Sunday 4 August 2019

විහාර අස්න නොහොත් නම්පොත


විහාර අස්න
සගම,පස්ගම,අරත්තන,මාදන්වල,විල්වල,කඩදොර, මොරපාය,දිඹුල,පුසුල්පිටිය,නියම් ගම් අයස්ථානය, වල්වාසගොඩ,සැලව,අරම,මැදිලිය,දික්පිටිය, බම්පනේ,කාරියගම,දඩගමුව,අලුත්නුවර, පරණනුවර,
මාවෙල,මාකඩවර,හිඟුල,කප්පාගොඩ,පදීදොර, උතුරාවල,අම්බුලුගල,දනගිරිගල,වාගිරිගල,ලෙනගල, අලවතුර,වතුර,මාකුරාව,කවුඩුගම,බිසෝවෙල,දැදිගම, අරන්දොර,දොරවක,මඩබඩවිට,තොටගෙදර, මදුරුපිටිය,අත්තනගල්ල,ඌරුවෙල,ගොඩගෙදර, දොරනෑගොඩ,යටවත්ත,රාගම,මීගමුව, දඹදෙණිය, බෙලිගල,නවගමුව,බමුණුගම,වට්ටාරම,වතුදෙනිය, පුහුරිය,ගල්බඩගම,කොල්ලුර,ඔකඳපල,උඩපල, අල්ගම,නවකෙලගමුව,ඇත්කඳවිහාරය,කුරුණෑගල, කුරුවෙනියගල,ආඳාගල,ඉබ්බාගල,යක්දෙස්සාගල, නාථගම,සංවැල්ල,කඩිකාව,මලගනේ,කබල්ලෑලෙන, නියඳවනේ,නාගල විහාරය,රැස්වෙහෙර,තලන්ගමුව, පෙරියකඩුව,දේවගිරවිහාරය,සංගමුවිහාරය,උතුරුපව් විහාරය,බුජස්ලෙන,යාම්ලෙන,ජයකඩුලෙන, සැඟලෙන,කුඹුරුලෙන,රිදීලෙන,රම්බඩගල්ල, දෙල්විට,විල්ගම,අස්ගිරිය,රුසිගම,ඇම්බැක්ක, මල්ලිවානය,බඹාවිහාරය,රන්ගිරි දඹුල්ල,සීගිරිය, කලාවැව,බළල්ලෑව,අනුරාධපුරයෙහි සිරි මහා බෝධීන් වහන්සේය.
ලෝවා මහා ප්‍රාසාද ස්ථානය, දෙනානකය,භාගරි නඛය,මිරිසවැටිවිහාරය, අභයගිරිවිහාරය,ජේතවනවිහාරය, රත්නමාලි චෛත්‍ය, තුපාරාම චෛත්‍යය, මිහින්තලය, අටසැටලෙන, නිතුපත්පාන,සුරුලුමහමුනියාව, මුන්නේස්වරම, ඇත්තල,මක්කම,මන්නාරම,මාන්තොට්ටම, පොන්පරප්පුව,මල්විල,දෙමළ පට්ටනමේ හි නාග කෝවිල, කදුරුගොඩ විහාරය,
තෙලිපොල, මල්ලාගම,මිනිවන්ගොමු විහාරය, තන්නි දිවයින,අග්නිදිවයින,නාගදිවයින,පුවඟුදිවයින, කාර දිවයින,මොල්ලියවල,ත්‍රිකුණාමලය,විල්ගම් වෙහෙර, තිස්සමහවෙහෙර,ඉලන්ද ගොඩ,කදුරු කොට්ටයෙහි ඇතුබදය,ලංකාතිලකය,ගඩලාදෙනිය,විජයොත්පාය, දෙනානඛය,භගිරිනඛය,
ජේතවන විහාරය,කපිලවිහාරය,ඉසිපතනාරාමය, කුසිනාරාමය,පූර්වාරාමය,දක්ෂිණාරාමය, පශ්චිමාරාමය,

උත්තරාමය,සළුමිනිසෑය,දෙමළමහාසෑය,පොළොන්නරු විහාරය, සුලන්නරු විහාරය,සිතුල්පව් විහාරය, ධනංජයවිහාරය, කුකුළුවාවිහාරය, දිඹුලාගල්විහාරය, නඛා වෙහෙර, මියුගුණාවෙහෙර, සොරොන්නාතොට, බදුලුවෙහෙර, යුදගනාපිටිය, රුහුණුබද,කතරගම, උක්ගල් අලුත්නුවර, තඹගමුව,මුල්ගිරිය, ඔවාගිරි විහාරය,
දෙවිනුවරෙහි දිව්‍ය රාජභවනය, ඔත්පිලිමගෙය, සිටිපිලිමගෙය,ගල්ගනේ, වැලිගම, අග්‍රබෝධිවිහාරය, පරගොඩවිහාරය,තොටගමු විහාරය, ගලපාතවිහාරය, බෝධිමළුවිහාරය,වනවාස විහාරය,
බෙම්වෙහෙර, බෙම්තොට,කළුතොට, සොරණ, විසිදාගම, කොතලාවල, රඹුක්කන,පානදුරේ දේවාලය,
බෙල්ලන්විල,පැපිලියාන,නාවින්න, විජයාරාමය, සුභද්‍රාරාමය, ජයවර්ධන කෝට්ටේහි ඔත්පිලිම ගෙය, සම්මුඛ දේවලය, කිත්සිරිමෙවන් කැලණිය, රජමහ කැලණිය, විභීෂණ දේවාලය,

වැලිවිට, බොල්ලෑ ගල, සේවා ගම, දිසාපති නුගය, කඩු දෙවොල, බෝමිරිය, කෙහෙල්බටුවාව,අතුරුගිරිවිහාරය,
දෙනගමුව, බටුගෙදර, දෙනවක, සපරගමුව, ගිලිමලය, සමන්තකූට පර්වතය, දිවාගුහාව, බල්ලාහෙළ, සිඳගල, කළු ගමුව, ගංගාතිලක විහාරය,

කුඹල් ඔලුව, අළුදෙණිය,කොටකේ දෙනිය, ඉලුපැන්දෙනිය, නිග්ගම්මන, සන්තානා ගොඩ, වේගිරිය, ඇම් බැක්ක, වටදාගෙය, දැලිවෙල, ගඟුල්දෙනිය,උරුලෑදෙනිය,කොටබෝගොඩ, රන්මුන්ගොඩ,දෙල්දෙණිය,මැණික්දිවෙල, මොනරගොඩ,කොලුගල,වල්ගම්පාය, දන්තොට,වතුර, සියඹලාගොඩ,
දොඩම්වෙල,දියකෙලිනාවෙල,සූරිය ගොඩ,කොබ්බැකඩුව,ගන්නොරුව,කුළුගම්මන, මාගම්මන,අත්තරගම,මැදවෙල,ගල්ලෑල්ල, දොලපිල්ල,අලවතුගොඩ,කොහොන,තිබ්බොටුවාව, ඇඹිල්ල විහාරය,ආලෝකවිහාරය,

කුරුවාබෝගම්බර, කවුඩුවෙල, දුනුවිල, ඇඹේලනිත්තවෙල, සිරිමල්වත්ත, අමුණුගම, ගංගාරාම විහාරය,සෙන්කඩගල,අලුත් විහාරය,පරණ විහාරය,නාගවිමනය,උපොස්තාරාමය,

ශ්‍රී දන්ෂ්ට්‍රා දළදා මන්දිරය ඇතුළු වූ සියලු විහාර දේවාල වල අධිගෘහිත දෙවි මහාරජාණන් තමනුත්, තමන්ගේ සහාය පිරිවර දෙවියනුත්, සංදෘෂ්ටි සම්‍යක් දෙවියනුත් උපවෙනෙහි දෙවියනුත්, නොහැර කැඳවාගෙන මංගල සූත්‍රාදී බන අසනු පිණිස ඊම සමග මහා සංඝයා වහන්සේට අභිමතදෝ අභිමතදෝ, අභිමතාදෝ, අභිමතයි, අභිමතයි, අභිමතයි, සමග සංඝයා වහන්සේ සඟවා වදාළ මෙහෙවර සංඝානන්තිය නුගුළුවා විය යුතුයි. සිද්ධි රස්තු….

No comments:

Post a Comment

අපි නොදන්නා අපේ ඉතිහාසය

  • මහා වංශය - - 🙏🙏🙏කාරුණික ඉල්ලීමක් නිසා මේ පොත ජායාරූපගත කිරීමට අවස්ථාවක් ලැබුණි.මෙය කියවන්න,තව කෙනෙකුට කියවන්න දෙන්න.අපි නොදාන්නාවූ අපේ සත්‍ය ඉතිහාසය. මාගෙන් හෙළය...
    5 years ago