Sunday, 17 March 2019

සංඛ පාල යදින්න

ජාත වූ කුමරුන්              ට    
එක් කුසේ උපන් සො     ඳ
අසුපාලි  කුමරී 
සරණකර එම දිනේ  

වසනකල සන්තොසි   න් 
බොහෝ කල් පසුවෙමින් 
දොළ උපත විලසි        න් 
නිරිඳු හට දන්වමි         න් 


රජ කුමරු එම දි       නේ 
සන්ක  නන්  රුසියා      ද  
සමගි ඉඳ කතාකො      ට 
සමුව දෙල ගෙනෙන්නට 

බිය උන්ට නොදන්වා 
යන්ඩ නික්මුණු සඳ 
එනුවර පහු කරති 
කිලිඟු නුවරට වඩිති 

දොළ කැවිලි ගෙනත් දෙති 
ඒ දොලයන් සිදී          ගති 
දිනෙන් ගැබ පිරී         ගති
මසින් නව මස       පිරෙති  

එරන් පියයුරු මෙසේ 
රන් කරඬු විය ලෙසේ 
එරුනි කිරි දස   මසේ 
කුමරු හට විය ල සේ 

එනුවර වැන්දු මිය 
මෙලෙසට කියාලිය 
බොරු කියන්නට කුමරු 
මේ නුවරින් යන්ඩ  ඇර

ඇමතියන් සරණ කර ගෙන්වා එමදිනේ 
ඉදී මැයි කීව එ වර අවවාද කල   තැනේ
දෙගුරුන්ට දැන්වීය කුමරුනද රොහොසිනේ
කුමරු වාසල ලඟට මාලිගාවට ගොසිනේ 

කඩුව ගෙන රොනින්ද  මගේ බඩේ වත් කුමරු              කෙටු ගහ මඩල මැද රුදුරුවෙ   ගොසනිය                     කැපෙන කල බිසො ලඳ මේ නුවර සමිනේ              නොවරදේ  මරු සඳ කියා පහමුන උනේ 

එතැන්සිට නැදි යෙහෙළි කියලා මෙලෙසිනේ      කොදසින් උපදවා හි පලල පළුවක් මෙසේ  
දෙපළු  දෙක අමු සොහොන බිදී අතුබිම වැටී 
ගොසින් බිම උඩ තියව  පළු දෙක දසා  වුනේ 

උපන් කුමරෙකි මෙසේ පිරිවරා ගනිමින්නේ  
දරා යක් වේශයක්  ඉන්පසුව කුමරිගේ 

හිම වතට වදිමිනේ සියොලගේ භිගිනි වෙලා 
සාරදහසක් යකුන්       සංකාවෙන්    මෙසේ 
  
වනාන්තර ගත වුනේ නැගී සිට අඹරමින්
වස විස දෙකොල දළුත් සදිනක් මෙසේ 

ගෙඩි මල්ද පොතු සුඹුලු  ගුලිද කර මෙලෙසිනේ එකතුකර සාමත්ව ධු දහ අතට බෙදාවී 

අසුරු වාසී තැනේ  ගුලි පහක් ගනිමිනේ 
ශක්‍ර දෙව් මෙවන්  දුක මඩුයෙන්ද මනාවත් 

දිවසින්ද බලමිනේ විමන ගනුවයි කියා  
මඩු  කැල පෙන්නවා  අවුසදය සමග කොට 

දෙන්ඩ වරමක් මෙසේ කිට්ටුව වෙලා සිට 
කාන්සාවට මෙසේ සගේ ඇතුලේ බලා 

ඇඹරු බෙහෙත්  කිලයේ  සිටිය කා එලි බැසා
එනුවර අමු සොහොන් කළු කඩක් ඇඳ  නොයා 

මිනී සම පෙරවමින් අතුරු යක්ෂයින් වත් 
අතු කැටිද  කඩාගෙන අතු කැටිද කඩාගෙන 

දෙවුර දෙකයෙන් මෙසේ එනුවර ගල් පහුර 
මල මිනී දරාගෙන ලො පහුර බිඳගනේ

යකඩ දොරවල් සිදුරු යහන උදුරා ගනිය 
කරගෙනම එන ලෙසේ දෙකක් මල මිනී ගෙන 

මාලිගාවට ගොසින් මාලිගාවට මෙසේ 
රජ බිසව් වී  නතර උවදුරුද  ඇරලසේ

රජ බිසවගේ ඉසට නාසෙට  ද  එ විගසේ 
බීන සන්නිය ඇරපි විකාර සන්නිය ඇරපි 

දැසටද  එම දිනේ සවන වෙඩි සන්නි ඇර
නීල සන්නිය ඇරපි  මුකයටද  ඒ විගසේ 

නාග සන්නිය ඇරපි වාත සන්නිය ඇරපි 
සෙලෙස්මා වට මෙසේ පපුවටද නොවලසේ 

කරිච්චි සන්නිය ඇරපි සියලත් ඔක්කාරය 
ඉදිමුමත් වෙවුළුමට පිස්සි ඔල්මාදයට 

ජල සන්නි ඇරලසේ කුජ්ජල සන්නිය ඇරපි 
සන්දි කොර ඔලටනන් ලැජ්ජාවටත් මෙසේ 

ඔඩ්ඩි සන්නිය ඇරපි කෝල සන්නිය ඇරපි 
අඩිස්සියටත් මෙසේ අජීර්ණ      රෝගයට 


මර්තු  සන්නිය ඇරපි කාල සන්නිය ඇරපි
ඒ වත පිළිවෙල ලෙඩට ප්‍රානෙට නම් මෙසේ 

උපන්යක් මේ ලෙසේ ලංකාව වනසමින් 
හැර සිය ඒ හතලිස් උවදුරුද  ඇර  මෙසේ 

අටක් යක් සෙනග ගෙන රටවලද වනසන්ඩ
සතර වීදියට බැසඅට දෙනෙක් ඇර  මෙසේ 

ගෙඩි වරුදු සැම  ලෙසට දේවතා නම් මමයි 
කියා අඩ ගසවමින් දවසකට දහසකුත් 

මෙසේ අපේ මුනි රජුන් දන් සිඟ වඩිමිනේ
සැරයටියද දරමිනේ එහෙමද කියන්ඩත් 

පාත්‍රය ගෙන අතින් අදට බොජුරන් දෙන්ඩ
දෙපා දිය මැදින් මෙහෙවරක් කියමිනේ 

කියා අඩ ගැසූ  තැනේ ලංව සිටිනා දිනේ 
මුනි රජු එම දිනේ තුනක් මස් කැටි ගෙනේ 

පියෙන් පිය තබමිනේ යක්ෂයෝ දිඟු කලේ 
වාසලට බසිමිනේ හැම සිතල උණු උනේ 

අධිශ්ටානය බලේ ගොළු බිහිරි නෑ ගියේ 
නයි පොලොන් ඉපදුනේ වෙසනයෙන් සිටිමිනේ 

ලේ මැව්නි එම දිනේ දේවතාවෝ මෙසේ 
එකකු පළුවන් නැතුව කියන්නේ නොවලසේ 

මෙවන් බල  ඇති සේ රොහොසයෙන්  කිපෙමින්
 තුනේද තෙ ති ගෙදයනේ බීරාන්තය කල තැනෙ(මේ පදය තේරෙන්නේ නැත. අකුරු පැහැදිලි නැත) 


යන්ඩ පල කියමිනේ ගා නාද දෙසමිනේ 
මිනී කඳ ඇරගනේ වාසලට   වඩිමිනේ

දේවතා මෙලෙසිනේ මුනිරජුන් දකිමිනේ 
වෙවුලමින් බය උනේ බිම වැටුණි එම දිනේ 

මිනී කඳ පෙරලුනේ යකුනි තො මක් නිසා 
සිටි අස්න උණු උනේ මේ නුවර නැසී දැනී

කියා වදහල තැනෙ පිළිගනිම් කියයි දැන් 
යක්ෂයා සැලකලේ තියා අවවාදයෙන් 

මගේ මෑණියෝ දැන් මුනි රජුන් වදාළේ 
නොවදේ  මැරුවාට දේවතාවො තගේ

එක  ප්‍රනෙට    මෙසේ  අමු සොහොනේදී  එවර 
දෙදසක් නසා පි මල ශරීරය ක කා 

මෙනුවර  සා පී  ලොකු උනේ තො  යකා  
තො උපන් මේ නුවර තව උරුම අමු සොහොන 

යන්ඩ  පල තො යකා වෙහෙස කල එම දිනේ 
කියා මුනි වදාළේ මුනි රජුන් එම           දිනේ

ගගා දේ දෙසමිනේ ඊශ්වරයිනි මෙසේ 
අනදර  අදිමිනේ මාලිගා ගොවලනේ

උවදුරුද ඇර  මෙසේ අටමගල අදිමිනේ  
කියා මුනි වදහළේ ත්‍රි නුලන් අදිමිනේ 

ඊශ්වර  එම දිනේ රජ බිසව් සිටුවමින් 
නීල හොරු ගෙනනිනේ වසා දුන් ගස්වමින් 

දෙවනුව දසුවද පැන්  තුන්වනුව කුමරියනුත් 
සොළොස් කලයත්   ගෙන්ව  ගෙන්වා නොවිලසින් 

පිරිත් දේශනා කොට හවස  ද   මෙලෙසින්
ඉනේ වක්කර සොඳට දහ  අට ද සුස ගෙනේ 

දියකරති මෙලෙසිනේ සිවුරු සඟගුන් මෙසේ 
ඉසේ නරසකගේ  නූල් විසි අට පොටක් 

අවුසදය ගල් වමින් සිරඩුවට  අඹරමින් 
කයට දී නොවලසියේ ගැට තිසක් ගැට ගසා 

මන්ත්‍ර ගැට අසු කරා දුරු කරපු හොදයනේ 
සන්නි දොස වින කරා  සිසිලස උනි දිය ලෙසේ  

මෙහි එන සමහර වචන පුස්කොල පොතේ පැහැදිලි නැත. යම් අඩුපාඩුවක් ඇත්නම් සමාවන්න. 













2 comments:

  1. mul tika ko?sasiri bara mesiri laka tika ko?

    ReplyDelete
    Replies
    1. තිබුන ටික තමයි ලියාගෙන ආවේ ..සමහරවිට කොළ අඩු ඇති ..කවි කොපමණ අඩුද ?

      Delete