2)දඹදිව මේ සිරිලංකා ,සුබ කන්ද කන්ද කුමරු දැකා
නිබඳ රම් රජුගේ සිරි ලංකා ,ලැබුණි රම රජුට සිරි ලංකා
3)නමෝ මුනි සරණේ ,ලොවුතුරු මුනිදු සරණේ
ගම්නි සංඝ සරණේ, සඳුන් කුමරිදු මේ ඔබ සරණේ
4)අන්ජන වන් කේශ ධාතු සිඳ දුන් රන් කඩුව සොඳුරු
රංජන තෙද බලයෙන් ලැබ කදිරමලේ කන්දේ නුදුරු
වින්දන සිරි සැපට තෙදින් බින්දිනි දසත දෙස අඳුරු
චන්දන කුමරුට තෙදබල දුන්නේ ඒ කන්ද කුමරු
5)ඒ දුන් දාන භාර ලේකනාදී දෙවනාරේ
සඳුන් මලෙනි උපන් මේ ඔබ කන්ද දේව බාරේ
මුදුන් තිලක යක්ෂසේනවී කැවිචි මන්තර ප්‍රවාරේ
සඳුන් කුමරු දෙවි උතුමාගේ රූප අලංකාරේ
6)බඳිමින් දිවි සම් මතුපිට ආවුද ජම්ජාඩි වටට
සදමින් බැඳ දෙවුර ලමැද ඔපලා සඳුනෙන් සහතුට
දමමින් තවදන් කරවට පිටට හෙළ හදපලු වට
වදිමින් යක් සෙන් බින්දුව හරිමි කවිචි මන්තර මතුට
7)ගිගිරි නාද වංගු හළඹ රිදී බැඳී වේවැල ගෙන
ගසන භේරි ක්රට ක්රට දිමි තොඟු තේ තෛසරමින් යන
කියන භේද කවි රගන කල එලි මණ්ඩපයට ඔබින
මෙහෙම කවුද වෙන දෙවියෙක් සඳුන් කුමරු දෙවි මිස වෙන
8)කතරගමට කිරි වෙහෙරට තේවාවට බැල්ම හෙලා
රණ මොනරට අලි ඇතාට උඩ මඩමට බැල්ම හෙලා
කදිරමලේ රන් විමනට රන් කඩුවට බැ මුරකරලා
මේ ලක්සනෙන් සේනක වඩිති කන්ඳාවේ ඉඩම බලා
9)පළමුව කදිර පුර වැද සිටගෙන අල්ලී මදන් කරවා ........සේ .
දෙවනුව කෝවිල් සිරිලංකා උවදුරු හරිනට යක්සෙන් භාරව ලෙසේ
තුන් වෙනුව කෝවිල් ඉදන් මදන් යකුන්ද වැද බට දෙවති ලෙසේ
මෙවනු මේ තෙද බල ලැබී මෙපුර වැඩ ඔබ තෙද බලා .............සේ

සැරදේවා! ස්වර්ණා රටේරාළ සොයුරියනි. මම වසර කීපයකට ඉහතදී මෙම බ්ලොග් අඩවියට නිතර පිවිසී ලිපි ලේඛණාදිය බොහොමයක් පිටපත් කරගනු ලැබුවා. පසුව මගේ පරිගණකය දෝෂසහගත වීමනිසා නව පරිගණකයකට යාමහේතුවෙන් එමදත්ත නැතිවී ඔබගේ බ්ලොගයට පිවිසීමටද නොහැකිව ( u r l එක අමතක නිසා) කලක් ගතවී ඊයේ නැවත සොයාගත්තා.එමකාලය තුල ඔබද බ්ලොගයට අලුතෙන් මොනවත් එකතුකර නැතිබවයි පෙනෙන්න තියෙන්නේ. ඉතින් කොහොමද ඔබගේ සුවදුක්. තවම විදේශ ගතවද ඉන්නේ.ලංකාවට ආවාද?. ඔබගේ බ්ලොග්එක පෙරමෙන් සක්රීයව පවත්වාගෙන යාමට අවශ්ය ශක්තිය දිරිය ලැබේවා ! . ලංඩන් පුස්තකාලයේ තිබෙන අපෙන් ගෙනගිය ලිපිලේඛණ අපගේ දෑස්වලට දැකබලාගැනීමට අවස්ථාව සළසාදීම පිලිබදව ඔබතුමියට බොහෝම පින්සිදුවෙනවා.ඒවගේම අපගේ බලවත් ස්තුතියද පුදකරන්න ඕනෙ අපරටේ සියලුදෙනා වෙනුවෙන්. සුවපත් වේවා!. ආදරෙයි හැයදාමත්.
ReplyDeleteReply