Sunday, 5 May 2019

දඹදිව හිමවත කවි





දස දහසක් යොදුනකි දඹදිව් ත   ල
විසිතුරු හිම තුන්දහසකි මන ක  ල 
තොසවන විල්සතකුන්  ඒ හිම තුල 
නිසල එරන්ගිරි කුළු සැදී හිම තු  ල. 

හිමාල පර්වත පන්සීය යොදුන    කි 
නමා වැහෙන ගංගා පන් සියය    කි 
අනෝතත්ත විල එපනස් යොදුනකි 
අමා ජලය නික්මුණු සිව් මුකය    කි .


රුවන් අකර හිම දහතල     පුවත         ර 
මෙවන්  රුසිරු සැදී දඹදිව  විස්ත         ර 
නොවන  මේ සැම පල කරුණු  නිමාකර 
කියන මදක් සිරි  කපිල වස්තුපු            ර.

තෙසට  දහස් යොදුනකි  දඹදිව් තල 
අවට පටුනු ගම් ලක්ෂ්යානු     කෙල 
දසඅට බාසාවකි සමයන්ව            ල 
එවිට උපන් අය  පින් ඇති    අවිකල.

උතුන් මුනිදු  මහා සව්වන් උපදි     න 
මෙවන් පසේ බුදුවන්ට  උපදි         න 
පසවන් විපුල මහ සිටුවරු උපදි      න 
මෙනන් මැද්ද මණ්ඩලයකි සසොබන  

   පරණ  පුස්කොල පොතකිනි .

No comments:

Post a Comment

අපි නොදන්නා අපේ ඉතිහාසය

  • මහා වංශය - - 🙏🙏🙏කාරුණික ඉල්ලීමක් නිසා මේ පොත ජායාරූපගත කිරීමට අවස්ථාවක් ලැබුණි.මෙය කියවන්න,තව කෙනෙකුට කියවන්න දෙන්න.අපි නොදාන්නාවූ අපේ සත්‍ය ඉතිහාසය. මාගෙන් හෙළය...
    5 years ago