර සත් කෝරලේ සැරි සරා වැඩමනකල්හී ඒ රජහු උක්කුත්වී ගිය කල්හී විජයරාජසිංහ රජ්ජුරුවෝ රජ කල කල්හී ඒවත් සැලකර පඬුරුපාක්කුඩම් සහ සංදේශ දුතයින් දේශයට හැර නැව් නැගී ගියා හා නැසී ගිය බැවින් ඉන්පසුව රජ වූ කීර්ති ශ්‍රී මහා රජ්ජුරුවන්ට සැලකර සිටි කල්හී විල්බාගෙදරරාල ඇතුළුව බොහෝ දක්ෂ පක්ෂ ඇත්තන් සහ අනගි පඬුරු සංදේශයෙහි සියමෙට ඇරි සේක. ..තවද සියමේ රජ කරන ආයාද්‍යා රජ්ජුරුවනට ප්‍රීතිත් රජ විසින් උණතාවර්ත වූ උපාලී ස්ථවීරා දී සාමනේරයන් සහ උපසම්පද පස්විසි නමක් සින්හලදීපයට වැඩමවාගෙන අභිනව කරවන ලද මල්වත්තේ විහාරයේ වැඩ ඉන්ඩ සලස්වා සිවු පසයෙන් උපස්ථාන කල සේක.
විසිතුරු පුලිල සමන් සුවද නුවර සුදු වැලි තවරා නා නා විසිතුරු සැරසිලි ලවා දළදා පෙරහැර පිටත් කරවා පංච තුර්යනාදයෙන් රජ නික්ම ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් දෙසීය අනු වෙනි වර්ෂයෙ හි ඇසල පුර පසළොස්වක නම් බදාදා දේසෙන්ම ආ කෙනෙක් පළමු කොට මල්වත්තෙ විහාරයේ
ලැගුන් ගෙවල් වලට මද්‍යයෙහි කර තුබු බණමඩුවේ දී උපසම්පදා කරවා ඊට දෙවෙනිදා හවස එම බණට සරණංකර සාමනේර උන්වහන්සේ, හුලන්ගමුවේ බණ්ඩාර දෙනියේ තිබ්බටුවාවේ නාවිත්තේ යන මේ පස් නම උපසම්පදා කරලා එතැන් පටන් පයිගමුවේ උන්නාන්සේ විසින් මහන කරගෙණ තනාගත් ගෝලයෝ හත්සියයක් ක්‍රම ක්‍රමයෙන් උපසම්පදා කරමින් තුන් දහසක් පමණ සාමනේර කරමින් තුන් අවුරුද්දක් ඉක්මවාගියින් පසු ශ්‍රී වර්ධන පුරයෙහි එම බණ මඩුවම සීමා බන්ධන ණය බැද උඩරට, පාතරට බොහෝ සේ සීමා බැඳ හා මෙසේ කළමනා දේවල් කොට නිමවා සංඝ රජ්ජුරුවන් විසින් ද නායක උන්නාන්සේ ලා විසින් ද රජ්ජුරුවන් ගේ අළු ගාන මිත්‍යා දෘෂ්ටිය අරවන්ඩ බණ කියා නාරින බැවින් "මේ මිත්‍යා දෘෂ්ටි දෙමළා සමග අප ට මේ රටේ සාසනය වවන්ඩ බැරිය. වෙනින් සත් පුරුෂ කෙනෙක් රාජ්‍යට තබමුව කියා කරත් හොදද" කියා මල්වත්තේ විහාරේ උන්වහන්සේලා රදල වරුන් කතා කරගෙන පට්ටිය බණ්ඩාර රජකමට ගනිමුව කියා ද සමහරෙක් කියන්න හා ඊටත් වඩා දෙසෙන්ම කෙනෙක් ගෙන්වා ගත්තොතින් ඉතාම හොදේය කියා සියමෙන් ආ උන්වහන්සේලාට දැනුන් දුන්නා හා උන්වහන්සේලා ද ඊට ප්‍රියව සියමෙට අරින්නට ලිවුන් ලියා මේ රටේ රජා අළු ගානා මිත්‍යා දෘෂ්ටියකු බැවින් සියමෙන් ම රාජ කුමාර කෙනෙක් මේ රටේ රජ කමට ගෙන්වා ගන්නා ලෙසට සංඝයාත් රදලවරුන් කියා සිටින බැවින් නොපමාවම එවන්ඩ ඕනෑ ය කියා ලියා දුන් කල්හී මේ රටේ නැති ඕනෑ පොත් වහන්සේලා ගෙන්වා ගන්ඩ ඕනෑ කියා කීර්ති ශ්‍රී රජ්ජුරුවන් රවටා ලියුන් සංදේශ වල් දේසේ ඇරියාම සියන් රජ්ජුරුවෝ ඒ දැක සතුටුව රාජ කුමාර කෙනෙක් මහන කරලා රන් පොතකුත් දෙමින් සංඝයා සමග පිටත් කර ලක්දිවට එව්වා ය. වැඩියා වූ ඒ උන්වහන්සේලා මල්වත්තේ විහාරයට වැඩමවා අවුත් සංඝයා දැක මැතිවරුන්ට කියාදී රන්පොත්කුත් වැඩමවා ගෙන විද රිසින්නා මරි කෙනෙක් දේශයෙන් වැඩියා ය" කියා රජ්ජුරුවන්ට ඔප්පු කර රන්පොත සතර වීදියේ පෙරහැර කරවා රජ ගෙට වැඩමවා සංඝයා වහන්සේටත් ගරු නම්බු උපකාර හොද ආකාර පවත්වන විට රදලවරු මල්වත්තේ සංඝයා සමග කතා කොට "ඉතිං අපගේ අභිප්‍රව නොපමාව සිද්ධ කර ගන්ඩ ඕනෑ " යි කියා ඊට නිසි උපාත් කතා කරගන මල්වත්තේ බණ මඩුව අතුල පිට විමුර්ත පල විසිතුරු නා නා ප්‍රකාර බොහෝ සේ සැරසිලි ලවා ධර්මාශනයට නුදුරු තැන වලවල් තුනක් පොලොව යට දිය උනනතෙක් ම සාරා යකඩ උල් සාදා උඩින් ලනු දහයක් ඇද ඊට උඩින් කෙහෙල් පතුරු අතුට ඊ මතුපිටයෙන් වසා කොට්ට සළු දමා අතුට ලනු සුත්‍රයක් ඇදපු කලපය උඩුකුරුව ඉස යටිකුරුව යකඩ උල් පිට වැටුණු විට උඩින් පස් වසන ලෙසට සාදා එදා හවස බණ අසන ලෙසට වැඩමවන්නට රජතුං කට්ටුවට ම සැලකල කල්හී රජතුංපලම පුද පූජාත් ගෙන්වා ගණ වැඩම්වන්නට ආරම්භ වූ විට පිළිම තලව්වේ නිලමේ කෙනෙක් ඒ හදිපෙරලිය විදිය තෝරා කියා නොව වඩමවන ලෙසට සැලකළාම එසේ වීනම් යන්ඩම ම ඕනයි කියා මල්වත්තේ විහාරයේ එම බණ මඩුවට වැඩමවා පන්සිල් සමාදන්ව ධර්ම පූජා පවත්වා සිටගන ම වැඩසිට ජාමයක් මුළුල්ලේ බණ අසා දෙවෙනි ජාමයේ ත් බණ පූජා පවත්වා ඒ වලවල් ලඟට වඩමවා වඩා වදාරණ ජයකොන්තයේන්ම කෙහෙල් පතුරු කඩා හෙලා යකඩ උල් ගොඩට අඬවා වලවල් පස්වසා ඊපිට රාජෂණ පනවා වැඩසිට එළිවෙන තුරු බණ අසා උදෑසනතත් බණ පූජා පවත්වා රජ ගෙට වැඩමවා ඉන්පසු පයින්ඩ ඒවා සංඝ රජ්ජුරුවෝ නායක උන්නාසේලත් රදල මුදලිවරත් රජගෙට ගෙන්වා රජ්ජුරුවෝ රාජාසනේ වැඩ සිටගෙන පළමු කොට වැලිවිට සංඝ රරජ්ජුරුවන්ගෙන් අහා වදාරණ සේක් "මොකද උන්වන්හසේ, තමුන්වහන්සේලා ගේ පන්සලේ ඊයේ රාත්ර්යෙහි කරපු පිංකම අපට නොදැනුවේ"යි කියා අහ වදාළම සංඝ රජ්ජුරුවෝ කතා නොකර සිටිනවිට නැවතත් "තමුන්නාසේත් දන්නවාද" කියා අහ වදාළ ම, "මම දන්නවා ත් නොවෙයි නොදන්නවත් නොවෙයි" කියා සැල කලාය.එවිට "ඒ මොකද" කියා කීර්ති ශ්‍රී රජ්ජුරුවන් විසින් අහ වදාළ ම "වල වල් කපා උල් සාදා කල හිතුවක් පමණක් මම දන්නවාය ඊ බෝම තේරී හැගී ගියේය. ඒ හැටියට මයෙන් අහලා මට දන්වලා නොකළ නිසා මම දන්නෙත් නැත" කියා සැලකලාය."කොයි ලෙසින් වත් තමුන්නාසේට දැනුන් ගිය කොට මට නොකීවේ ඇයි දැ"යි කියා අහ වදාලාම රජ්ජුරුවන්ට ඇගිල්ල පෙන්වා, "මගේ මේ ඇඟිල්ලේ නිය මිත්ථාක කාවන කරනවාට ඊට මම බෙහෙතක් නොකර සිටිනෙන්මියෙයි දෝ යන අකුසලට භයෙ ය. එසේ වූ මම මෙසේ වූ රාජ ද්‍රෝහී කමක් නොපෙන්වා දෙමින් ගිහි පැවිදි රාශියක් මැරුවොත් මම පරලොවට වැරදි කාරයෙක් බැවින් කිව්වේ නැත" කියා සැල කලාය. එවිට රජ්ජුරුවෝ කියන්නාහු "මා මරුවාම හොදද" කියා අහ වදාළ ම "මම නොකී නිසා ඊට මට වැරැද්දක් නැත" කියා සැල කලාය.එවිට" තමුන්නාන්සේ ගේ ගෝලයන්ද මොකද හොදද" කියා අහ වදාළ ම ඊට සංඝ රජ්ජුරුවෝ ඊට උත්තර නොකියා ම "වැඩ සිටින විට වැලිවිට කෙනා සාසනය ම වනසනවාය කියා ලෝක සාසන දෙකම නසාපි කියාද දහස්ව හිර කරන්ඩ කියා නියම කලාය.නායක උන්වහන්සේලාත් තැන් තැන්වල හිර කරව රදල වරු ගෙන්වා "මෙහෙම නපුරු කමක් කරන්ඩ හිතුවේ ඔබලාට මම මක්කා කලාටද" කියා රජ්ජුරුරුවෝ අඬ අඬා සළු පටින් කඳුළු පිස පිසා අසමින් සමරක්කොඩි අදිකාරම ගෙන්වා "සැබෑ අදිකාර ඔබට මම නිලතල දෙමින් අදිකාරන් දුන්නාට මට මේ ඔබලා කරන්ඩ තැනු කාරනාව හොදද වරද ඇද්ද නැද්ද" කියා අහ වදාළ ම "මරන්ඩම වරද තිබෙන්නේය "කියා සැල කළාහ. එසේනම් "මරන්ඩයි" කියා කඩුවෙන් හිස කප්පවා සෙසු රදල මුදලි වරු උල් තිබ්බහ ..සියමෙන් ආ උන්නාසේලාට උදහස්ව "ඒ හොරුය සාසනේ වවන්ඩ ආ සීලවත්තයෝ නොවෙයි, මිනී මරා රට පාළු කරන්ඩ ඇදින හොරු වගයක් ඔහුනුත් මරන්ඩම ඕන"යිකියා යෙදුනාම මීගස්තැන්නේ නිලමේ කෙනෙක් විසින් රජ්ජුරුවන්ට සද්දන්ත ජාතකයෙන් බණ කියා "බුදුන්නේ සිවුරු නාමෙට පිනට ඇරෙන්ඩ ඕනෑය" කියා සැලකර සිටියා ම "හොදයි" කියා "එහෙනං බුදුන් ගේ සිවුරු නිසා පිනට අරුනා" ය "දැන් මම පන්නන්ඩෙයි" කියා එදාම නුවරින් පැන්නුහ. ඒ උන්නාසේලා කෑම නැතිව ක්ලාන්තව දේශේ පුරුදුවට මේ රටේ ද උක් ගස්වලට ඇත් කිරි බී බි ලේ වමනය කර සමහර උන්වහන්සේලා මැරී ගියා හා යන මේ කාරණාවලත් දී වනබව දඹදිවට ත් හැගී ගිය සේක. ...එකලට දඹදිවින් සන්නාසියෙක් අනුරාධපුර පාරෙන් ගොස් කසා තොටින් එතරව සෙන්කඩ ගලට ඇවිත් නුවරට පැමිණ උනතා හා නොයෙක් කතාවල් සහ ග්‍රන්ථයක් කීහ. ඇමති මණ්ඩලය රදලවරු සහ විහාර දෙකේ උන්නසේලා ගෙන්වා ඒ ග්‍රන්ථය තෝරන්ඩ යේදී කාටත් උත්සාහ කොම බැරි බැවින් සංඝ රජුජ්ජුරුවන්ඩ නම් පුළුවන් කම් ඇත කියා සැලකළ විට ගෙන්වන්ඩේ යි කියා සංඝ රජ්ජුරුවෝ හිර කල තැනින් නුවරට ගෙන්නුහ."විඤඤනේ ව විජාන තිවින් මජ්ජත පරිශ්‍රමම් නහී වන්ධ්‍යා විජාතා ති ගවින්ති ප්‍රස්ව වේදනා"යි....යන මේ ගාථාව කියවූ විට සංඝ රජ්ජුරුවෝ තෝරා කියා සන්නාසියා සතුටු කල කල්හී කීර්ති ශ්‍රී මහා රජ්ජුරුවෝ පැහැද ක්‍ෂමා කරවා ගන කරුණාවත් ලැබී නායක උන්නාසේලාත් හිර කරපු තැන් වලින් ගෙන්වා ක්‍ෂමා කරවා ගණ "උන් වහන්සේලාගේ වරදක් නොවෙයි වරද තමාගේමය මම අළු නොගැවානම් මා මරන්ඩ හිතන්නේ කවුද අළු ගෑමේ දෝස මට ඉහාත්මෙහි ම පල දෙන්ඩ තැනුවය, පරලොව නම් කෙසේ නොවේද මේ අළු ගෑම මම ඉතින් ඇත හරිනවාය" කියා ඇර දමා එතැන් පටන් අළු දැලි ගාපු ලිවුමක් වත් නො බලන ලෙසට අඥා කර දක්වන ලීවුන්වල කහ ගා දක්වන්ඩ යෙදුනාය. එතැන් පටන් ඒ ප්‍රකාරම ලිවුන් කහවලින් ම මැද මැද තවද දැක්කේ වුවාය යන කාරණා වන් බොහෝ අය හොදාකාරවම තව දක්වා ම දන්නවා ඇත.
තවද ඉන්පසු රාජධානී දෙකක් පසු උනු තැන දී මිත්‍යා දෘෂ්ටි එරෙප්පකාර කුමාරිකාවක් හෙවත් මහේසිකා කෙනෙක් ක්‍රිස්තියානී ආගමෙන් රජස් ශ්‍රීව විදිමින් එකල්හී බුද්ධ සාසනය වවන්නට රජ දරුවෝ නැත, රදල මහත් කම් නැත මේ ලංකාවෙහි ආගම් වෙන්ව එකල්හී රජ්ජුරුවෝ බුද්ධ සාසනය නොදන්නා නොබලන මිත්‍යාදෘෂ්ටි ක්‍රිස්තියානි දේව ආගමක් පවත්වාගෙන යන්නේ ය ..තවද එසේ හෙයින් ආගම් පහක් ම තිබෙයි.යනු හෙයින් බුද්ධාගම් කාරයෝ ඒ ඒ ආගම වලට බැදී සිටින්නේය.සංඝයා වහන්සේ ලා විණය පිටකය සඟ විණයබලා නොහොත් නුබලා සමාගන් දෙකක්ව තිබෙයි. බුදුරජාණන් වහන්සේ නො වදාළ ලෙසට සමහරෙක් සමාගම් ඒ දෙකට උනු උම්ම පරිහරණ ගරිහා කරන්නේය. එනම් "තොපි සීලවන්තයෝ නොවෙයි දුස්සීලයෝය. අපි සීලවන්තෝ යැ"යි කියන්නේය.අනික් පාර්ශ්යෙන් කියන්නේ "තොපි සීලවන්තයෝ නොවෙයි දුස්සීලයෝ යැ"යි "අපි සීලවන්තයෝ යැ"යිකියන්නේය. නව දසියන් සමගම අතර භේදයක් තිබෙන්නේය. ප්‍රදීප දළදා මන්ධීරයට සමීපයෙහි අතුරු සමාගම් දෙකක් වෙයි.එනම් එගොඩ මෙගොඩ විහාර දෙකටද "උනුන් උම්ම තොපගේ පොහොය ගෙයි සීමා නැත, එසේ හෙයින් තොපට සිල් නැත" කියන්නේය. මෙසේ දෙපක්‍ෂ වෙන් වෙන් සමහර දවසක එකතු වෙන්නේය. පොහොය පවර්ණා ආදී වත් පිළිවෙත් කටයුතු කරන්නේය.මෙසේ පවත්වන්නේය.
තවද මෙම ලංකාදීපයෙහි දුස්සීල අලජ්ජී වජ්ජී මහනුන් විසින් බුද්ධසාසනයට ඇතුලත් නොවෙන කාරණා වෙන වේනම දක්වා තිබෙන්නේය. කාමමිජ්ජචාර,මුසාවාද,සුරාපානය,
අදිත්තදාන, ප්‍රානගාත යන මේ පව් පහෙන් නොවැලකෙන්නේය.තවද මෙසේ සාසනයට ඇතුලත් නොවෙන කාරනා නම් මහනුන් විසින් නොකරන හෙයිනුදු වදාළ විනය පිටකය බල බලාම අටවක් පහළොස්වක් පොහොය පවර්ණා දී වත්පිළිවෙත් අබ්භාණය තම තමන් ගේ සීල සුද්දී නැතිව රන් රිදී ආදී ගොවිකම්, වෙලදාම්, නැකත් වෙදකම්, පරදාර, බොරු, හොරකම් බදු වෙලදාම්, උකස්, ගම් හරක් මීගොන් නගුල් විය, දඩුකෙවිටි සී වැල්ධාතු, පෙති පිළිම, බණ පොත් විකුනත්, සිවුරු පාත්‍රා විකුණා නෑයනට දෙත්.ගන් නඩු කියත්, බොරු සාක්ෂී කියා දඩ ගස්සවත්,දුස්සීලයින්ගෙන් දඩ මුදලෙන් ගනිත්, පස් නමට සාන්ගීක දේ එක නමක් ගනිත්.තවද මොහුන් අපා දුක් සැපසේ ම අලජ්ජී වජ්ජී හු දුස්සීලවන්තයෝ නම් කසලා දැමු කුනු සකක් වැන්නේය. දුක සිඳ ඇති අසූවියක් වැන්නේය.අලුයම ම දැමු කෙල පිඩක්වැන්නේය.
සැ.යු; මෙය ලන්ඩන් පුස්තකාලයේ පරණ පුස්කොල පොතකින් උපුටා ගත් කරුණු වන අතර සමහර වචන හා අකුරු පැහැදිලි නැත. සමහර අකුරු දැනට අපි භාවිතයේ නැත.නමුත් හැකි උපරිමයෙන් සකස් කරන ලදී.

No comments:
Post a Comment