Saturday, 20 October 2018

බෝ මැඩ අලංකාරය -BO MADA ALANKARAYA - එදා හෙළදිව

මේ පොත  1741 දී  ලියන ලද්දක් . ..මෙහි බොහෝ සත්‍ය  තොරතුරු  ගැබ්වෙලා තියෙනවා ..බොහොම  වටිනා  කාව්‍ය සංග්‍රහයක් ..කවි කර ලියු ඒ මහතාට අපි කරගත්තවු සියලු පුණ්‍ය කර්ම අනුමෝදන් කරමු. එබලෙන් කලණ  මිතුරන් අතර ඉපදී නිවන් මග පූර්ණය කරගත්වා යැයි අධිෂ්ඨානය  කරමු !!!

1)පුන්    සඳ  ලෙස බැබලි වැඩහිඳ බෝ සෙව     නේ  
  මන්මද බීද  මරුගෙ  දස පෙරුමන් බලි            නේ 
  ඉන්   වෙද පසු  අරුණු නැගී  සමගි බුදුඋ          නේ
  පෙන්  බැද නම කරමි ඒ  බුදුරජ නීති                නේ 

2)පිරිනෙක රුවන්  ඇති  මහ  සයුර එකලේ       සේ 
   පිරි ගුණ  රුවන් ඇති මුනි සයුර  එමලෙ          සේ 
   පිරි  දමු   රු  න් වැලිවිට  පවුරු  ඇති  රැ          සේ
   පිරි සිදු    රුවන්  වඳිනෙමි බුදු සයුර  මේ         සේ 

3)පිරි වරණ    ලද  නුබ  කුස තරු ලේසි             නා
   පිරි දිලෙනා ලද  දෙපොදින  සඳ  ලෙසි           නා
   පිරි වරණ    ලද මහ සඟ ගණ  වීසි                  නා
   පිරි සිදිනා    ලද  බව ඇති මුනි වැඳ                 නා

4)දුටු දන තද කුරිරු මිස දුටු කම්බීන්                  දා
   ඉටුදෙන  අම වැසි  වෙනි බව ගිම් සින්            දා
   දෙටුවන බුදුරජුට දම් රද කම්දුන්                     දා
   තුටු මන  වඩා නම දීම් සිරි දම් කන්                දා

5)පිරි මන කමල සිසිලැති  මෙන් දිය මියු           රු
   රිවිකුල පවර මුනි සිකපද  මුදුන දැ                  රු 
   ඉරියව් කළසතර සිතවට නෙත් නිත               රු 
   ඇරීඅට පුඟුල සවු සඟ වදිමි කරග                   රු 

 6)සක කිරි ලෙස තෙකල් පිරිසිදු තුනු රුව         නා 
    සැක නොකර මන මදිමි මගෙ තුන් දොරි       නා 
    නෙක බුදු ගුණ කියනෙමි එම පින් කමි          නා
    මොක්සිරි ලබමි බුදුබව  බෝ මැඩ හිඳ           නා

7)නෙතක් ලෙසින් මුනිදුන් සිතමි  නැ                රෙ 
   සෙතක්  පතමි බෝ පැති දහම බා                   රෙ
   නැතක් මෙතන බුදුගුණ කියන වා                   රෙ
   පොතක් කරමි බෝ මුනි අලංකා                     රෙ

8)කව්මඳ විලසට රිවිමය අලංකා                       රෙ
    පව් මඳ කම මසත හට  අලංකා                       රෙ
   කව් බැඳ කීම් සුගතිදුගෙ අලංකා                     රෙ
   සිව් පද කියමි බෝ මුනි අලංකා                      රෙ

9)රැලපෙල  ගිගුම සයුරෙහි  අලංකා                  රෙ
   බල   දල   යුවල ගිජිදුගෙ අලංකා                   රෙ
   පලහෙල කුසුම වනයෙහි  අලංකා                  රෙ
   කොලහල  නොකර අස මේ අලංකා               රෙ

10)දැනට මම ඉගෙණ ගෙණ තවනො විමී තො  රෙ
     නැනට දැනෙන පමණින් කියනෙමි  මෙව     රෙ
     පිනට යොමු කරණ ලෙස සිතු එකඟ ක         රෙ
     කණට මිහිරිමය බුදුගුණ අස මිතු                   රෙ

11)නෙතට අලංකාරය බුදුගුණ බැලී                   මා
     කණට  අලංකාරය බුදුගුණ ඇසී                    මා
     මුවට  අලංකාරය  බුදුගුණ කී                        මා 
     හිතට අලංකාරය බුදුගුණ සිතී                       මා 

12 )බඹ පිරිසට බඹුරජු  අලංකා                         රේ 
      සුර පිරිසට සුර රජු අලංකා                          රේ 
      තරු පිරිසට සිසිරජු අලංකා                         රේ 
      අට පිරිසට මුනි රජු අලංකා                         රේ 

13)රිවි දිව රජුට දාවල අලංකා                          රේ 
     සඳු දිව රජුට රෑමය    අලංකා                        රේ
     ලොව අගරජුට රජදම අලංකා                      රේ 
     මෙම  මුනිරජුට බුදුගුණාලංකා                      රේ

14) කියා නිම නොවෙයි බුදුගුණ    අලංකා         රේ 
      සොයා මුනි වැඩිය එමගුණ අලංකා              රේ
       ගියා ලෙස කියමි දුර සිට අලංකා                රේ
       කියා ගුණ වඳිමි  බෝ මැඩ  අලංකා            රේ  

15)මදුරු  තුඩින්  මහමේර නොම වීදිය    හැ      කී 
     කොඳුරු තටින් දෙව්කුස නොම වැසිය  හැ    කී
     ගැඹුරු මුදින් බැස  පරතෙරනොගිය      හැ    කී
     ගැඹුරු  එමෙන් බුදුගුණ නොම සිතිය     හැ   කී 

16)ගුණ පිරු  නැර සමතිස කුළුනෙන්ලොව       ට 
     පිරිවරු රැස්ව සිටි බඹ සුරසෙන්   සතු            ට
     සිඳ හැරු මේ  බවය මතු නැන වෙත්ම කො   ට 
     බුදුවරු බෝ මැඩ  දී රජ උනේ තුන්  ලොව    ට 

17)බුදුකුරු දහම් පිරු හැම බෝසතුන්ට              ම 
     බුදුබව තෙකල් ලැබීමට බෝ  මැඩ  නිය        ම 
     බුදුබණ තතු ලෙසම දැන  කියම නීතිය          ම 
     බුදුසිරි  පතමි මතු ගොස් බෝමැඩ වැඳ          ම

18)ගිරියුත්  නිතර පිරිසැති   හිමමඩ                   ල 
     නිරිදොත් සිරිවිඳින ඇතනෙක  පුර මඩ         ල
     පිරිසත්  වසන නිම නැත එහි මඩ                  ල
     සිරිමත්  එදඹදිව  මැද මහ බෝ  මඩ              ල 

19)සුරිදොත් රුති වඩන ඇත හිම රඟ මඩ          ල 
     කිවිදොත් ගුණවණන ඇත පුර සිරිමඩ           ල 
     දුරිණත් හමනසන ජය මහ  රණ මඩ             ල
     සිරිදෙත් වදිමි මේ ලක මහිද බෝ  මඩ          ල  

20 )ගලගලා  මුහුද කරදිය එක එලි                   යේ 
      පෙල පෙලා  යනෙන ඇලිදිය  රැල කැලි      යේ
      බලබලා බෝ මැඩ  වදිනට යන ලෙසි          යේ
      පුලපුලා සිටිමි රට දුරි කොයි සැටි                යේ

21 )රුදුරු නොයෙක් උවදුරු නපුරුවන බැ        සේ 
      ගොදුරු කකා  තැනි තනි යන සකු නකු       සේ 
      විදුරු ඒ ආසනබෝ රජු වදින ලෙ                සේ
      එදුරු රටේ තනිම ගයනු බැරිය එ                 සේ 

22)පෙර සිට වදිති මේ මොනරුද හිරු                ට 
     ගිරසිර ඉඳ සේවය කරති මොනව                  ට  
     දුර සිට එමෙන් වැඳ ආදරම   කො                 ට
     මෙරස  කියම්    සිව්පද මහබෝමැඩ              ට  

23 )පස්මාරාබීද ජයගෙන දුක් දුන්                      න  
      පස්ම කාමරස මුනිඳුගේ  හැර දුන්                න 
      දුස්සාරා  දුක් හැර මොක් සිරි දුන්                 න 
     ගොස් ර බෝ රජුගේ වෙත සිට වැඳපන්        න   

24 )කායවාක් දෙක මෙතනම නැවතී                 ය  
      බෝයයමක් උනුලෙස සිත එලඹී                 ය
      ආයසක් කියන ලෙස සිත නැතිවී                 ය 
      හීයපාත්  වීමට සිත  එලඹී                           ය 

25 )බන    බලා ලදරුකාලේම සිත බැඳු             නා
      නොව මුලා වෙතට බෝ මැඩ යනලෙසි       නා
      ඉද      බලා මෙලක දීම ආයුස ගෙවු            නා
      උද    කලා  මෙමගෙසිත පමණේකීයනෙ    නා

26)බුදු  රු    ව බන බලා දැකිණටම  හැකිලෙ    සේ 
     මෙදුරු රටම සිටින් තනිකර එක විල             සේ 
     නුදු  රු   ව එම බෝමැඩ වෙතට  ගිය ලෙ      සේ 
     සොඳුරු   වගුණ කියා වදිනෙමි දුටුසේ ඇ      සේ

27)මෙර    එක්ලස්ස අට සැට දහසකි උස          යා
     බෙරඇස ලෙස්ස  දෙමුනත එක සමනවී        යා 
      දුරදිය       ඔස්‌ස සිව් අසුදහසකි ගැලි            යා
      මෙරඑපමණ උස්ව   ජලයෙන් උඩ නැගි      යා

28)මෙර  මුදුනේ සුරිඳුගේ තව්තිස පුර               යා
      එමතු තැනේවෙන වෙන සුර බඹ තල          යා 
      අසුරන්නේ පුර මෙර යට මැවී සිටි               යා 
      ගිරිමුදුනේ යුගදුරු රිවිසඳු    සිටි                   යා 

29)පිනලා සිරි විඳින  සක්රජ කර සැක              යා 
     පැනලා එන අසුර සෙන් වලකන   ලෙස       යා
     ගැණලා සතර සෙනඟක් මෙර මැද ලැවී        යා 
     මුනලා සතර දිග සිව් වරරදු සිටි                    යා 

30 )එමෙරට  පෙරදීගෙහි දිවයින විදෙහ             යා
      අවරට දිවයිනකි ගෝයානය සැදි                  යා 
      උතුරට කප්රුක ඇති කුරු දිවයින                යා 
      සතරට ඒ දිවයින් උතුරේ මෙර සිටි               යා 

31 )සයුරේ මැද  පිහිටියා මහහිමගිර                   යා 
      සයුරේ මෙරවටම සත්කුල  ගිරි වල              යා 
      සයුරේ කෙලවරට සක්වල ගල් වැටි             යා
      සයුරේ  එම  මෙරට දකුනෙන්  දඹදිව           යා

32) සියයෙකි යොදුන් දඹරුක මුල  සිට උස       යා 
      පනසෙකි යොදුන් එක එක සාඛා පස           යා 
      තෙසියෙකි යොදුන් සාඛා මඩල  වට            යා 
      මෙලෙසෙකි  යොදුන් පසලෝස්   කඳ ඇති  යා

33)සිව්සාකා   අගසතර දිගසිටි එක ලෙස           ට
     සිවු ගංගා මැවුනිසුර ගංගා  ලෙස                  ට 
     ලෙවු මේ කල්පයෙහි එන පැවත  පෙර සි      ට 
     කිවූ මේ  දඹරුකේ  නම  එම දඹදිව               ට    

 34 )දස දහසක් යොදුන් දඹදිව නියම  උ            නා
        තුන් දහසක් යොදුන් මහ හිමයට  අරු        ණා 
        සිව් දහසක් යොදුන් ඉන් සයුරට  අරු         ණා
        තුන් දහසක් යොදුන් දැන්  ඉතිරව   තිබෙ   ණා   

35)තුන් දහසකි යොදුන් අවටින් විස්තර             යා
      පන් සියයකි යොදුන් උස  ඒ  හිම ගිර          යා
      නන් විසිතුරු උයන් වල දෙවියන්  ඇර        යා 
      අන් කවුරුන් වසනෙද දෙවියන් හැර           යා 

36) රන් කඳවැනි දිවඟන සුර  ගඟ කෙළෙ         ති 
      රන්ගිරි මුදුනෙහි රඟ බැදනිති   නට             ති
      රන්මිනි මුතු අනැඟි කොපමණදනිම නැ      ති
      රන්විමනෙහි තැනි තැන  දිවසිරි විදි             ති 

37)අලානේ නොකන්  රඹ උක්බිද කමි              නේ 
     ගිලානේ මහත් ගිම්කල  විඳවන                    නේ
     ඉසානේ  සදත් විල්තෙර  නුඟසෙව               නේ
     මුලානේ සදැත්  ගජ  රැල ඇත සිටි                නේ 

38)එම විලවට  නිතර දිවමය උයන් ඇ              ති 
     හැම කල එකලෙසම පල කුසුම තුරු ඇ        ති
     නිමකර උයන් පිලිවෙල  කියනු සිහි නැ        ති 
     නම පමනක්  උයන්  ගනනෙකි  සිහිය  ඇ     ති

39)යොදුන  යොදුන මුන්වන මැකරල්  ව          නේ 
     යොදුන  යොදුන  කැකිරිද තියඹරා  ව           නේ 
     යොදුන යොදුන කොමඩුද ලබු   පුසුල් ව      නේ 
     යොදුන යොදුන    උක්වනයද   කෙසෙල් ව  නේ 

40 )යොදුන කි සිනිඹලා  වන අඹ වන යෙදු        නා
      යොදුන  කි පොල්වනය කොස්වනයද  යොදුනා 
      යොදුන  කි උන වනය රත්හැල්වන   යොදු   නා
      යොදුන  කි  හැම  දෙයින් එක් වනයෙක් සැදුනා 

41)එපසෙකි  යොදුන් පස් පියුමන් ගැවසි තැ      නා 
     දොළසකි  යොදුන් විල මැදපැදිදි  යම           නා 
     පණසෙකි  යොදුන් විලවට  උස   ඒ  පම       නා 
     මෙලෙසෙකි පිටින් විලවට සැදැත් ගිරිර        නා

42 )සිංහයෝ  වෙසෙති මිණිලෙන් තුලේ            යා 
      හංසයෝ වෙසෙති චිත්කුළු තලේ                 යා 
      අස්වයෝ වෙසෙති සයුමෙනි රැලේ              යා
      හස්තියෝ  වෙසෙති එවන දසකුලේ             යා

43)වඳුරු ද පැනය  නෙගිරි තුරු නොවිය  තො   රේ
     කිඳුරුද බැස එවන නද දෙන්නෙක මියු         රේ
     දැදුරුද   ගිරි අතර  මදපවනැති   සිසි             රේ 
     විදුරුද   රිදී ගැබ විසි සිහරද    කෙස              රේ 

44)තිත් මුව ගවරැලද කගවෙසනුත් වස                නා
     ඇත්කඳ ලිහිනිද සෙමරුද සක්වාලිහිණිය        නා 
     නෙත්පිනවනලෙසදකෙසෙල්මුවෝමුළුරැලසිටිනා
     සිත් කළු  කොවුලෝද රන්මොනරුද ඇත වස නා  

45)සැලඋල වැසි ලිහිණියොද ගිජු ලිහිණියෙ      නා 
     වල පොලඹන බල පමණෙහි ගිගුම යෙ        නා
     රැල පත රැති  ඇලිදොල නෙහි  ගිගුම  යෙ     නා 
     පල බර නෙක තුරු ලියයෙන් යුති මෙව        නා 

46 )මොනවට පිරිදිය අතිවිල අනෝතත්             තේ
      විලවට රිදීපව්රෙකි  දිලිසෙන නිත්               තේ
      විලවට  එමේ ගල් පසකුදු  ඇතනිත්             තේ
      එකවට නික්මුණිය  සිවුගඟ සිවු පැත්            තේ 

47)පණස්  පණස්  යොදුනෙකි විල උස දව          ට
      වෙනස් වෙනස්වම සිවුගඟ එතුන් වි              ට
      වෙනස් වෙනස් කොට සිවු සස්දෙසු  ලෙස    ට
      වෙනස් වෙනස් වම විලවට කැරකි සි            ට

48)අවර  උතුර පෙරදිග ගඟ තුන එදි                  නා
     ඉවර කොටම සයුරට ගිය එම දිගි                  නා 
     කතර හිමය පසුකර දකුණු ගඟ  එ                 නා
     එවර  බෙදුනි ගඟ  පස දඹදිවට  එ                 නා

49)ගිරිකුළු  සිවුඅසු දහසකි පිරිවර                      යා
     පිරිසිදු දිය පිරුණු විල් හතකින් හෙබි             යා 
     සිරිසැප  විදීමට දිවසෙන් පිරී සිටි                   යා 
     බැරි නිමකර කීම මහ  හිම විස්තර                 යා 

50)අතුරේ ගිරිතුරට රිවිරැස්  මදම වී                    යා 
     නිතුරේ එක ලෙසට සිසිලෙස දැඩිමවි            යා
     වතුරේ ගැලී ලෙසට පිනිමය තුරු හිස            යා 
     උතුරේ  දඹදිවට හිමපරුවත සිටි                    යා

51)නැවු බැසයනෙන තැනි  තැන ඇත ගඟ මඩ   
     සිවු කුල දන ගෙවෙන  වෙන  ඇත වෙල් මඩ ල
     කවු බැඳ නටන  ගම ගම ඇත  රඟමඩ           ල
     සවුසිරි  සපුණු දඹදිව දිවපුර අඩ                    ල 

52)සොලසෙකි මහජනපද වල්   බෙදු                යේ
     පණසෙ   කි    රුවන් ආකර  සය  මැවි          යේ
     දහසෙ    කි     අනුදෝන   මුකයන්   මැවී සිටයේ   
     සකෙලෙකි  අනූ පටුනුද  ගම්  සැදි                 යේ  

53)සුවඳ  විහිද ගෙතුමල්දම්  ගෙලේ ගෙ            ලේ
     පැළඳ වෙසෙති අබරණ සහ  කුලේ කු          ලේ 
     නිබඳ  වෙලඳු සදතිය මල් පිලේ  ස               ලේ
     කිමඳ  බැරිය සිරි දඹදිව් තලේ  තු                 ලේ  

54)විපුල් සැවි පෙලක්  වින්දමයුතු ඇතිය රැ        සේ 
     විසල් පුරෙක් නම් විසිතුරු පසකි තෝ           සේ
     ගඟුල්  නොයෙක් තැන්වල යයි සයුර  බැ       සේ  
     මගුල් ගෙයක්  මෙන් සැදිඒ දඹදිව මෙ           සේ 

55)සවු දිවයිනෙන් වැඩි දඹදිව මිහි මඬ              ල
     කිව් නැනව තුන් පෙර සලකුණු තුන් මඬ       ල
     සවු බුදුවරුන්  උපදනේ මැදමය මඬ              ල 
     මෙවු සලකුණෙන් මැඳමණ්ඩලේම  බෝ මඬල.

56)සතර  අසූ දහසෙකි දඹදිව  පුර                      යා
     නිතර  පන් තිසකි මැද  දෙසේ   මහපුර          යා
     පතර කර ඒ පන්තිස් පුරයද නොකි                යා
     විතර කර කීම කල් නොයවනු සැටි               යා  
              
57)පෙරදිග පුර  සතකි ගිනිකොන පර සය         කි
     යමදිග   පුර සතකි වරුණෙහි පුර අට            කි 
     තුරු දිග පුර සතකි මහබෝමැඩට  මෙ          කි
     මෙම දිගපුර මෙතෙකි වට සිටි පන්ති ස        කි 

58)සතර  දිගද ගිනිකොන එම පුර සිටි               යා
     අතර   ඒ පසුකර ගිය තැන වන  වැටි            යා 
     නිතර  ඒ දඹදිව මැද නැබමෙන්  සිටි             යා
     කතර  බෝ මැඩට වන රුව අසතුටි              යා

59)පාරේ සල් වැසී වන සහ වැලිමඩ                  ල 
     කිරේ නිල් තරා ගඟ අස බෝ මඩ                 ල 
     වාරේ  මල් පිපීවට සැදි  වන මඩ                   ල
     නරේ  වල් කියමි එහි රුව නොව අඩ            ල 

60)කදුරුද  කිරි ආර නුග ඩේඹරද සොර             ද
     පඟුරුද පළුවීර කරඹද දඹ  කර                      ඳ
     ඉඟුරුද දෙව්දා  රළු නුවර    ණද   පර             ද 
     පඳුරුද   උන මාර තුරු තරනද මොර             ද 

61)අඹ කිනිහිරි කිහිරි කිරිපළු අන් කැන්             ද 
     දොඹ සපු මීපනා රෑණ  දබුකැන්                    ද 
     නිඹ  සිනිඹලා කැල දෝතුළු උල් කැන්          ද 
     දඹ දමුනුද මොර කිනද එරහැන්                    ද 

62)සලල සල්ප ලොල ඇසලද මිදෙල  දෙ          ල 
     පුලිල මල  නිමල හොපළුද    පළු  බහු           ල
     දිඹුල කටු කිතුල මිලිලද කෙහෙල කැ           ල 
     විසල හෙල මලැති කොබෝලීල පළුවැ         ල 

63) මඩිතිය තිඹිරිය කොකටිය ඊරිය                   යා
      මඳුලිය කිරිඳිය කිහිරිය මීරිය                        යා  
      ගෙදලිය  නාලිය කැලිය කිහිරිය                   යා  
      කදලිය ඔලිඳීය මෙමලිය නාරිය                   යා

64 )ඇලිදළු ඇතිලිය තුරුවෙලි  නිවලි                 යේ 
      විලිකුන් දඹ ඵල බිම එලි එලී                        යේ 
      ඇලි වැල වනතුරු හිස ගැලි  ගැලී                 යේ
      වැලි තුඩුවල මුව කොළු පෙලකෙලී              යේ 

65) වන    වන  බිබී පල බුදිනා  වනචර              යා
      තැනි  තැන සිසිල් මට පිරිසිදුවට ගිර            යා
      වෙන වෙන  දී දී අඩදෙන ගජදිවි ගොර        යා 
      තැනි   තැන  පිපී ගියමල්   ඇතිලිය තුර        යා

66)සිඹ සිඹ මුවින් මුවදෙන මුව මුලේ                යා
     නුඹ නුඹ පැන පැන එති එම වලේ                යා
     කුඹ කුඹ දල දල ඇති ගජ රැලේ                    යා
     පිඹ පිඹ  සුඟ සුඟ කති රඹ කැලේ                 යා

67)පුරවි කෙවිලි ගවරුද තුරගුද වස                    නා
     පරවි  රැලද වන සැවූලොද නිති නද               නා
     දුරවි  දුරවි  පැන  පැන යන සසක  යෙ          නා
     මෙරව ඵල වියද සහ වෙන උළුක යෙ           නා

68)ගිරා මොනර බඹරුන් සමගින් සකු               නා
     නුරා කරණ  රැව්  ගිගුමෙහි  කොලහලි          නා
     සරා පිහිටි නන්මල් පලරුක් පෙලි                 නා 
     පුරා  තැනක සිට සෑදී සිටිව   නෙකිම            නා  

69)රන් තොරනින් දෙවියෝ  සැරසුවෙ    නැද්    ද 
     රන්හස පෙල මෙන්   දිලිවට සුවිසුද්              ද 
     රන් මිණිබැඳී  දදපෙල නැඟූවේ නැද්             ද 
     රන්  බිම මුනිදුන්ගේ වේ ඒ වන මැද්             ද 

70)පුරනලද පෙරුම් ඇති හැම  මහ  පුරු             සේ 
     පරසිදු  බුදුබව ලබනා  එම දව                       සේ  
     පෙරසිට දව සෙනගමය බෝ මැඩ  සතො      යේ  
     සැරසුව එබීම වීදිය සුදරිසන  ලෙ                  සේ 

71)වන මැද වට කැඩපත  ලෙස තැනිමඩ           ල
     මන පිනවන  මුතු කැල වැනි  වැලිමඩ           ල
     වනගැබ  අග නැගුවෙනි බෝකැනිමඩ           ල
     තනකුදු කොඳ  නොමගට   ගණිබෝ මඩ      ල

72 )පැනනැංගා ඒ  වැලිමඳ   බෝ සමි                දු 
      රණ රංගා  රජකු නැඟූ  ජය දද සබ               ඳු
      මරබංගා කරමුනි සතිය නෙත පි                   දු
      මනරංගා කරන  වදිම්බෝ දුමි                      දු  

73 )උස  වැඩුණා සියත් රියනෙකි නියම  යෙ      නා 
      කඳ මැදිනා වක්  නැත ප  ණසෙකිරිය          නා 
      අතු බෙදුනා පසක්  දිග සතර ද මුදු                නා 
      වැඳ පුදනා නොයෙක් දිව සෙනගද නිති        නා

74)රිදී කඳට බඳු  පැවෙල පරුව යෙ                   නා
     නොදී සිටියමය බැරි පුදදන නෙති                 නා 
     වැඳීම සහ දිවිපුද කිරීමට නිති                        නා
     රිදී  දඬු මුනේ නැඟූ අනැගි දිලියෙ                 නා 

75)මුතු දැල් වලළු අග නිල්බෝ පත පැර            දු
     එමනිල් මොනරපිල් කලඹේක රෑසෙව් බ       දු  
     සුනිමල් එදි සිතුරු සැදිහිස පතෙක බ            දු
     ඉදුනිල්  මිනිසේ  සත වෙනි එබෝ දුමි           දු 

76)සද පහනේ දිලෙනා බෝතලේ                     යා 
     සොඳ අසනේ විදුරුය   බෝ  මුලෙ                යා
     මද පවනේ පත්තිනි චන්චලේ                       යා 
     අදහගණේ  සිරිමා බෝ බලේ                       යා 

77)පැන පැන එන මරසෙනගට  දිවි දෙස්           නා 
     දින දින වදිමි මහබෝ  සහ  විදුරස්                නා
     තැන තැන  නොසිට නිරතුරුමෙන්  හිරුබස්  නා 
     සැන  සැන කිවත් බැසයයි  මගෙ කිවි දොස්  නා

78)ගුණසිස් මරුබල බිඳුවන්ට  පෝස                 න 
     කිවි දොස් දුරු විජය බෝ ආනුබාවෙ              න
     මතුසිස් නොකරම වැඳී පිංකම බැති               න
     පැතු ලෙස් නෙත් සසරින් මිදෙමි මෙපිනි        න

79)සැම මර සෙනඟ බීද  ජයගෙණ   තර            ගේ 
      ඊම වැඩ හිදම බුදුඋනු  මුනි රජු                    ගේ
      දාම  සැම  වදිමු සසරින් නගින  ර                ගේ
      පේම  මෙදිය කඳ පිරි මෙමඟේ මනග          ගේ 

80) බැන්දා මෙ  කිවි පද මහබෝමැඩට  සො      දේ
      බින්දා මරසෙනඟ  බුදුවෙමි  එහි මහි            දේ  
      ඇන්දා සසල කුණුලෙස සුරිඳු  පෙර ස          දේ
      පන්දා සට වරුස පවතිනවාට සො                දේ 

81) කප  උපතේ පළමුකොට බෝමැඩ පැහැ      දී 
     එම විපතේ බිමනස්නේ  කෙලවර                 දී 
     තුන් සැපතේ ලොවට ගෙණදී රැකි නිබ         දී  
     බුදු සැපතේ අගය තව කියමි මේ ම               දී 

82)මන්හර නොහිමි බෝ විදුරාසන  දෙන          ම
     පුන් පෙරුමෙනි පැන නැඟී බෝමැඩ ජය බී   ම 
     අන් තැනකට කෙසඟ  කුදු කිසිවෙන් නොව  ම 
     තුන්කල සැම බුදුන්ටම එක තැන නිය           ම

83)බෝ තුරු විසිඅටද  අටවිසි බුදුවරු                 ද 
     සූවිසි  විවරණද තතු ලෙස බැරි කිම              ඳ 
     ඒ  ලෙසට නැතද මද ගුණ කීමෙන්  මෙස      ද
     සිවුපද බැඳ කිවද  ඒ මතු පතී ව                     ද

84)විපුල  සංසාර මෙපොලවෙහි  හට  ගෙ          ණා
     එකල  අපාදුක් රිවි කිරනෙන් තැවෙ              නා
     බහල  කෙලෙස්  රුක්මුලිනු පුටහරිමි            ණා
     නිමල ගුණැති තන්හන්කර  බුදුන්දි                නා 

85 )එක්සිත්වන සුරනර පිරිසෙන් නොමි            නී 
     දුක්පත්දන නැත එකලට මෙම දිගි                නි 
     මොක් පත්වුන වැඳ පුදකර දන අනු               නි 
     රුක් අත්තන  බෝතුර බුදුනට  සැදු               නි 
  
86)සුනෙර ලෙසින් නිස්චල ගුණ  ඇතිමුක         ළ
     බි දැර මරුන් තුන්ලොව යසපතලක             ළ
     සසර සතුන් බව කතරින් එතරක                  ළ  
     පවර එ මේදන්කර බුදුරජුන් ක                     ල 

87)මාල ගිරා තුඩු මෙනිවක් රත්මලි                   නා 
     නීල පතින් මුළු මිණි නිල්ගිර ලෙසි               නා 
     පෑල දිගින් නැගිවිදු රැස්නට වරු                   ණා
     කැල බෝදිරුක  බෝ මැඩපැන නැඟු           ණා

88 )නොදුන් නොපිරු පෙරුමන්සහ දනෙක්  නැත 
      පැදුන්  දිගට මුනලා හිදම බුදු වේ                 ත 
      මුදුන්  පැමිනි මන් දොලබුද බවින්  ඇ          ත
      බුදුන් කලට සරණංකර නමින් යු                 ත

89)උදුලවෙල  පරිදි කඳමෙන් පැහැතිහෙ           ල
     දුදුල හිරු ගෙන නැත මදවනින්  සිසි              ල 
     බහල සෙවන ඇත සාකාවල විස                   ල
     පුලිල බෝදිවිය මුනිදුට පිටිවහ                      ල  

90)සිත නදනා  ගුණ සිතු සිතු කල බැති              නා
      නෙත පිනනා ණාරුවදුටු විට නිති                නා
      දොත  මුදුනා තබමින් සිරි පද වැඳ                නා
      වෙත හිදනා  අසනා සොඳ මියුරු බ              නා 

91)සදුන්ගා සැරසි සිට බරණින් සැ                     මා 
     නදුන් උයන කෙළනා සුරසෙන් සේ              මා 
     පිදුන් නොයෙක් කරපින් කළ  සත බෝ        මා 
     බුදුන් කලදි දීපංකර ගුණ  මහි                      මා

92)සුනිල මේ කුලට බඳුනිල් පත් රැසි                 නේ
     අනිල පතව සාසිට සාකා බෙදු                      නේ 
     විපුල කප්රුකෙක්   ලෙස ලොවටත් සර       ණේ
     පුලිල බෝ රුකෙක්  මයි ඔබටත් සැදු            නේ

93)අකුසල්  නොහැර ආපෙර සිට කර          සුඤ්ඤා 
     ලොවැකළ පුදසිරි  ලබනට ඇත              පුඤ්ඤා 
     නොපැකිල  මෙතුන්ලොව පැතුරුණු මහ පඤ්ඤා
     දසබල දැරු  බුදුන්හට  ඒ           කොන්   ඩඤ්ඤ

94)දැක නිති මල් පිදුවහට වැඳනැත  දුකෙ          ක 
     නෙක සිරි කල් නොයවමින් ශපදෙන  අනෙ  ක 
     එකසුදු මල් වියන ලෙස දලිපිල් රැසෙ            ක
     රුක වදසල්කලන  ජයසිරි බෝ එව               ක 

95)කිරුලෙන් නමකරණ  බඹසුර  පදකම          ල 
     සිරුරෙන්  නැඟිඒ මනහර මහපබමඩ            ල 
     හිරුමෙන් කෙතජන්ම නිතරම එ කළු ක       ල
     එ රුවින් දිසි අසම සම සවන  මංග               ල  

96)වඩ මවනා නාපසුදිය නො වේම                   නා 
      කඩකර  එලෙසිනා නාගිනි නො වපති         නා
      සැඩලෙස මහවනා නානඟන මේ හි             නා 
      වැඩහිඳ බුදුඋනා  නාරුක  මුල සොබ           නා 

97)සුනෙර ගිරමෙනා වැඩහිඳ විදුරස්                  නා
     ඉවර නොමවනා මහ  පින් සේනිව                නා  
     පවර විකුමෙනා මර සෙනෙගෙහි  තිබෙ        නා
     බිදැර  මරසෙනා    මුනි සුමන  බුදු උ             නා 

98)උමනා කරදනා  නාසුර කමලස                    න
      නිවණ  පුරවනා නාලය තුනසයි                   න
      ගමන මගදනා නාරිය අටම ගෙ                    න
      සුමන මුනිදිනා   නාතුරු බෝදි උ                 නා  

99)දුලබය අබුදු පදකල නිවන් පුරසි                   ර                                         සුලබකර කවුරුදෙති බුදුවරුන් හැ                ර 
     මෙලබ කුසපැරවි  ගුණැති විසළු  තු              ර 
     හළබව  කෙලෙස් ඇති  රේවත මුනිව            ර                  

100)ඉඳ මේ මුනිතුමා බුදුවෙන දින  අසන්          නේ 
        විඳ මල් සුවඳ සමගින් එනමඳ පව              නේ 
        සිඳ කෙලෙසුන් නාතුරු වෙතදී බුදු උ         නේ 
        විඳ  රස  නිවන් පසු අට පිරිසට ලැබූ           නේ 

101)පවිටු මන් මතුන් ගේ මන්දල බින්               දු 
       කුළුනෙන් කතුන්ගේ මනමන්දිර රැන්         දු 
       ගැළුනු සවුසතුන් බව සයුරෙන් කැන්          දු 
       තිලෝගුරු   උතුම් සෝබිත එමුනින්            දු 

102)වැඳපුදනා  නාසුර  බඹ පිරි වරි                    ණා 
       පෙර පිරුණා නාපෙරු  මෙහි  පලලද           නා
       සිඳ හැරණා නාකෙල සුන්  එම අරු             ණා
       වැඩ හිඳිනා නාතුර වෙත දිබුදු උ                  නා 

103)සසරට ගැතිකරණ සව්කෙලෙසුන් නැස්      සී 
        සයුරට බඳු ගැඹුර ලොව්තුරු  ගුණ රැස්       සී 
        එතරට බවසයුරේ සුදනන් කර රැප්             සී 
        තෙවරට පිරිනිවන් පෑඅනොම දස්               සී 

104)කුපිත නාදයෙන් පුදනාවක ගවු                   රු 
       රෝදිත කර රොන්ගෙණ යත් නෝබම        රු
       ජීවිත පමනින්ලොව පුඳ සිරිත් කෙ              රු
      පූජිත ලදින් ඔබගෙන් සුළු කුඹුක් තු              රු

105)නිදුකින් වසන බඹරද දුන්නු පියක              රු 
       බඳු වද මල්සේ  පැහැති සිවුරු   දැ               රු 
       විදුලිය කැල වැලඳී රන්මෙරවන් සිරු          රු 
       පදුම මුනිදුනාරායන බලය දැ                      රු  

106)කුටිලසි තැති ගොර වසවතු අවිරුගෙ          ණේ 
       ගැටිලසිටිය පිරිවර සහ පැරදි   තැ               නේ
       කුටිල නොව වැඩුණුවෙලපට පිට දෙමි        නේ 
       තොටිල දුමිදු වෙත හිඳ එමුනි  බුදු උ            නේ 

107)නීරජපාප පිරි සවුකල ලවනක                    ර 
       නාරතිනී සගිගුමෙන් නොමවන අතු            ර 
       තීරට මේ වැඩිය බවසයුරෙන්   එත             ර 
       නාරද සාරගුණ  ඇති මුනි රජු පව                ර 

108)මහරු තොටිල වෙතදී බුදුව ලැබ මො         ක 
       ගැහීසිටිය ලොවසත මෝහ දුර දැ               ක
       බහී කරණලෙස ඒ අදුරු නොව සැ             ක
       මෙහී නැගුය තිලොවට දම් පහන් රු           ක 

109 )කෙලෙසතුරා නසනා දින මල් පිපු             නා 
        වැසි වතුරා ලෙස කෙතජන්ම හැමතැ         නා
        එක මිතුරා වද සවුසතහට මෙති                 නා
        පියුමතුරා මුනි තුමහට අසලම                    නා 

110)පලල නැත වෙලපදුටුකල නෙත ටතු           ටී 
      පිල ල අතුපතර නැත මේ කුල කශ               ටී  
      කලල සදුන් ගල්වන පසඟුල්ම  කැ               ටී 
      සලල දුමිදු බෝ විය එමුනි පැපි                     ටී   

111)දුමේද දල ගැබ තුල දම් පහන්ල                   තී
       දුමේද මඩල තුලගුණ මිණි රුවන් ල            තී 
       නොමෙද සිල්සුවඳ ඉතිරි ගියයි නි                තී 
       සුමෙද  මුනිදු තුන්බුදු  කෙතට අදිප              තී 

112)හැක්මී කියා යුදයට  අමර සෙන                  ඟා  
       නික්මී ඔවුන් ආපසු ගිය නොවමල               ඟා 
       හික්මී කෙලෙස් සතුරන්  නොවන සේ  ල    ඟා
       බක්මී තුරෙක ලඟහිද බුදුව මනර                 ඟා

113)දෙකසිරිවරණ වෙත සුර  නරන මා             තා 
       නෙකසිරි තිලොව සතහට දෙන අනා          තා 
       ඒ සිරි කවුරු වෙනමුනි මිස  විනා                තා
       මොක සිරිසු  සෙවිඳී බුදුරජු  සුජා                 තා  
  
114)පිවිතුරු ලෙස  කරණ ලද පෙරු  මහපිනි      නා
       නිරතුරු දෙව්මිනිස්  කළපුද සිරිලබ              නා  
       ලොවුතුරු  ගුණ  ලැබුවේ මහබෝ මැඩහිඳ   නා 
       හූනතුරු බෝ සෙවන  බුදු  උනෙ  අරු         ණා

115)හිතතොස්සී වෙමින් විඳි සැප ලද නීව           නා
       වැසි වැස්සී දහම් රන් මිණිමුතු ලෙසි             නා 
       එක ලෙස්සී  සතුන්හට තුන්සැප  ලැබු          නා 
       පියදස්සී  බුදුන් කළ බෝ මතු කිය                නා  

116)නටමි  බෝ මැඩද පවුමතු නොවන ලෙ       සේ
       සෙටමි නිවන්  සිරි ලැබ එමමුනි  සතො       සේ 
       පිටදී වැඩඋන්නු  රුක බුදුවෙන  දවසේ        සේ 
          තුටවඩනා පුවඟු  බෝ දිය දනු මෙලෙ          සේ 

117) නැනවත්  සුරන් හට පරමත් ත් දෙස්           සී
       නැනවත්  දහම්  හට ගැබුරත් තදෙස්            සී 
       කැනවත්  සඟුන් හට  සිකරත් තරස්            සී 
       ගුණවත්  බුදුන් හට  එම අත්තදස්                සී 

118) දෙනතුරු නිවන් සිරි සතහට වැද පුද           නා 
        අනතුරු  උතුම් සුරනර සිරිම විඳ ව             නා 
        නිරතුරු  දනන් පිරිවරු කප්රුක  ලෙසි       නා 
        සපුතුරු  මෙවන් ජයතුරු බෝ සැදි මෙව    නා  

119)ගුරුකොට  දහම්  විසු නරදම්ම ඉස්             සී 
        තිකෙටත  දහම් වසිමනරම්ම  වැස්             සී  
        වැසිකොට  දහම් ගෙණ  බවගිම්ම   නැස්    සී
        තිලොවට දහම් රජමුනි දම්ම   දස්               සී  

120)දුරුකතරි න් සසර  මේ  එතර  වෙන තු       රු 
       පිරිනිතරි  න්  සමතිස පෙරුමන් නොහ       රු 
       තුරු අතරින් එකලට  බෝදිය  කොතු         රු   
       තුරු වෙත බෝ බුදු උනෙරත් කරවූග          රු

121) ......136)

  137)ගුණ සිල් රුවන් පිරිවැරු සයුරට  මෙර      ක 
          බවගිම් නිවන්නට නැගිමහමේගය            ක 
          මුළුලොව සතුන්හට සැපදෙන කප්රුකේ  ක 
          සදහම් කිරෙන් සවු සත නලවන  මවෙ     ක

138)දියැස සමා ලොව ගණ දුරු දුරුකර             නා 
        එකැස  සෙමා  සත තම සවු සත රකි          ණා
        අසම සමා බුදුරජු  කසුබු  බුදු උ                  නා 
        ප සැස තුමාහට  එම නුඟ බෝ දි උ            නා 

139)අබරණ ගුණදරණ අප  බෝසත  කුළුනි       න 
        අබමණ පුරසිරිද බඹසුර සිරිදෙමි                න 
        අසරණ ලොවට වන ලෙස බුදුවම සර        ණ
        විවරණ  නියත ලැබ දිවකුරු මුනිඳු දි          ණ  

140)දැක සූවිසි බුදුන් මෙලෙසින්  වරින්ව           ර 
       එක දෙක බැගින් ලැබ  විවරණ විසිහත       ර 
       එක තුන බැගින් පෙරුමන් පුරමින් නොහැ  ර
       එකඟව සිතින් සමතිස් මුදුන්     පත්ක         ර 

141)බෝසත් අත්බැවින්  වෙසෙතුරු සැව ඉප     දි 
       දෙවු සෙත් යුත් උතුම් තුසිපුර විසුඑ   සැ       දි
       සිවුවත් යුත් බඹුන් සුරවරු අයද  සැ             දි 
       සවුසත් පත් දුකින් ගලවන සිතම  බැ           දි
    
142)බලා පස්බැළුන්  කලනියම  දැනගෙ            ණා
       මුලා නොවී  සිහියෙන් චුතව තොසිතෙ        නා 
       ගලා එසිවු රඟසෙන් නිතරම සිටි                 නා 
       කොලා හලින් දසවිද සැබ්ද පවති                 නා 

143)රැකුමෙන් අවනව සල් පවුරු ඇ                  ති 
       ගණනින් මන්දිරද සිරියහන් නිමනැ            ති 
       දැකිමෙන් දෙවුපුරට මෙන් දන ලොල් කර  ති 
        දකුනෙන් බෝමැඩට සැදිපුර කිඹුල්ව         ති

144)පිරිවරණා නිතර රජසෙන් වෙමින් තො       සා

       රජකරණා එපුර සුදසුන්  රජුන් නි               සා 
       සිටිසරණා  ඔබට මායා දේවීකු                   සා
       ඉපද මණාබෝ සතු තුසිතයෙන් බැ             සා 

145)ලෙස තොසවඩන දේවිට පිටත පෙනී පෙ    නී 
       කුසවැස විදුරු  කරඩුව රන් පිළිමෙ මේ       නී 
       දසමස එකඩ පසුකර උයන ළුඹී                  නී 
       බැස වැස  බිසව  සිටිකල  කුමරු බිහිඋ        නී 

146)මෙලෙසින් උපන් එකුමරු මහත් පින් ඇති     තී 
       මෙමතුන්ලොවෙහි ඔබසරිවෙන කෙනෙක් නැතී 
       නිතරින් කිවත් හිමියස  ඉසුරු නිම නැ            තී
       මදකින්  කියමි මම මදකුත් නුවනනැ              තී 

147)වැඩුනා  පුර සඳලෙස  දින දින  කුම               රු                                       පිරුණා  සොලස  අවුරුදු එකල  පියක           රු  
       දිලෙනා රුසිරු  ඇති යසෝදර සරණ   කෙ     රු 
       විදිනා දෙදෙනාම  එක ලෙස රජ ඉසු              රු 

148)වයසින් එකුන් තිස් අවුරුදු පිරුණු  තැ            නා
        නියමින් උතුම් සක්විති සැප ඇර ලැබෙ         නා
        කුමරුන් උපන් කල රජගෙන් වැඩ එදි          නා       
        දෙවියන් බඹුන්කළ පුද විඳ පැවිදි උ              නා 

149)විද උරුවෙල් දනවුවෙහි   දුක සහවුරු            දු 
       ලද සත්වෙනි වරුස මස වෙසඟෙහි පසි          දු 
       ඉඳ  අජපල් නුඟ වෙත දෙපොදින  මුනි           දු 
       එදවස  කිරිබත පිළිගෙණ   පිදු සිටු                 දු

150)පැන් සනහා ගඟට වැඩ එන දිය රැල්            ලේ
       ගංතෙර එ නෙරන්ජන වැඩඉඳ  වැල්            ලේ 
       උන් පනසක් පිඩුවලදා  පිලි වෙල්                ලේ
       රන්තලියද හරිමින  උඩුගඟ එල්                  ලේ

151)දිවාවිහරණය  කර  ගඟ අසල්  වෙ              නේ
       මවා දිවසෙනඟ  සරසාළු  මගි                     නේ 
       සවාසන කෙලෙස් නසනට බිමට ර             නේ
       එවාරයෙහි එමඟ  වඩිමින් පැමිනි  තැ          නේ 
       
 152)වැඩ දකුණෙන් සිරිබෝවට  ඒ සඳි              නේ         
        පෙර එදිගින්  විදුරාසන පැන නැගු              නේ                                        වැඩ හිඳිමින් එම අසනේ මෙර ලෙසි           නේ 
        බිඳ මරසෙන් කෙලෙසුන් බුන්කර  අරු       ණේ
   
153)අනඟ දි  රදර  දහට කෙසරිදු   ලෙසි            නා 
       ගිරඟ   වොරැදි යුගදුරු  හිරුමෙනි තෙදි        නා
       මෙරඟ  වැජඹිය සසින  සුරරදු එ මෙ            නා 
       එඅග  රජය හැරිඅපෙ මුනිදු බුදු උ                 නා
        
154)පිරිසසමඟ  වසවතු පැරදුනි එදි                   නේ
       ගිරි මෙවුලා දෙදන බිම ඇන වැදපුදි            නේ
       ගිරි ආසනවිදුරු  විය තුදුසෙකි රිය               නේ  
       සිරි බෝදු මිඳු ඇසතුය අපෙ මිනිදු දි            නේ 

155)වැසා සත්සතිය  නිමිකල මුනි  එස               දී 
       දෙසා  දහම්සක වැඩ බරණැස් පුර                දී 
       අසා උන් පිරිසහට නිවනෙහි රස                  දී   
       පන්සාලිස් වරුසමෙලෙසට ලොව නිබ         දී 

156)වැඩසිටිමින් පිලිගෙණදෙව්රම් වෙහෙ          ර
        පිරිවරමින්  පිරිවරපන්  සිය නිත                  ර 
        පුද විදිමින්  මහදන කරණා  නිත                 ර 
        බන දෙසමින් දෙවි මිනිසුන්හට  මියු            ර 

157)අසුසාර දහසකි  සයුරද  ගැඹු                       ර 
       දෙසු දහම් කඳ එපමණයි  නොහැ                ර 
        විසු එමේ අපේ මුනි ලොවට සෙත්ක          ර 
        අසු වරුසයෙහි  වැඩියා  නිවන් පු               ර 

158)අටමහ පිරිස් මැද දිලියෙන මනෝහ            ර                                         මට ගණසිනිදු දඹ රන් කඳසේරු  ස             ර 
       තොටමෙන සුපිරි සිදු සිල් කෙලෙස් මල හැ ර 
       සෙට වෙමි තව ගුණෙන් මතු මෙතේ  මුනුවර 

159) මෙතේ එමුනි  බුදුවෙන   දින අනාග          තේ
        වෙතෝ ඔබගේ වසවතු නොඑති බීය වෙ    තේ
        වෙතේ  එකල  බෝ උස එසිය වීසි හ         තේ
        වෙතේ එනාතුරු  වැඩ හිදම    බුදුවෙ         තේ

160)පියවි අදුරු දුරුකර  අළු කෙරෙති හි            රු 
       බුදු වී නසති ලොවදුක දුරු මෙමුනි හි           රු
       දුරුවි සතුනි බවයෙහි විසුවා නපු                  රු 
       තොරවි නොයව් ඇති කලැ   මෙ  මතු  බුදුව රු

161)පරණයි සතුනි සිටිකල සසර දුක් දැ             රු
       ගොරනයි විසට බඳු අකුසල් නොකර හ       රු
       මරමියි කිවද  අදහව් නොහැර  මුනිව           රු 
       සරණයි සසර  ඇතිතෙක්  අපට බුදුව           රු   

162)තුන්කල  මෙහි නොකි කිහැම බුදුවරු         ද 
       තුන්කල  ඒ බෝමැඩ ආසන  බෝතුරු        ද
       තුන්කල  මුනි දාතු සදහම් සඟවරු              ද 
       තුන්කල පැවති මේ හැම  වඳීනෙමි නිම       ඳ

163)කල් වැස්සේ  වස මුළු රට සුවිපුල්               ලේ 
       ගල් අස්  සේ නොව එකල ලෙස තැනිපල්    ලේ
       කල් තිස්සේ අඩනා මී ගව පොල්                 ලේ 
       වෙල් අස්සේ වැගම්පත්තුව  එල්                  ලේ  

164)බටහිර දිගින් සිටි දොර බෝද    කදුල්          ලේ
      වටකර  ගමින් සැදි වෙන  ගල්  ඔය එල්        ලේ  
      කොටසර පියන් ගළු වෙහෙරෙ හිමිතෙල්      ලේ 
      තුට කර  දනන් එහි විසු යති අඹ ගොල්         ලේ 
   
165)පෙන්නා  ලොවට බුදුගුණ මදකින් මෙවි      ට  
       දුන්නා   මෙපොත  කළපින් සවු සතුන්හ      ට
       මින්නා  සැකක්  නොව දැනගන්නා  ලෙස   ට  
       ගැන්නා  සිවුපද  ගණනින් පිල්වෙල            ට 

166)එකසිය නවසැටක් සිවුපද කීපිනෙ               නී
       නෙකලෙව් සැපත්විදිමින් මතුමුළු ලොවෙ    නී
       එකලෙස මෙත් සිතින් සමඟිව වැස  නීති      නී 
       දැක මතු බුදුන් නිවනට පැමිණෙමු  සතු        නී 

167)සිරිමත් සුගත් වරුසෙන් දෙදහස් පිරු          ණා
       තෙසියත් දෙසැටඅවුරුදු තවත් ගත  උ         නා 
       සැක නැත් පැමිනි වරුසෙහි නාග නම්ව       නා 
       මේ පොතත් කර නිමවී මහයති පෙමි           නා

168)සකවසිනෙතක්   දහස්  සත්සිය පිරීමේ       සේ 
        එක්සතලිස්  වරුසෙට පත් දුරුතු ම            සේ
        එකොලස්වක ලත් බුදදින පුර එම             සේ                                          නකතින් මුලේ නීමකළේ මේ පොත ගව රැසේ 

169)දකිමින්  බුදුවරුන්  ලැබ විවරණ නොහැ        ර 
       නුවනින් අගපැමින සමතිස පෙරුම්පු              ර 
       මෙපිනින් බුදුව බෝමැඩවිදුරසුන්  අ               ර 
       සසරින් මුදමි සවුසත නිවන් පුර පු                  ර 

170)දස පෙරුමන් පුරමින්ද,පස්මරු බල සිදිමින්ද,බුදුවූ ලොව  
       වසුගතින්ද,පිටදුන් මේකා              ලේ 
       ඇසතුරු බොසාමින්දා,වෙන වෙන සුගතිඳු කන්ද, පිටදුන්                         බොදිරජුන්ද,සිට තන්හන්  කර   කාලේ 
       දසනක සමොදනීන්ද,වැඳ වැඳ බොදි රජුන්ද,කරති බි පෙරදි                     කවින්ද,බෝමැඩ  වර්ණ ණා          ලේ 
       දස පස ශතදිමෙන්ද ,හරිමින තන්හා කන්ද,රැගෙන මෙපොත                   සුරතින්ද ,කියවනු  මහ රා              ලේ.
      
1741/01/11 ලියන ලද්දකි.

No comments:

Post a Comment