Sunday 30 December 2018

අනෝතත්ත විල හා අනුරාධපුර

අනොත්තත විල හා අනුරාධපුරය යන මැයෙන්  ලිව්ව  කවි පුස්කොලපොතකින් උපුටා  ගනා ලදී. සමහර  වචන තේරෙන්නේ නැත.කියවීමට  බොහෝ දුෂ්කර උවත් හැකි  උපරිමයෙන් ඒ ආකාරයෙන්ම ඒ අකුරු ලිවීමට  උත්සහ  කෙළෙමි. වරදක් ඇත්තොත් සමාවන්න. කෙනෙකුට නිවැරදි කලයුතු  වචන පෙනේ  නම් comment  කරන්න. සුවපත්වෙවා ! 



1) කර්තමුංග රථකාර අනොත්ත තැණාලසද     පෙව ර
  හන්ත මන්දාකිණි යයි යන මේ නමින් පව              ර    
  මින් කැල හැසිරෙන පිරිජල සෙලසියක්යොදුන්ගැඹුර
  පන්සීය පන්සීය යොදුනක් ඒ විල් හතෙ අයම් විත  ර  

2)මණේ රත්නදීප සිරිසැප මෙතකැයි නැත පමා      න 

    රිනොලන්ත නන්දන  පොකුණට කරලා සමාන  න 
    දෙනෝ නිනත දිවියෝ කුඹු සිය දහස් මව           න
    අනොත්ත විල වරුණ තෙරුවන් නැත පමා         න 

3)ඉදිරු පස දිගට සිංහ මුඛය එක් ගව්වක් වැටු      නා 

   දකුණු දිගට හස්ති මුඛය එක් ගව්වක්  වැටු         නා
   අපර  දිගට තුරඟ මුඛය එක් ගව්වක් වැටු           නා
   උතුරු දිගට වෘෂභ මුඛය එක්  ගව්වක් වැටු         නා

4)ඉඳුරට ගිය  ගඟ දෙය ලක් විල වට පැද     කැරකුනාය

    අවරට ගිය  ගඟ තෙයලක් විල වට පැද    කැරකුනාය
    දකුණට ගිය ගඟ තෙයලක් විල වට පැද   කැරකුනාය 
    උතුරුදිගට ගිය ගඟ තෙයලක් විලවට පැදකැරකුනාය 

5)දොළොස් යලක් වැව කෙරුවා විලට  සිවු ගංගා

   වෙනස් වෙලා  දකුණු දිගට ගිය යමුනා     ගංගා 
   සරස් කනම් හලේ වැදී දහසට                 නැංගා 
   අහස් ගඟය යන නමකුත් එතනට ගොඩ  නැංගා 

6)ගොසින් දහස් ගඟ අහසින් බැලාති සිකුලා ගල ගලපිට වැටුනා 

 යොදුන් ශටක් එහි පොකුණක් සදලා එහි සිදුරු කර ශතයා සිනා
 උමන් ගඟට ගොසින් සිදුරු විය නම් ගංගාවල්   පහකට  බෙදුනා 
 එගන් පහම දඹදිව රට මැද ගොස් දකුණු දිගින්  මුහුදට    වැටුනා 

7)අනිකුත්  තැන් මුඛ වලිනුත් මෙලෙස  බලවත් මහදිය ගොඩ නැගුනා 

  එයිනුත් පිරි බිඳ මෙවිටත් වැඩි කර බෙදිලත් සුළු ගංගා          තැනුනා 
 මෙම පහත් ඇතුළුව අනෝතත්ත ශර යෙන් පන්සීය ගංගා       තැනුනා 
 ඔබටත් මෙම දෙය දැනුනොත් සෑහෙයි නැතහොත්නොලැබෙයිකරුණා  

8)තුන් දහසක් විතර යොදුන් බිමය  මැදදී දෙපොට     උතුරේ 
 පන්සීයක් විතර  යොදුන් බිමය බෝමැඩ සිට හිමයට  අතරේ  
 තුන්සියයක්  විතර  යොදුන් උස හිමාල ගල නැගුනා   අපරේ
  වත්කළ ගම  විසිරෙ වැරැද්දක් ඇත්නං  පවසන්න     මිතුරේ 

9)නොයෙක් දිගින් හමන මලේ මල් රොනින් සුවඳ  කැවිලා  තිබුනා 
  සියයක් සියක් යොදුන් උසින් නුඹ තලයට පැන නැගිලා      සිටිනා
  මැණික් ගල් ශලම දිලෙනා  හිමාල අසු සාර දහසක්            මැවුනා
  පෙලක්  මේ තතු නොදනා දොඩවන් සිලි බහට පිබලා         බුදිනා

10)හත   වි  ගෙඩි  හරහට හැදුවම එක අඟලයි බිම හිර     වෙන්නේ
    වියතට වී අසූඅටක් වෙයි එකසිය හැටයි රියනට       දැනගන්නේ
    සේ බට වී ගෙඩි දස තුන් දහකුත්සිවු සිය විස්සයි  දැන     ගන්නේ
    ගව්වට වී ගෙඩි නව ලක්ෂ අනුසදහස් හාරසියයක්  දැන  ගන්නේ  

11)මෙතනට වී ගෙඩි ගණන්  කළා අඟහරු ලෝකෙට ශද්‍ර වී ගනේ
     යොදුනට වී නව තුන් ලක්ෂ අනුදහස් සාර සිය ගන             නේ
     දස අටකුත් සිවු සියකින් නවශට අට කෙල  ලක්ෂයයි       අනේ 
     මෙලෙසට  දැනඑක්ලක්ෂ   පනස්  පන් දහස්  පහ මුනයි    අනේ 

12)ලකතම දියත අනුරාධපුරේ දුටුගැමුණු  නිරිඳු ඇති කාලේ  දි         න්
     දැක  ලොව මහාපායක වැඩ  විස්ම කර්ම දෙවිපුත්       ඇවිදි         න්
     එක පෙල ගල්කරු හතලිහ ගණනින් හතලිස් පෙල ගල්කරු තියනින් 
     එක ගල් කරුවට ශරතර හින්නර නම රහතුන්වැ වැඩ සිට දෙසු දහන් 

13)හතලිහ හතලිහ හතලිස් පෙලයෙන් ගල්කරු කොට්ට කොච්චර ඇද්ද                                                                                                ගණන් 
     එක ගල් කරුවට හතර හතර නම රහතුන් කොච්චර ඇද්ද    ගණන් 
     ගල් කරු ගනනක් රහතුන් ගනනත් දෙවගෙට කොච්චර ඇද්ද ගණන්
     කියා දෙන්නට බැරි උනි නන් මට නුබ වේලාපහ ගමටම  පලයන් 

14)ගල් කරු එක් දහස් සසියයක් ඇත බොරු නොව අහපන්  යන්නේ 
     රහතුන් හදහස්සාර සියයක් ඇත බොරු නොව සකියනි අහපන්නේ
     දේව ශේම ගණනින් අට දහසක් වෙයි බොරු නැත කිව් දැන ගන්නේ 
     ලෝවාමහාපායේ මේ කල වැඩ කිව්වා බොරු නැත දැන ගන්නේ 

15)දිනු සහන් ලොකු වැසි ජල සමගින් පල කුක්ෂිය නමද නෙත්දා 
      කනක අතුරු දුර්භික්ෂය සමගින් හසස නිමිදු ලස කිද  නෙත්දා
      නැකත කුලෙ වෙරි පෙන්නුම ස මගේශක ඌ ගුරේ නමද නෙත්දා 
      තලන්සිහි ගැටයෙ අර කතු පෙන මරා  රාජ මහදැනතුම මොකදා 
        
16)දිනු සහල් ලොවැසි  කිව්වේ ජය ශ්‍රී මහා    බෝධිය        නමමි 
     එයින් නැගුන ගිර ඵල කුක්ෂිය නම කියතොත් ගෙඩි ගෙය නමි
     කනක  අකුරු දුර්භික්ෂෙ කිව්වේ  රුවන් වැලි දාගැබ       කියමි
     හිස් නිමිද ලන ට දලි නල ශදශ ජන්ම වැඩකර නැ                 මී

17)නැකත කුලක පෙනත  කීවේ ථුපාරාම වෙන නොවෙනාදෝ 
     ශක  උගුරේ නමානා වෙන් කිව්වත් භය ගිරිය  දාගැබ නොවේදෝ 
     නාලන් හිමයේ අරක්කු පෙන්නුම ජේතවනාරාමේ නොවෙදෝ  
    රාජ  හටන  දැක කුමනන් සකියති ලන්කාරාමෙට නොවේදෝ  

18 )මුලඟු  සරක්කු වකියනොනින් සරි මිරිස වැටි දාගැබ නියමයි 
      සිද්දි නමාදී රිය තැටි අඹ ගවිලි ලොවාමාපයට කිව්ව        යි 
     හාරමස් අඩ  අවුරදු දිගේ  අටමස්ථාන නොවේදැ               යි
     දහයක් අඩුවිය බති දුවරේ අනුරාධපුරනින් නියම                යි 
      
     
     
     

                                                                     

2 comments:

අපි නොදන්නා අපේ ඉතිහාසය

  • මහා වංශය - - 🙏🙏🙏කාරුණික ඉල්ලීමක් නිසා මේ පොත ජායාරූපගත කිරීමට අවස්ථාවක් ලැබුණි.මෙය කියවන්න,තව කෙනෙකුට කියවන්න දෙන්න.අපි නොදාන්නාවූ අපේ සත්‍ය ඉතිහාසය. මාගෙන් හෙළය...
    5 years ago