සැඟව ගිය සිහෙළ ඉතිහාසය පුස්තකාල වලට සීමාවී ඇති යුගයක අහම්බෙන් අසන්න ලැබුනා .ඒ අනුව එංගලන්තයේ ප්‍රධාන පුස්තකාලයේ දී එම පුස්කොලපොත් දකින්න තරම් මා භාග්‍ය වන්ත උනිමි ..දැනගත් දේවල් අපේ අනාගත පරපුරට දැනගැනීම සඳහා මේ මගින් යම් උත්සහයක් ගන්න සිතුවෙමි .එය මාගේ යුතුකමක් හා වගකීමක් යැයි සිතුන නිසා වෙනි ..
Sunday, 11 November 2018
එදා සිටි කවියෝ
කවි
1)සෙත්සි රි පුරා දෙන දෙවි මුනිඳු අවස රා
මුත් හැ ර නැමතිලංකා සන පැලඳික රා
විස්ත ර කිරුල දරමින් කිරුල අනද රා
දොස්හැර කියමි දෙනුවර එමැද විසිතු රා
2)සසිරි පිරි න් රජ මහතුන් පනී වා
එපිරි සිරි න් රජ මහතුන් පවතී වා
එයසබෙලෙ න් ඉංග්‍රීසි අනබල පෑ වා
එඅනල මී න් විසිතුරු මග කනු සැදු වා
3)යසත් උදුල සිරිමත්ගුන එමහරජු න්
සිතත් පතල කර සතහට පිහිට ලමි න්
බලත් පතල සෙනගක් රැගෙන මැතිවරු න්
කඳුත් එහෙල කර සමතල මග සැදුවෙ න්
4)දු ල් ම නු සතුන් හට සෙත් සැපත පත් ක රා
වල් උ නු සෙයින් නොදැනී තිබුන පෙර ජ රා
කල් දෙනු බිඳින ලෙස නොම්මරලා පව රා
ගල් කනු තැබුවේ ගව්වට සතර කර ති රා
5)අන ත් ලා තැබුවයි පෙරට විසිතු රා
බල ත් එමග කරු කඩවල ඒ අත රා
මර ත් පෝරකේ බැඳ සත වරද ක රා
බුලත් කඩේ සිටු එක්කනුව මුල්ක රා
6)බලන් නේ දෙපස සතගොස් නිතිනිත් තේ
පෙනෙන්නේ කැවිලි කඩවල නිතිනිත් තේ
අ ස න් නේ ගන්ඩ කෑමට සිතු අත් තේ
දෙ වන් නේ කනුව ඇතු බඳිනා වත් තේ
7) උන් යන්නේ කැප්පු ඇල අසල ගඟ ල ඟ
නන් ගන්නේ රතයට රඟ ජය සෙන ඟ
උන් යන්නේ හුන් ගන්ඟෙන් රත නොර ඟ
තුන් වැන්නේ කනුව නාගුළු සලා ග ඟ
8)සි ව් ගු න පන නො දැන පසු පෙර හැරී හැ රී
සැව්ලෙන දෙපස මොර දෙති ගෙවතු සිරී පි රී
ප ව් ව න කාරී නොතබා අගුන දුර හැ රී
සි ව් ව න කනුව පැලිය ගොඩ ගව්ව ස රී
9)දැනට මෙරට යන සේනා කැලණිය ට
පිනට යනෙන තුන්මන් හන්දියේ සි ට
අනට සැදුනු රජ මාවත යන කල ට
පහට කනුව පට්ටිය ගොඩ මුදුන පි ට
10)මුවෙනි දෙයක් නොකියෙමි බින්න කරු මැත්තේ
තොසිනි සෙනග දැන් එති සොඳ කැමැත් තේ
දෙවෙනි සඳ සේ බබලන පාර නිත් තේ
සවෙනි කනුව ඇත කිව් එව්රා කන ත් තේ
11)සිත ට ප්‍රේම වඩවයි මග දිටුවා ම
නෙතට නිදි නොලා විඳි දුක් සැමදා ම
ර ට ට දිසි පාර බැඳ වෙර නුමුදා ම
හ ත ට කනුව නියමයි දළුගම ඊ ම
12)ක ට ට ආවාට නොකියමි සම්මත දේ
ව ට ට සැදී තිබෙයි වෙල්යායක් සුද් දේ
ර ට ට ඔබින පාලම පාරට සුද් දේ
අ ට ට කනුව කිරිබත් ගොඩ වෙල මැද් දේ
13)අහර නිසා මාවත එන යන සේ නා
ද හර ළමයි ඉඳ කෙලිනා කවට සි නා
පා ර දෙපස ගම් මැද නීති ජන වස නා
මහ ර බලන් නමයේ කනුව සරි උ නා
14)බසය බොරු නොවම කිව්වයි මෙපද ලො ලේ
විසය යෙදෙයි පව්කල සතව ශම ක ලේ
යසය රුසිරු ගුනවත් වෙයි එපින් බ ලේ
දසය කනුව ඇත ඒ කිව් මහර වෙ ලේ
15)රුව ක් එමග පුන්සඳ දිසි බලගතු ව
මවෙක් වැන්න ලොව හැමටම නැත අඩු ව
විසක් මෙන් යෙදෙයි කේලම් බොරු දෙසු ව
පුවක් වැටියේ ඇත එකොලොස් වන කනු ව
16)කින්කිනියේ නදින් රතහය ගජපන් නා
නිල්මිනියේ නදින් දැලේ ලෙල දෙන් නා
මස්කෙලියේ ලෙසට සව් සත බබලන් නා
ඇල්දැනියේ දොලස කනු තුන් ගව්ව උ නා
17)බොරැල්ල බිඳ ඇලිගිරිදුරු කරසම නා
කැරැල්ල සේ එමග සැමතැන වැඩ කර නා
පිරුල්ල උනු තැනට මාවත කනු ශදු නා
කිරිල්ල වල කනුව දහතුනට සරි උ නා
18)ය ස ස් පතලයෙන් සත රැකෙමින් නිති න
ද හ ස් ගනන් සත යන එන දිනෙන් දි න
වෙසෙස් නොව රැකෙති අඟනෝ කඩ වලි න
තු දු ස් වන කනුව කොස්රුප්පේ ඔන් න
19)තැ ළු න් පාර නැත්නම් තද වෙහෙස වෙ ය
නෙ ළු න් රේනු මෙන් දිසි මග බබලා ය
ගො ළු න් බිහිරි නොදනිති නිරිඳුන් ගෙජ ය
බැ ළු න් මහර කනුවට පසලොස සරි ය
20)අ නු න් රටේ කරනා ජඩකම් නිත් තේ
ප න න් මිටේ නැත්නම් කවුරුත් නැත් තේ
මෙවන් රටේ කිවිදෝ දනිති කවි ම තේ
ග න න් කැටේ කනු සොලසට යොදුන් ඇ තේ
21)නිත්තේ යන්ඩ මාවත සතට සැදු වා
සත්තේ එන ලෙසට පනිති නොව ඇඩු වා
චිත්තේ පවතින්න නිරිඳුට ආ වැඩු වා
වත්තේ මිරිස් දහ හත්වෙනි කනු වා
22) යොදුන් ගනන් කර මාවත බැලි යේ
නැදු න් උයන්සේ දෙපසෙම සුසැදි යේ
සඳු න් රුකක් සේ සිරි මේ ලක වැඩි යේ
මුදු න් ගොඩ කනුව දහ අටට ස රිවි යේ
23)සෑ දි ය නිත්තේ වැඩපල කරති සතොසි නා
බේ දි ය ග ත්තේ දෙළුන් තැන තැන නිති නා
පැහැදිය චිත් තේ රජහට සත තුනි කර නා
වී දි ය ව ත්තේ කනුව දහනමය සරි උ නා
24)කර නි ස්සට වැඩපල තැන් තැන් වල ම
බෙරවි ස්සට මැනළා ගල් කැට කර ම
පඩි නි ස්සට දෙති මහතුන් සිට ලා ම
කනු වි ස්සට පස් ගව්වකි අලුත් ග ම
25)විතොසින් මෙරට හැමතැන පැහැදී දි ළු
රාජ ග න් බීරයෙන් සැදි මා වත ළු
යාම සන් තෝසයෙන් යත සත සිය ළු
බෝදියන් දෙනියේ කනුවට විසි එක ළු
26)බ ල ප ඩි දෙරට රටවල සත සත තබ නු
හෙලපොඩි කර මහපාරට ගල් මැන තබ නු
බල කොඩි ලමින් ඉංග්‍රීසි රජ අන කර නු
කල ගෙඩි හේනේ තැබුවේ විසි දෙවෙනි ක නු
27)ඇස ඇරියේ ලොව සත රජ කල දෙයි න
බස පිරි යේ වෙමින් මාවත දැක පෙමි න
බිය වගී යේ රජකලදේ දැක නෙති න
තිහාරි යේ විසිතුන් කනුවයි ඔන් න
Subscribe to:
Post Comments (Atom)
අපි නොදන්නා අපේ ඉතිහාසය
-
ප්රඥාවන්තෝ අයං ධම්මෝ!! යක් බෙරය ගසා වඳින තාලම් තිස්දෙක ගදඹ දෙව් පුත්හු තාලම් තිස් දෙකක් ගසා බුදුන්වහන්සේ පිදූහයි දැක්වෙයි. බ...
-
පැපිලියාන සෙල්ලිපිය හා වෙනත් සෙල් ලිපි - පැපිලියාන සෙල්පිය # හෙළදිව # අභිදාන # ...
-
මේ පොත 1741 දී ලියන ලද්දක් . ..මෙහි බොහෝ සත්‍ය තොරතුරු ගැබ්වෙලා තියෙනවා ..බොහොම වටිනා කාව්‍ය සංග්‍රහයක් ..කවි කර ලියු ඒ මහතාට අපි කරගත...
දහසක් වස් බෑබලු ඉතිහාසය
ReplyDeleteඈදා බොරුබස් සුද්ද ලියාපුය
කපිල වස්තුපුර වෑනුම කියාපිය
නුබ ඉන්නේ කොතෑනදෑයි බලාපිය