Tuesday, 6 August 2019

සමනල හෑල්ල (කවි)



1)සාර අසන්කයකට  පිටදුන් බෝ
  නෑර මේ ලංකාවෙ වැඩ සිටි බෝ
   මාර යුද්දෙන් දිනව ජයගත් බෝ
සුරැකි  තිබෙන කලවදු ශ්‍රී  මා බෝ 

2)යුද්ධ කරන වසවතු ඒ ආ  බෝ
  වැද්ද නොදී මුනිදුන් දිනවූ බෝ 
මැද්ද  ඒ දේසේ ගුවනින් වැඩි බෝ
  සුද්ද වෙමින් වැඳ පිමි  සීරි මහා බෝ

3)බෝධි මණ්ඩලයෙ දෙසින් වැඩි බෝ
  චන්ද්‍ර භවන උඩ වාසය කළ  බෝ 
  සතර වරන් දෙවි වට කර සිටි බෝ
  නිතර ගොසින් වඳිමු සිරි  මා බෝ


4)ඒ රට ඒ දේසේ අහසින් වැඩි බෝ
  මේ රට මේ ලංකාවේ වැඩසිටි බෝ 
දෙව්ලොවෙනුත්  දෙවි පූජා කළ බෝ
  ගොසින්  මෙමත් වැදපිමි ශ්‍රී මා බෝ

5)සක්  ලොව නරලොව දුටුවයි ඒ බෝ 
සත් ලොව දෙව්ලොව සත වදිනා බෝ 
සත් ලොව පත  සසරින් සැලවූ  බෝ 
සිත් පැහැදව්  වඳිමු ව ශ්‍රී මා බෝ

6) සිතින් අදහා ගෙන වඳිනට ඒ බෝ
  නිවන් දකින්නට මතු පින් කල බෝ
  දහම් දෙසා මුනිදුට පිටදුන් බෝ
  නිවන් දකින් වඳිනට ශ්‍රී  මහා බෝ

7)අනුරපුරේ උඩ ගුවනෙන්   වැඩි බෝ
පත්‍ර සැකා  රත් පැහැ යයි ඒ බෝ
පාට  වර්ණ රන් කල සේ  වැඩි බෝ
තවත් වඳින්නට යමු ශ්‍රී  මා බෝ 

8)තොස් කර සව් සත හට සෙත දුන් බෝ
  අස්කර අදුරුත්  බිඳ එළිකළ බෝ
  ලක්තුළ ගුවනේ සක් මං කළ බෝ
නිදොසව වඳිමු ව  ජය ශ්‍රී මා බෝ


9)යුද්දෙන් දීනා  ලෝව වැඩියයි ඒ බෝ 
  තොසින්  ඇවිත් අනුරේ  වැඩ සිටි බෝ
  නොයෙක් සතුන් සසරින් ගොඩලු බෝ
පවුත්  ගෙවන්නට  වඳිමුව ශ්‍රී මහා බෝ

10)වැඩියෙන් මම පින් කර ගෙන ආ බෝ
  කොඩි බැඳ තැන තැන දන් දී  සිටි බෝ
  දැඩියෝ  රණසිලි බැඳ බැඳ සිටි බෝ
  සිරස නමා වැඳ පුව  ශ්‍රී මහා බෝ

11)සොදිනේ දැන දස බිම්බර  ආ බෝ 
විහිදුවමින් බිඳ දස බිම්බර බෝ
  වාද කරපු මරු බිඳ ජයගත් බෝ
  සාදු සාදු වඳිමුව ්‍රී මා බෝ

12)චන්ද්‍ර පාට  කඳ අරා ගියා බෝ 
ඉන්ද්‍රඛීල මැණිකෙන් වටකළ බෝ
  පත්‍ර වර්ණ කොළ  දළු ලිය ළු බෝ
සිරස නමා වඳිමුව සීරි   මා බෝ

13)මැදින් වෙලා උඩ  ගුවනින් වැඩි බෝ 
  සත් දවසක් නෙත් පූජා කළ බෝ
  සත් කුල මුදුනෙන් සක්මන් කළ බෝ
  අත් නොහැර වදිමු ව සිරි මා බෝ

 14)අවර උඩිං එන මර සෙන් බිඳී  බෝ
  කවර උපායෙක් සත  ගොඩලු බෝ
  එවර තිලෝගුරු මුනි පිටදුන් බෝ
  නුවර ගමට වැඩියයි ්‍රී මා   බෝ 

15)සිදුහත් කුමරු පිටදුන් බෝ 
  සුභ නෙත් සතියක් පූජා කළ බෝ 
  මිහි කත සමගින් දෙස් කියවූ බෝ 
  දොහොත් බැඳ වඳිමු ්‍රී මහා බෝ 

16)සාර අසංකය පිට පල      නැද්දා  
  මෝරා පින්  බල බුදු වුණු සින්දා  
  ආර  දනා පිටදී වැඩ හින්දා
  දරා වදීන්  ්‍රී මා බෝ ගුණ කන්දා

17)ඉන්ද්‍රනීල මැණික  ලෙසට සත් රියනක් උස බැදා
මන්ත්‍ර කල්පයක් පවතින ගලප හුරක් වට බැදා
චන්ද්‍ර  මණ්ඩලේ සට  පවන් ගුණ දසයක් කන්දා
  ඉන්ද්‍රනීල පත්‍ර රූප  ්‍රී මා බෝ මැඩ වැන්දා

18) සිත්සිත් දුන් ගුණ  ගෙන ගින් අති නේ 
  මෙන් සිත් දන කද  මැද සා ගුරු නේ 
පත්‍රත්  ්‍රී මා හා බෝ මැද නිති         නේ
ගත ගන්සේ  පින් දෙමි සෑම මති   නේ 

19)අපමණ ගුණ කියන්නට බැරි සයුර නියගින් ගත් ක ළේ 
රුවන් කෙන්දක් අමුණු වාසේ රනියෙන් සැදිණි කස ලේ 
සමන්පුර වා අසන  සැමදෙන සමනලට කිබ  තනි ලේ 
නිවන් පුර ්‍රී පතා  වැන්දෙමි එ බුදු සිරිපා  සමන ලේ 

20)පාට තද තෙද  ඉර දා දන් හැම සක්වලම  එක ගික් ජ ලේ 
  භූත වැසි වැස යොදුන් වටපොද  අහස දක්වා මහ ජ ලේ  
මාන සුළඟෙන් දස දහස් මෙර  ඉගිල අහට දැමු ක ලේ 
  එබැවින් මම නිවන්  දැක කියමු වදිනට සිරිප සමන ලේ  

21)පෙර බලෙන් අස්නක් ක ලේ 
  මෙර තැලේ හැම සක්ව ළේ 
හිරු බලය දැක ණය ක ළේ 
අඹතලේ මං ක ළේ 

22)මුණි රජුන් වැඩ සිට පෙර කලේ 
රජය වප්මගුල් පූජා ක        ලේ 
මුනි  අහස වැඩසිට බෝමු   ලේ 
මුනි වඳිමි ශ්‍රීපා සමන          ලේ 

23)යසෝදරා නම් බිසෝ  රාහුල කුමරුවන් ලත් පෙර කලේ
තොසේ වඩවා කුමරු දකිනට වැඩ පියා රජගේ      තුලේ 
  සිත සෙනෙහස  වඩා රස කිරි පෙව් අම්මා ගැබ    තුලෙ 
ලසේ  එවිගස රැගෙන ්‍රී පා වදින් බැතියෙන්   සමනලේ 

24)වෙරද  දහසක් ගණන් ඇතිවේ මහා  සෙනඟක් මැදි කළේ 
නලා එකවිට පිඹපු ජය කවී හිදන්යේහි  හැම සක්ව ලේ 
කලෙහි මුණිරජ දේශනාවක් සතුන් ගොඩලන මොක් පලේ
  ගලේ මුනිරජ ්‍රී පා වමත් බැතියෙන්           සමන ලේ 


25) තොස්ව රතු සුදු නිලූත්  බුදු රැස් විහිදයෙයි හැම සක්ව ලේ 
  අසම කර මුල් බෙර ඇසක් සේ දෙරණ කරවා නික ස ලේ 
  රැස්ව හැමදේ දේශයකකම මහා  බඹු ඇවිත් වැදලා සමනලේ 
නියම කල පඩු ගෙවා වැන්දෙත් ඒ බුද්ධ ශ්‍රී පා සමන ලේ 

26)මුනිදු සක්පුර  වැඩමවා දෙවියන් ට ධර්මය දෙසු        ක   
  දෙව්ලොවේ සැම දෙවියෝ රැස්වී පුදා  බණ ඇසුවයි ක  
  මුනිදු බන දේශනා හිමිකොට සාර මසකින් පෝයදා    දින
  නො දැන් පව්කල  ගෙවා වඳිනෙමි ශ්‍රීපා  සම නල  

27)දහම්සොඬ රජ  වසනියක් යක් රට ඇර රකින සිල්  සිමා ලේ  
  දහම්  දෙව මැයි ඇවිත් සකරජ සමිඳා  හැර කුස කුලේ
  දහම් දෙවතොත්  දෙමැයි ඇඟ මස්  මේර උඩින්සිට බැබළේ 
  මසින් දන්දී  පැතූ බුදු බව වදීන්  බැතියෙන් සමන   ලේ  

28)මහත්ගරු අය  වන්දනාවට යන්ට යමු   කිවු සමන ලේ
  දහස් ගණනක් විවර පිරිවර පහන් තෙල් රෙදි  සරි කළේ
  දහස් ගණනක් උපාසකවරු පින්ද මුත්  අවුලා ගලේ
  අහස්ගජ්ජින  ලෙසට පූජා වදින්  බැතියෙන් සමනලේ 

29)මෙර  උසටත්  වඩා බිසවුන් කුමරුවන් බැඳ දුන්        කලේ 
  කරේ ඇඟ මස්  ලියා දුන්කල දෙරණ උපමා  උපමා සරිකලේ 
  න‍රේම් කවිට   පෙනෙන නරුම ද වෙන්නට ඇස් දන් දුන්කලේ 
  නිරේම්කෂිය සතිස් දුරලා  වඳින් ශ්‍රී පා සමන             ලේ 

30)විසෙසම  මහා ඉසුරු සැප සුන් ඉපිද අපෙ මුනි සිටු කු ලේ 
   කෙසේ වඩමින් පසේ මුනි දැක දෙන්ට දස ධර්මය     කළේ
  ලසේ  වසවතු මැව් ගිනි දැල්  මැදින් ගොස් දන් දුන්   කළේ
  මෙසේ තෙද බල  පෑ පු නිරිදා වදින් සිරිපා            සමනලේ 

31)පාවයන රතේ  ගොස් මහ නැව් බිදී  සෙනගක් නැතික ලේ
  බෝරතේ  පරතෙර නොදැක සතියක් වැටී පිහිනා  මහජලේ 
  සිහිව මංමේ කළා දෙවි දුව දැක  මඬලත් පන් ග ලේ
  පේවී තපසේ  බෝ තාන මෙදින් සිරිපා     සම න ලේ 

32) තමා කඩුවෙන් කපා ඉස්  දුන් මෙරේල සටන් සරික   ළේ
පැහු දහු දවත උරි  රුදුන් කල් මුහද දිය එක සරි     ක ලේ
  නොහැර දසපෙරුමන්ගේ බලයෙන් බුදුව වැඩවුන්  බෝමුලේ
  පැහැද තුන්සිත දරා සිරසේ වදින් ශ්‍රී    පා සමන ලේ

33)බෝ කළේ පින් කම් කළේ තෙද අසවූ  සැමදෙන පින් බලේ 
  තෙද බලේ වෙන මුදුනතින්  ගොස් මුනිඳු වැඳ ශ්‍රී පාමු  ලේ
  තිලෝතල සතහට  පෙසින් ගොසි දෙවි බඹුන්ටත්  සක්වලේ 
  ගලේ සැට කෝටියක් සිරිපා  වදින් බැතියෙන් සමන ලේ

34) දැඩිව  වැඩලත් වජ්‍රාසන  ගන්ට වසවතු යුද           කළේ
  කඩුව නොගෙනම  යුදකරන්නට දසදෙනෙකුගෙන් ඇතිකළේ
  මුවා නොකර ම මිලමින්  දසබිම්බර සක්වල          ගලේ
  අඩිය තර  කර මුනි රජුගෙ වදින් සිරිපා              සමන ලේ  

 35)මීසක්  පුර සිට සකස් පුර දොර මැවූ රන් විමනක්      දි ලේ  
  මිසක්  දෙව්රජ කරපූ  පූජා මිසක් වෙන නැත       සක්ව ලේ
  මෙසක්වල හැම වෙළඳ,ගොවිකුල,සිටුකෙනෙක් හැම පින්කළේ
  තොසක් වඩවා වදින් මුනිරජ  එ බූ සිරිපා සම   නලේ  

36)වලා මීදුම් ගලා එන සැටි  වසා සිටිනා උස ග ලේ
  බලා සිටිනා මිසක් පය ඇද යන්ට බැරි මයි මහා සෙලේ
  නලා පිඹිනා ලෙසට නද දෙති අඬා සිවුපාවෝ    කැලේ
  කෝල නොම සිත මුනිරජුන්ගේ වදින් සිරිපා  සමනලේ 

සැ:යු: සමහර අකුරු කියවිය නොහැක.පුස්කොල පොත දිරා ගොස් ඇත.

No comments:

Post a Comment